නුඹ තරම් ප්‍රේමයක් – 47

හතලිස් හත් වැනි නෙත් සැරිය

සිහිනි පාසැලේදී සිටිනේද යහපත් මානසිකත්වයකින් නොවන බව අයත්මා පලමු දිනයේම වටහා ගත්තාය. ඕ වහා ඒ ගැන පවසා චත්‍රට කෙටි පණිවුඩයක්ද යැව්වාය. සිහිනි සමඟ කතා බහ කරන්නට උත්සාහ කලද, සිහිනි තමා මඟ හරින බව වටහා ගැනීමෙන් පසු ඕ ඇය දෙස විමසිල්ලෙන් සිටීම පමණක් කල යුතු බව තීරණය කලාය. 

මුල් සති දෙක පුරාම නාට්‍ය පුහුණුවීම් පසුතල සැකසීම් සඳහා වෙහෙසෙමින් ගත කරන්නට මුලු පාසැලටම සිදු විය. පාසැල් කාලයෙන් පසු පවා ඔවුහු ඒ වෙනුවෙන් වෙහෙසුනහ.  නාට්‍ය තරඟ වෙනුවෙන් මාතර රාහුල විද්‍යාලයට යෑම වෙනුවෙන් මුලු පාසැලම එකා වෙන්ව පේවෙමින් උන් හ.

කාර්‍යබහුල වෙමින් උන්  අතරේ අහම්බෙන් මොහොතක සිහිනිගේ  ජංගම දුරකතනයට අයියාගෙන් පැමිණි ඇමතුමක් අයත්මා දුටුවාය. සිහිනි උන්නේ ජංගම දුරකතනය මේසය මත තබා පසෙක  පසුතල සැකසීම සඳහා වන යම් දෙයක් කරමින් නිසා සිහිනිට එහි වගක් වූයේ නැත..

අයත්මා කිසිඳු සිතා බැලීමකින් තොරව ඇමතුම පිළිගත්තේ සිහිනි දෙස බලාගෙනමය.

” හෙට හවස මට ඔයාව හම්බෙන්න ඕනි … කොහේටද එන්න පුලුවන්….?”

අයත්මාගේ දෙපා අප්‍රාණිකව ගිය වග දැණුණි. ඕ වහා මේසයෙන් වාරු ගත්තාය.

” හෙලෝ …”

” සිහිනි..වැඩක් … ඔයා ටිකකින් ආයේ කෝල් එකක් ගන්න අයියේ … මම මේ කෝල් ලොග් එක ඩිලීට් කරනවා….”

එසේ පැවසූ අයත්මා වහා ඇමතුම මකා දමා ජංගම දුරකතනය එතැනම තැබුවේය. ඉන් පසුව අසල වූ අසුනකට බර වූයේය.

” හෙට හවස මට ඔයාව හම්බෙන්න ඕනි … කොහේටද එන්න පුලුවන්….?”

යළි යළි ඇසෙන්නට ගත්තේය. ඕ උන්නේ සැබෑවක්ද, සිහිනයක්ද  කියා සිතා ගන්නට නොහැකිවය.  ඕ යළි සිහිනි දෙස බැලුවාය. ඕ උන්නේ කිසිවෙකු පැවසූ කතාවකට සිනාසෙමිනි. එහෙත් ඒ සිනහව ව්‍යාජ සිනහවක් යැයී අයත්මාට එක්වරම සිතුණි.

” චත්‍ර දැනගත්තොත් මේ ගැන ….”

එක්වරම මහා ළැවු ගින්නක් ඇගේ සිතෙහි ඇවිලී ගියේය.  චත්‍ර සිහිනි පිළිබඳව දක්වන ස්නේහයේ තරම අයත්මා මේ වනවිට හොඳින්ම දන්නේය. ඔහුට අවැසි ඇය සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වීමය.

 අයියා සහ සිහිනි අතරේ යම් ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවී ඇතිනම්, එය චත්‍ර කෙලෙස දරාගනිවීදැයි අයත්මාට කිසිඳු අදහසක් වූයේ නැත. අනෙක් අතට, පසුගිය දිනෙක සිහිනි ජීවිතය නැති කරගන්නට යෑමත්, ඒ මොහොතේම අයියා එහි ගොස් සිටීමත් යන කාරණාද එකිනෙකට පෑහිය හැක.

එදා අයියා කීවේනම් චත්‍ර  හමුවීමට ගිය බවය. එදින තමාටද එහි අමුත්තක්  නොදැණුන බව අයත්මාට මතකය. එහෙත් දැන් සියල්ල ගැලපෙමින් මැවෙන්නේය. අයියා සහ සිහිනි යනු මෙතෙක් තමා දැන උන් දෙදෙනා ඉක්මවා යන නෑදෑකම් අලුත් කරමින් සිටින දෙදෙනෙකු බව විශ්වාසය.

එහෙත්, අයියා ……….

අයත්මාගේ කල්පනාව බිඳ වැටුනේය. ඇයගේ ජංගම දුරකතනය නාද වෙමින් තිබුනි. ඕ වහා ඒ දෙස බැලුවාය. අවිශ්ක ඕ  අමතමින් උන්නේය. අයත්මා මොහොතක් ඒ දෙස බලා හිඳ පිළිතුරු දුන්නාය. ඒ පසෙකට ඇවිද යමිනි.

” කියන්න අයියේ …”

” ඕයි … මං කියනෙක අහනවා නංගී ….”

අවිශ්කට වචන පැටලෙමින් තිබුනි. ඔහු උන්නේ කුමක් සිදුවුනේදැයි ගලපා ගන්නට නොහැකිවය. තත්පරයෙන් සියල්ල හිස මත කඩා වැටුණ බරක් සමඟය.

” කියන්න ඉතින්…”

” තමුසේ හිතන වගේ දෙයක් නෙවෙයි නංගී ….”

“හරි ඉතින්….”

අයත්මා ආයාසයෙන් අවිශ්කට පිළිතුරු දුන්නේය. එහෙත් ඇගේ අභ්‍යන්තරය වූයේ දැවෙමිනි. සියල්ල විසඳා ගන්නටවත් නොහැකි තරමින් අවුල් ව ගියාය යන හැඟීම එක්කය.

” සිහිනි එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි වුනේ නංගී .. එච්චරයි …”

“හරි අයියේ හරි …. මං ඔයාගෙන් මුකුත් ඇහුවේ නෑනේ… ඇයි ඔයා මට ඕවා කියන්නේ … ඔයා කැමති දෙයක් කරන්න ….”

අයත්මා කඩා පැන්නාය. අවිශ්ක නිහඬ වූයේය. අයත්මා යළි නිවුනාය.

” අයියේ .. අයියේ සොරි .. මං ගෙදර එනවා.. අපි කතා කරමු …”

අයත්මා වහා එලෙස පවසා ඇමතුම විසන්ධි කලාය. අවිශ්ක එහෙමම අසුනේ පිටුපසට බර වූයේය.  අයත්මා චත්‍රට කෙටි පණිවිඩයක් තැබුවාය.

” මම ගෙදර යනවා හොඳේ…”

ඉන් පසුව චත්‍ර  ගත් එක්  ඇමතුමකටවත් ඇය පිළිතුරු දුන්නේ නැත. ඕ කලණට සහ අනෙක් පිරිසට ඉක්මනින් සමුදුන්නාය. සිසුවෙකුගේ පියෙකුගේ ත්‍රී රෝද රියකින් ප්‍රධාන පාරට ගොස් බසයකට ගොඩ වූවාය. චත්‍ර උන්නේද නගරයෙන්  යම් දුරක නිසා ඔහු පාසැල අසලට පැමිනෙන විට ඕ පිටව  ගොස් තිබූනි.

 ඔහු සිහිනිව කැටුව  නිවසට යන්නට පිටත් වූවේය.

” අද අයත්මා අවුලෙන්ද උන්නේ?..”

“නෑ… ඒත් එකපාරටම යනවා කියලා ගිහින් තිබ්බා.. මාත් එවෙලේ එතන උන්නේ නෑ….”

” ෆෝන් එක ආන්සර් කරන්නේත් නෑ …”

” මං අරන් බලන්නද?…”

” බලනවකෝ …”

එහෙත් අයත්මා සිහිනිට පිළිතුරු දුන්නේද නැත. සිහිනිව නිවසට ඇරලවා තමා අයත්මා දැකීමට යන බව සිතාගෙන චත්‍ර කලබල වීම අවමව පවත්වා ගන්නට උත්සාහ කලේය. අයත්මා පෙර දිනවල පැවසූවාට වඩා,  සිහිනි යම් සැහැල්ලුවක සිටින බව ඔහුට පෙනුණි. ඔහු උන්නේ වෛද්‍ය සහ  මනෝ  උපදේශන සේවාවන් පිළිබඳව සෑහිමෙනි.

චත්‍ර සිහිනිව ඇරලවා ආපසු හැරුනේය. එහෙත් ඔහු  අයත්මාගේ නිවසට යන විට අයත්මා අවිශ්කද කැටුව පිටතට ගොස් තිබුණි.

” දැන් තව විනාඩි පහක් යන්න කලින් චත්‍ර මතුවෙනවා මෙතන… යං ඊට කලින්….”

අයත්මා අවිශ්ක ද කැටුව  ගමන ඉක්මන් කල යුතු බව අවධාරණය කලාය. ත්‍රී රෝද රියක් ගෙන්වාගෙන නිවෙසින් පිටත් වූවෝය.

” බබා ආව ගමන්ම දෙන්නා එක්ක අනෙක් පැත්තට ගියා..  කොහෙ යනවද කිව්වේ නෑ චත්‍ර මහත්තයා…. කෝල් එකක් දීලා බලන්න ….”

නිමලා අම්මා අයත්මා පැවසූ පරිද්දෙන්ම කීවේය. 

චත්‍ර එතැන සිටම නැවත අයත්මා සහ අවිශ්ක දෙදෙනාම ඇමතුවේය. එහෙත් ඔහුට පිළිතුරක් ලැබුනේ නැත. අවිශ්ක උන්නේ ඉවසීම ඉක්මවා යන කෝපයක් එක්කය.

” හිතුවක්කාරකම මුන්ගේ … “

ඔහු  මිදුලේ මද වෙලාවක් ඇවිදිමින් සිට කැබ් රියට නැග්ගේය. වේගයෙන් ආපසු හැරුනේය. 

අයත්මා අවිශ්ක අසලින් හිඳ ගත්තාය. නිහඬවම දෙදෙනාම අලිගැටපේර බීම වීදුරු දෙකක්ම හිස් කලෝය. අභ්‍යන්තරයේ දැවීම් ඉන්  ඉවා ගත නොහැකිව මෙන් හිස් සුසුම් මුසු කලෝය.

” නංගී …”

අවසානයේ අවිශ්ක සියල්ල පැවසීමට තීරනය කලේය.

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles