රස්නෙ දවස් වලට අපි සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම්, සීතල බීම වර්ග වගේ කෑම බීම වැඩිපුර කන්න පුරුදු වෙලා ඉන්නවනේ.
අද අපි කියල දෙන්න සූදානම් වෙන්නෙ කොරියානු ජාතිකයො රස්නෙ කාලෙට ආහාරයට ගන්න හරිම ජනප්‍රිය අතුරුපසක් හදාගන්නෙ කොහොමද කියලයි.
පුරුදු අයිස්ක්‍රීම් සහ බීම වර්ග වලින් මිදිල ඒනන් මේ පාර රස්නෙ කාලෙට මේ අතුරුපස හදල බැලුවොත් ඔබ අනිවාර්යයෙන්ම ආයෙ රස බලන්න කැමති වෙනව කියල අපිට විශ්වාසයි.
ඒනම් ඕන කරන දේවල් සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
තරමක් විශාල කොමඩු ගෙඩියක් කොමඩු ගෙඩියක්
ස්ප්‍රයිට් 150 ml ක්
පැණි මේස හැන්දක්
තරමක් විශාල කැබලි වලට කපාගත් අන්නාසි, කෙසෙල්, ස්ට්‍රෝබෙරි, ඇපල් වගේ ඔබ කැමති පළතුරු වර්ග කීපයක්.
අයිස් කැට
සාදාගන්නා ආකාරය
මුලින්ම කොමඩු ගෙඩිය හොඳින් පිරිසිදු කරගෙන දෙකට පාලාගන්න ඕන.
අපේ කොමඩු ගෙඩි සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කොරියානු කොමඩු ගෙඩි වලට වඩා කුඩා නිසා කොමඩු ගෙඩියෙන් භාගයක් පමණ මේ අතුරුපස පිළියෙල කරන්න යොදාගන්න පුළුවන්.
දැන් කොමඩු ගෙඩියෙ මදය කුඩා හැන්ඳකින් ටිකෙන් ටික රවුම් බෝල වගේ ආකාරයට ඉවත් කරගන්න ඕන.
ඉවත් කරගත්ත කොමඩු මදය තරමක් විශාල භාජනයකට දාගන්න.
බෝල විදිහට ඉවත් කරගන්න අපහසු නම් කොටු හැඩයට කපාගත්තත් කමක් නෑ.
දැන් මේ භාජනයකට ස්ප්‍රයිට් 150 ml ත් පැණිත් එකතු කරගෙන සෙමින් තරමක් කලවම් කරගන්න ඕන.
දැන් මේ මිශ්‍රණයට ඔබ කැමති පළතුරු වර්ග තරමක් ලොකු කොටු හැඩයට කපාගත් කැබලි එකතු කරගෙන නැවත ප්‍රවේශමෙන් හැඳිගා ගන්න පුළුවන්.
හැඳිගාගන්න කොට පළතුරු පොඩි නොවෙන විදිහට ප්‍රවේශමෙන් හැඳිගාගන්න ඕන.
ඉන්පසු අයිස් කැට එකතු කරගන්න ඕන.
ඔන්න දැන් මේ රසවත් සීතල අතුරුපස සූදානම්.
අයිස් කැටත් එක්කම පිළිඟන්වල සීතලට රසවිඳින්න දැන් ඔබට පුළුවන්.
ඒනම්, වෙනසකටත් එක්ක හදල බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyReply allForwardAdd reaction |