Elon Musk කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. නොදන්න කවුරුම හරි ඉන්නවා නම් අනිවාර්ය්නෙම ගූගල් එකේ හොයලා බලන්න ඕනි. ඒත් කම්මැලියි නම්, දැනට මතක තියාගන්න Elon Musk කියන්නේ ටෙස්ලා කියන ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ ව්‍යාපාරයේ හිමිකාරයා. ඒ වගේම SpaceX කියන අභාවකාශ සමාගමේ අයිතිය තියෙන්නේත් ඔහුට. ඩොලර් බිලිනයන 270.5ක වත්කමක් තියෙන මේ අපූරු මිනිසා තවත් අලුත් කාර්යයක් වෙනුවෙන් ආයෝජනය කරලා එහි සාර්තකත්වයට පත් වුන පුවතක් තමයි අපි ඔබත් එක්ක බෙදා ගන්න සූදානම් වෙන්නේ.
Elon Musk ගේ විසින් ආරම්භ කරලා තියෙන නියුරලින්ක් කියන චිප් මඟින් සංවේදන ගෙන යෑමට අදාල ව්‍යාපෘතියේ තවත් අනු කොටසක් ගැන පිළිබඳව තමයි මේ තොරතුර. මොළයට බද්ධ කරන ලද තිම චිපයක් මඟින් පෙනීම නැති අයට පෙනීම ලබා දෙන ව්‍යාපෘතියක් තමයි මෙහි ක්‍රියාත්මක වෙන්නේ. ඔහුගේ මේ සොයා ගැනීමට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් breakthrough device කියන හඳුන්වාදීමත් දීලා තියෙනවා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය එහෙම නැත්නම් FDA විසින් මේ breakthrough device කියන නාමය ලබාදෙන්නේ මිනිස් ජීවිතයට තර්ජනයක් වන තත්වයන් සඳහා ප්‍රතිකාර හෝ රෝග විනිශ්චය සපයන ඇතැම් වෛද්‍ය උපකරණ සඳහාම විතරයි. ඒ නාමය මඟින් මේ වගේ ව්‍යාපෘති ඉදිරියටම අරගෙන යන එක තමයි FDA එකේ අරමුණ.
කොහොමහරි Elon Musk ගේ නියුරලින්ක් ව්‍යාපෘතියෙන් එන ආරංචි වල හැටියට අලුත් සොයගැනීම මඟින් උපතේ ඉඳන්ම ඇස් පෙන්නේ නැති අයට වගේම, හදිසි අනතුරු සහ රෝගී තත්ව නිසා ඇස් පෙනීම අහිමි වෙලා ගිය අයටත් පෙනීම ලබ ගන්න පුලුවන්. මොළයේ තියෙන දෘෂ්ටික සංවේදක කලාපයට විශේෂයෙන් සම්බන්ධ කරන ලද චිපයක් එහෙම නැත්නම් නියුරලින්ක් පද්ධතියක් මඟින් තමයි මෙම කාර්යය සිදු කරන්න බලාපොරොත්තු වෙන බව Elon Musk විසින් ප්‍රකාශ කරලා තියෙන්නේ.
අන්ධ පුද්ගලයන්ට පෙනීම ලබා දීම සඳහා වන මේ ව්‍යාපෘතිය මානව අත්හදා බැලීම් ඔස්සේ සිදු කරන්න පහුගිය අවුරුද්දේදී FDA අනුමැතියත් හිමි වෙලා තියෙනවා.
” FDA අනුමැතිය සමඟ අපට සැබෑ ලෙසින්ම අන්ධ පුද්ගලයන් යොදාගෙන මේ ව්‍යාපෘතියේ ඊළඟ පියවර තියන්න ඉඩ ලැබීම විශාල ජයග්‍රහණයක් …. ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා මේක මානව සංහතියේම විශාල පිම්මක් බව…..”
තමන්ගේ එක්ස් ගිණුමේ සටහන් කරන පණිවිඩයකින් Elon Musk එහෙම කියන්නේ බලාපොරොත්තු පුරවගෙන.
Elon Musk එතැනදී කියලා තියෙන විදියට 2016 ඉඳන් ඔවුන් අන්ධ පුද්ගලයන්ට පෙනීම ලබාදීම සඳහා වන මේ ව්‍යාපෘ තියේ වැඩ කරලා තියෙනවා. ඉංජිනේරුවන් සහ වෛද්‍යවරුන් විශාල පිරිසක් ඔහුගේ මෙමෙ කාර්යයයේ කොටස්කරුවන් බවත් ඔහු කියලා තියෙනවා.
ඒ වගේම ඔහු කියන විදියට මේ විදියට පෙනීම ලබාදෙන්න පුලුවන් වීම දීර්ඝ කාලීන පර්යේෂණ වල සාර්තක වීමක්.
” ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රෝන ධාරාවක් දෘෂ්ඨි බාහිකයේ තැන්පත් කිරීම මෙහිදී සිදුවෙනවා. එතනදී තැන්පත් කරපු කැමරාවකින් ලබාගන්නා රටා වලින් නියුරෝන උත්තේජනය කිරීම සිදුවෙනවා. ඇත්තටම කවදාවත්, කිසිම දෙයක් දැකල නැති මිනිස්සුන්ගේ පෙනීම ප්රතිස්තාපණය කරන එක සංකීර්ණ ක්‍රියාවලියක් නෙවෙයි… ඒ වෙනුවෙන් අප කරපු පර්යේෂණ වලින් තහවුරු වෙනවා එය ඉතාම සරළ බව…”
Elon Musk බලාපොරොත්තු පුරවගෙන එහෙමත් කියනවා.
Elon Musk මේ ගැන මේ තරමට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වුනත්, මේ ක්‍රියාවලිය ගැන සැක පල කරන අයත් ක්ෂේත්රයේම ඉන්නවා.
” මේ විදියට උපාංග සවි කිරීම තුළින් පෙනීම සාර්තකව ලබාදෙන්න හැකි වෙවි කියලා විශ්වාස කරන්න අපහසුයි…. රෝගාබාධයකින් පෙනීම නැති වුන කෙනෙක් ගැන හිතමු.. ඔවුන්ට පෙනීම සඳහා වන දෘෂ්ඨි බාහිකය ඉපදුන දවසේ ඉඳන්ම යම් පිලිවෙලකට පුහුණු කරලා තියෙන්නේ … ග්‍රැෆික් එකක් වගේ පෙනීම ලැබෙන්න පුහුණු වෙලා තියෙන්නේ. එහෙම තත්ව යටතේ මේ වගේ පද්ධතියක් ස්තාපනය කරලා ඒ විදියට පෙනීම ලබා ගන්න හැකි වේවි කියලා හිතන එක පහසු දෙයක් නම් නෙවෙයි…. ඒ වගේම උපතේ ඉඳන්ම අන්ධ අය ගැන හිතුවොත්, ඒ අයගේ පෙනීමේ ක්‍රියාවලිය උපතේ ඉඳන්ම ජීව විද්‍යාත්මකව වර්ධනය වෙලා නැහැ… ඒ කියන්නේ දෘෂ්ඨි බාහිකයේ පෙනීමට දාල වන සෛල තිබුනත්, ඒ සෛල කාර්යාත්මකව සංවිධානය වෙලා නැහැ. එතකොට මේ කියන විදියේ පද්ධති මඟින් ඒ සෛල උත්තේජනය කරන්න හැකි බව කියන එක ගැටලු සහගතයි … ඒ හින්දාම Elon Musk විසින් දැඩි විශ්වාසයෙන් කියන මේ සැලැසුම් අපට නම් සැක සහිතයි…”
ඕනෑම කාර්ය්යක් වඩා සාර්තක වෙනකොට කකුලෙන් අදින අය සාමාන්යෙන් බිහිවෙන නිසාම ඒ වගේ කතන්දර නම් Elon Musk එතරම් ගණන් ගන්න එකක් නැහැ. ඒ වගේම ඔහු විසින් ආයෝජනය කරලා තියෙන විශාල මුදලේ හැටියට ඔහු මේ ව්‍යාපෘති නිරපරාදේ අත් හැරලා දාන එකකුත් නැහැ. අනෙක් අතට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් මේ කාර්යය ගැන සම්පූර්ණ විශ්වාසය තියලා තියෙන නිසාම මේ කාර්යය සාර්තක වීම ගැන අපිට බලාපොරොත්තු තියාගන්නත් බැරි කමක් නැත්තෙත් නැහැ.
මේ ව්‍යාපෘතිය සාර්තක වුනොත් ලෝකේ පුරාම වෙසෙන දාස් ගානක් ඇස් පේන්නේ නැති අය ජීවිතේ ගැන අලුත්ම බලාපොරොත්තුවකින් හුස්ම ගනීවි කියන එකෙත් සැකයක් නැහැ. ඉතින් ඔබට හිතෙන්නේ කොහොමද? මේ විදියේ කෘතිම පද්ධතියක් මඟින් පෙනීම තහවුරු කරන්න පුලුවන් වෙයිද? ඒ ගැන කොමෙන්ටු තීරයේ ඔබේ කතාව කියාගෙනම යන්න …
අපේක්ෂා ගුණරත්න