Radiofrequency මගින් සම එල්ලා වැටීම නැවැත්වීම ගැන ඔබ දැනගත යුතුම දේවල්.

සාමාන්‍යයෙන් ඔබ වියපත් වන විට ඔබේ සමේ සෛල මගින් කොලජන් නිපදවන වේගය අඩාල කරනවා.එය සම එල්ලා වැටීමට සහ රැලි වැටීමට හේතු වන අතර වියපත් වීමේ ලක්ෂණ මතුවීම වැඩිවනවා. මෙවැනි තත්වයන් පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණ වලට අනුකූලව විවිධ ප්‍රතිකාර ක්‍රම මේ වන විට ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතිනවා. එයින් එක් ක්‍රමයක් වන Radiofrequency therapy එක ගැනයි මේ ලිපිය. මෙය මුහුණේ සහ ශරීරයේ සමට ප්‍රතිකාර කළ හැකි සම තද කිරීමේ ශල්‍ය නොවන ක්‍රමයකි. 

Radiofrequency therapy කරන්නේ කොහොමද ? 

රේඩියෝ සංඛ්‍යාත මගින් සම තද කිරීමේ ක්‍රියාවලිය සමට අහිතකර නොවන ක්‍රියාවලියක් වන අතර මෙමගින් ප්‍රධාන ලෙස සමේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරනවා. මෙම ක්‍රියා පටිපාටිය මුහුණේ තත්වය අනුව විනාඩි 30 සිට විනාඩි 90 දක්වා කාලයක් අතර සිදු කෙරෙන අතර මෙය කිසිදු වේදනාවකින් තොර වන ප්‍රතිකාර ක්‍රමයකි.

මෙම ප්‍රතිකාර ක්‍රමය ආරක්ෂිතද ? 

මෙය ශල්‍ය නොවන ප්‍රතිකාර ක්‍රමයක් වුවත් ඔබ මෙම ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා තෝරාගත යුත්තේ සයනයක හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක විශේෂඥයෙකු හෝ සම සඳහාම සිටින පළපුරුදු සහ සුදුසුකම් ලත් විශේෂඥයෙකු මගින් පමණයි. එවැනි පුද්ගලයෙකු විසින් සිදු කරනවානම් මෙම ප්‍රතිකාර ක්‍රමය සියලුම සම වර්ග සඳහා ඉතාම ආරක්ෂිත සහ ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හඳුන්වනවා.

Radiofrequency therapy සැසි කොපමණ වාරයක් කල යුතුද ? 

ආරම්භයේදී මෙම ප්‍රතිකාර ක්‍රමය සෑම සති තුනකට හෝ හතරකට වරක් සිදුකළ හැකි අතර ඔබේ සම වර්ගය , සමේ ගැටලු සහ අවශ්‍යතාවයන් සඳහා ගැලපෙන පරිදි ප්‍රතිකාර සැසි ගණන වෙනස් කළ හැකි වනවා. විශේෂයෙන්ම මෙය ඔබේ සම මත ඇති රැලි වැටීම් , ලප සහ වෙනත් ගැටලු මත රඳා පවතිනවා.

Radiofrequency therapy වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ? 

මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් පසුව සුව කිරීමේ කාලයක් අවශ්‍ය නොවන අතර ඔබට ඔබගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකිවනවා.කෙසේ වුවත් ප්‍රතිකාරයේ හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පසු සත්කාර උපදෙස් අනුගමනය කිරීම අතිශයින්ම වැදගත්.

මෙම ප්‍රතිකාරයෙන් පසුව සමේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන අතර කොලජන් බිඳ වැටීමට හේතුවන හිරු කිරණින් සමට සිදුවන හානිද අවම කරනවා.

ප්‍රතිකාර වාර කිහිපයකින් පසුව සහ නිසි පරිදි පසු සත්කාර කිරීමෙන් පසුව සමේ සැලකිය යුතු දියුණුවක් දැකගත හැකිය.

මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් සමේ ස්වාභාවික තෙතමනය ආරක්ෂා කරන අතර එමගින් සමට නැවුම් බවක් සහ නැවුම් පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම සම රැලි වැටීම සහ එල්ලා වැටීම බොහෝදුරට අවම කරනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් සමේ තෙල් නිෂ්පාදනය සමබර කරන අතර කුරුලා වලටද ප්‍රතිකාර කරනවා.

Radiofrequency therapy මුහුණේ සම සඳහා පමණක් ප්‍රතිකාර නොකරන අතර එය ඔබේ ශරීරයේ සම මත විවිධ ස්ථානවල ඇති කැලැල් , අදුරු ලප සහ වෙනත් ගැටලු සඳහාද ප්‍රතිකාර කිරීම සිදු කරනවා.

Radiofrequency therapy එකක් සිදු කිරීමෙන් පසුව අනුගමනය කළ යුතු කරුණු මොනවද ?

  • සම පිරිසිදු කිරීම මෘදු ලෙස කළ යුතුයි
  • කිසිම ස්ක්‍රබ් වර්ගයක් භාවිතා නොකළ යුතුයි
  • මෙම ප්‍රතිකාර ක්‍රමය කිරීමෙන් සති තුනක් හෝ හතරක් යනතුරු වෙනත් කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් , විශේෂයෙන්ම ලේසර් ප්‍රතිකාර වැනි දේවල් නොකළ යුතුයි
  • ඉතා හොඳින් ජලය පානය කළ යුතුයි
  • පෝෂ්‍යදායී ආහාර වේලක් , සමබල ආහාර වේලක් ලබා ගත යුතුයි 
  • සමට අත්‍යවශ්‍ය වන විටමින් අවශ්‍යතාවයන් සපුරා ගත යුතුයි 

සාමාන්‍ය ෆේශල් එකකට එහා ගිය , නවීන තාක්ෂණික ක්‍රම වලට අනුව සිදු කරන, ඉතා හොඳ , දිගු කාලීන ප්‍රතිඵල ලබා දෙන මෙම Radiofrequency therapy ප්‍රතිකාර ක්‍රමය ගැනයි මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කළේ. 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles