Flax seeds hair mask එකක් ගෙදරදීම හදාගමු

Flax seeds එහෙමත් නැත්නම් හණ ඇට කියන්නේ අපගේ ආහාර වේලට එකතු කරගත හැකි තන්තු සහ ප්‍රෝටීන්වල විශිෂ්ට ප්‍රභවයක්. ඒ වගේම හිස කෙස් වල ඇති ගැටළු බොහෝමයකට ප්‍රතිකාරයක් ලෙසත් මේ හණ ඇට යොදා ගන්නට පුළුවන්.හණ ඇට වලින් සකස් කරගන්නා Hair mask එකකට ඔබේ හිස කෙස් වල විශාල වෙනසක් ඇති කිරීමට හැකියාව තියෙනවා.

හණ ඇට වලින් හිස කෙස් වලට ඇති ප්‍රයෝජන මොනවද ?

හිස් කබල සමනය කරයි 

හණ ඇට ඔමේගා 3 මේද අම්ල වලින් පොහොසත් වන අතර එය හිස්කබලේ දැවිල්ල සහ අධික සංවේදීතාවය පාලනය කිරීමට උපකාරී වනවා.ඒ වගේම හණ ඇට මගින් හිස් කබලේ pH අගය සහ තෙල් නිෂ්පාදනය සමතුලිත කරනවා. මීට අමතරව හණ ඇටවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මගින් sebaceous ග්‍රන්ථි සමනය කරන අතර නිරෝගී හිසකෙස් වර්ධනය සඳහා මෙම ග්‍රන්ථි වලින් sebum නිපදවීම උත්තේජනය කරනවා.

හිස කෙස් පෝෂණය කරයි 

වියලි හිස් කෙස් වලට ස්වාභාවික තෙතමනය ලබාදීම සඳහා හණ ඇට බෙහෙවින් උපකාරී වෙනවා.විටමින් E සහ ඔමෙගා 3 මේද අම්ල වැනි අමුද්‍රව්‍ය වලින් හණ ඇට පොහොසත් නිසා එය ඔබේ හිස කෙස් සඳහා ඉතා හොඳ පෝෂණයක් ලබා දෙනවා. ඒ වගේම ඔබේ හිස කෙස් මෘදු සහ සිනිදු කර ගැනීම සඳහාත් හණ ඇට භාවිතා කළ හැකිය.

හිස කෙස් ශක්තිමත් කරයි 

ඔමේගා-3 මේද අම්ල සහ විටමින් E පොහොසත් ප්‍රභවයක් වන හණ ඇටවලට හිසකෙස් ශක්තිමත් කිරීමට සහ කැඩීම වළක්වා ගත හැකිය.  මීට අමතරව, හණ ඇට වල අඩංගු පෝෂක කොටස් මගින් හිස්කබලේ දැවිල්ල සමනය කරන නිසා හිසකෙස් වර්ධනය සඳහාද ඉතා හොඳ උත්තේජනයක් ලබා දෙනවා

හානි වූ හිස කෙස් අලුත් වැඩියා කරයි 

හණ ඇටවල අඩංගු විටමින් E හානියට පත් හිසකෙස් අලුත් වැඩියා කිරීම සඳහා ක්‍රියා කරනවා. හිස කෙස් කැඩී යාම , දුර්වල වීම සහ අග පැලීම පාලනය කිරීමට හණ ඇටවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට හැකියාව තිබෙන අතර හිස කෙස් වල නම්‍යතාවය වැඩි කරමින් එහි දීප්තියද වැඩි කරයි.

හිසකෙස් වර්ධනය කරයි 

හණ ඇට භාවිතා කිරීම මගින් ඔබේ හිස්කබලට නිරෝගී හිස කෙස් වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලැබීම සිදුවනවා. ඒ වගේම හිස් කබල පෝෂණය කරමින් තෙතමනය ආරක්ෂා කිරීමද සිදුවන නිසා හිස්කබලේ ඇති බොහෝ ගැටලු මෙමගින් සමනය වෙනවා.

හිස්සොරි සමනය කරයි 

බොහෝවිට හිස්සොරි ඇතිවීම සිදුවන්නේ හිස්කබලේ අධික වියළි බව නිසාය. හණ ඇට මගින් හිස් කබලට ඉතා හොඳ තෙතමනයක් සහ පෝෂණයක් ලබා දෙන නිසා වගේම හිස් කබලේ හිස්සොරි ඇති කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය කරන නිසා හණ ඇට භාවිතය මගින් හිස්සොරි ඇතිවීම පාලනය කර ගැනීමේ හැකියාවද තිබෙනවා.

Flax seeds hair mask එක සකස් කර ගන්නේ කොහොමද ? 

වතුර කෝප්ප දෙකක් භාජනයකට එකතු කර ලිප තබා එයට හණ ඇට මේස හැඳි දෙකක් එකතු කරන්න 

මෙය මද ගින්දරේ හැඳි ගාමින් විනාඩි දහයක් පමණ හොඳින් උතුරවා ගන්න 

ඉන් පසුව මඳක් නිවෙන්නට හැර හොඳින් පෙරා ගන්න 

පෙරා ගත් ජෙල් එක පිරිසිදු බෝතලයකට එකතු කර ගන්න.

හොඳින් පීරා ගත් හිස කෙස් මත සහ හිස් කබලේ සකස් කරගත් හෙයා මාස්ක් එක ආලේප කර පැය භාගයක් පමණ තිබෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයක් මගින් සෝදා හරින්න.

ඉතා හොඳ ප්‍රතිඵල සඳහා මෙම හෙයා මාස්ක් එක සතියකට දින දෙකක් පමණ භාවිතා කරන්න.

හිස කෙස් ගැටලුවලට සහ හිස කෙස් වර්ධනය කර ගැනීම සඳහා පෝෂ්‍ය පදාර්ථ රැසක් සපිරි ස්වභාවික අමුද්‍රව්‍යක් හණ ඇට භාවිතා කරන ආකාරය පිළිබඳවයි අද අපි මේ ලිපියෙන් ඔබට කරුණු ගෙන ආවේ.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles