අද කාලෙ ගත්තම රස්සාවක් නොකරන, කාර්යබහුල ජීවිතයක් නැති කෙනෙක් නැති තරම්. ඉස්සරනම් පිරිමි පාර්ශ්වය රැකියා වලට යද්දි කාන්තාවන් ගෙදෙට්ට වෙලා හිටියට අද කාලෙ පිරිමි අය කරනව තරම්ම වැඩ කන්දරාවක් ගෑණු අයත් එලියට ගිහින් කරනවා.
ඉතින් මෙන්න මේ වගේ කාලෙක ආදරය සහ තමන්ගෙ සබඳතාවයන් හොඳින් පවත්වාගෙන යන්නත් විශේෂ අවධානයක් දෙන එක වැදගත් වෙනවා.
වැඩ සහ පෞද්ගලික ජීවිතය අතර හොඳ balance එකක් තැබීම අද කාලේ හැම කෙනෙකුටම ඉතා වැදගත් අභියෝගයක්. වෘත්තියමය ජීවිතයේ ඉලක්කයන් තබා ගැනීමත්, සාර්ථකත්වය ලැබීමත් වැදගත් වුණත්, ඒ අතර ඔබේ ආදර සම්බන්ධතාවයත් හොඳින් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය දෙයක් බව අපි හැමෝටම මතක තියෙන්න ඕන කාරණාවක්. වැඩේට වගේම, ආදරය, පවුලේ අය, සහ යාලුවන්ටත් සමාන අවධානයක් යොමු කිරීමෙන් ජීවිතය වඩා ලස්සන එකක් සහ සමබර එකක් වෙන බව අමතක කරන්න අපිට බෑ.
වඩා සාර්ථක සහ සතුටින් පිරුණු ජීවිතයක් ගොඩනැඟීමට පුළුවන් වෙන්නෙ එතකොට. වැඩ සහ පෞද්ගලික ජීවිතය අතර සාමකාමී balance එකක් තැබීමේ පියවර ගන්නා විට, සම්බන්ධතාවය ශක්තිමත් කරගන්නත්, ජීවිතේ විනෝදය අත්විඳින්නත් අවස්ථාව හිමිවෙනවා. ඉතින් අද ලිපියෙන් අපි ඔයාලට අරගෙන එන්නෙ “Work Life Balance එක අතරෙ ආදරේ පරිස්සම් කරගන්නෙ කොහොමද?” කියන එක.
කාලය කළමනාකරණය කිරීම, ජීවිතයේ ප්‍රමාණවත් සතුට සහ ශාන්තිය ලබා ගැනීමට වැදගත්ම අංගයක්. වැඩ සහ පෞද්ගලික ජීවිතය අතර යහපත් සම්බන්ධයක් තබා ගැනීමෙන්, ඔබගේ ආදර සබඳතාව සහ ප්‍රයෝජනවත් කාර්යභාරයන් අතර හොඳ balance එකක් ඇති කරගන්න පුළුවන්.
- සෘජුවම ප්‍රමුඛතා සැලසුම් කරගන්න
ඔබේ දිනයේ සෑම ක්‍රියාවක්ම එක් එක් ප්‍රමුඛතා යටතේ කාලයට නියම කිරීමෙන්, වැඩ සහ ආදරය අතරමැද balance එකක් තබා ගැනීම පහසු කරනවා. වැඩේ අවසානයට, පෙම්වතිය හෝ පෙම්වතා, පවුලේ අය හෝ ආදරණීයයන් සමඟ කාලයක් වෙන්කරගන්න. පරස්පර කටයුතු වලට වැදගත් කාලයක් වෙන්කරන්න. එකම වැඩේ සතියෙ හැම දවසක කරන්න තියාගන්න එපා.
උදාහරණයක් ලෙස: ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඔයාගේ ආදරණීයයන් එක්ක කතාබහ කරන්න, තනිවෙන්න, අදහස් හුවමාරු කරගන්න වෙලාවක් වෙන් කරගන්න. ඒ වෙලාව අතරවාරයේ වැඩ ගැන කරදර නොවී ආදරේ කරන අයට ප්‍රමුඛතාවය දෙන්න
- වැඩෙන් විවේකයක් ගන්න
ජීවිතයට වැඩ අත්‍යවශ්‍ය වුවත්, වැඩ පමණක් ජීවිතය විය යුතු නැහැ. වැඩෙන් විවේකයක් ලබා, පවුලේ අය සමඟ හෝ පෙම්වතා සමඟ කාලයක් ගත කිරීමෙන් ඔබගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න.
උදාහරණයක් ලෙස: කෝපි එකක් බොන්න එලියට යන එක, පොඩි ට්‍රිප් එක දාගන්න එක, ෆිල්ම් එකක් බලන්න යන එක,ඔෆිස් ඉවර වෙලා දෙන්නා එක්ක එලියට ඇවිදින්න යන එක වගේ දේවල් වගේම එකිනෙකා සමඟ අලුත් අත්දැකීම් බෙදා ගැනීම ඔබගේ සබඳතාවයට නව ශක්තියක් ලබා දෙනවා.
- සන්නිවේදනය හොඳින් තබා ගන්න
සම්බන්ධතාවයක ගැටළු පැමිණීමට හේතු වන්නේ සන්නිවේදනය හෝ කතාබහ අඩු වීමයි. එහෙම එකක් වීමට ඉඩ නොතබා, එකිනෙකා සමඟ කතා කිරීම, ගැටළු හෝ සතුටුවන කරුණු ගැන සන්සුන්ව කතා කිරීම, ආදර සබඳතාවයේ විශ්වාසය සහ ආදරය ශක්තිමත් කරන බව අමතක කරන්න එපා.
උදාහරණයක් ලෙස: එකිනෙකාගේ දවසේ වැඩ කටයුතු ගැන විමසීම, සිදුවීම්වලදී හිතාමතා සතුටු වීම සහ ගැටළු මෘදු ලෙස විවරණය කිරීමෙන් සබඳතාවය ඇතුලෙ යහපත් වාතාවරණයක් නිර්මාණය කරගන්න පුලුවන්. සමහර විට ඔයා ආදරය කරන කෙනාට එදා එච්චර හොඳ දවසක් නොවෙන්න පුලුවන්. ඔයාගෙ එක වචනයකින් එයාගෙ හිත පොඩ්ඩක් හරි හැදෙන්න ඉඩක් තියෙන බව අමතක කරන්න එපා.
- වැඩ සහ ආදරය අතර සතුට විඳගන්න
ජීවිතයේ වැඩකටයුතු අවශ්‍ය වුවත්, ආදරය සහ පෞද්ගලික සම්බන්ධතා වටහාගෙන, එකිනෙකා වෙනුවෙන් පොඩි වෙලාවක් හරි වෙන්කරගන්න අවස්ථා සලසාගන්න. වැඩෙන් කෙටි විවේකයක් ලබා, ආදරය කරන අය සමඟ කාලයක් ගත කිරීම සතුට වැඩි කරන්න හේතුවෙනවා.
උදාහරණයක් ලෙස: පොඩි නිවාඩුවක් ගෙන පෙම්වතිය හෝ පෙම්වතා සමඟ පොඩ්ඩක් එලියට යන එක ඔයාට Freshen Up වෙන්නත් උදව්වක් වෙනවා වගේම ඔයාලගෙ සබඳතාවය තවත් ශක්තිමත් කරන්න උදව් වෙනවා.
- විනෝද කටයුතු සහ සෙල්ලම්
ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීමට එකිනෙකා සමඟ සතුටෙන් ඉන්න එක, විනෝද කටයුතු කිරීම, සහ සන්තෝසදායක දේවල් බෙදා ගැනීම වඩාත් ප්‍රයෝජනවත්. එකිනෙකා සමඟ නිරන්තරයෙන් හොඳ මතකයන් සාදාගන්නට කටයුතු කරන්න.
කාලය කළමනාකරණය කිරීමෙන් පෞද්ගලික සම්බන්ධතා පවත්වාගෙන යාම වඩාත් පහසු වන අතර, ඔබේ ආදරය සහ විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි අමතක කරන්න එපා රස්සාව සහ වැඩ රාජකාරි ඔයාට මුදල් සහ තත්ත්වය ලබා දුන්නට, ඔයාගෙ වටේ ඉන්න ආදරණීය පිරිස තමයි ඔයාට මානසික සැනසුම, සතුට සහ රැකවරණය ලබා දෙන්නෙ.
ඉතින් එයාලා වෙනුවෙන් කාලය වෙන් කරන්න, එයාලව සමරන්න, අගයන්න අමතක කරන්න එපා!