සැරට චීස් රස පිරුණු mac and cheese හදමු

Mac and cheese කියන්නෙ ලොකු පොඩි භේදයක් නැතුව අපි කවුරුත් රස බලන්න කැමති කෑමක්නෙ. 

හැබැයි අද වෙද්දී අවන්හලකින් හරි ප්‍රමිතියකින් රස පිරුණු mac and cheese කන්න ලැබෙන්න හරිම කලාතුරකින්. මිලත් එක්ක සසඳද්දිත් ටිකක් මිලෙන් වැඩි නිසා අපේ විදිහට පිරිසිදුව රස පිරුණු mac and cheese ගෙදරදිම හදාගත්ත නන් හොඳයි කියල හිතන ඔබට ගැළපෙන හරිම පහසු රෙසිපියක් එක්ක තමයි smart lady අපි අද ඔබව හමුවෙන්නෙ.

එහෙනම්, මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි කෝප්ප 04 ක් 

ඔබ කැමති හැඩයකින් පැස්ටා / මැකරෝනි 340g ක් 

චෙඩාර් චීස් 200g ක් 

ලුණු කුඩු

මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, චීස් ටික ග්‍රේට් කරගෙන පසෙකින් තබාගන්න.

ඊළඟට තරමක් ලොකු භාජනයක් ලිපතබා එයට කිරි එකතු කර කිරි නටන තුරු තබාගන්න.

කිරි නටන විට එයට පැස්ටා, ඔබේ රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු සහ ගම්ම්රිස් කුඩු එකතු කර ගින්දර අඩුකර පැස්ටා ටික තැම්බෙන තුරු විටින් විට හැඳිගාමින් විනාඩි 10 ක් 12 ක් පමණ තබාගන්න.

පැස්ටා ටික තැම්බුණු පසු භාජනය ලිපෙන් ඉවත් කරගෙන ගාගත් චීස් එකතු කරගන්න.

එකතු කරගත් චීස් පාස්ටා සමඟ හොඳින් කලවම් කරගන්න.

චීස් දියවී කිරි සමඟ එකතු වී හොඳ රසක් වගේම පෙනුමක් ඔබේ පාස්ටා වලට ලබාදෙනවා.

ඔන්න අපි mac and cheese හදන් ඉවරයි.

ඒනම් රස බලමු නේද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles