“ආදරේ අමරණීයද?”
ඇත්තටම ඔව්. අවංක, හදපත්ලෙන්ම නැගුන ආදරයක් කියන්නෙ සදා අමරණීය දෙයක්. අපේ ලාංකේය සාහිත්‍ය ඇතුලෙ ගත්තත්, ඉන්දීය හෝ වෙනත් විදෙස් සාහිත්‍ය ඇතුලෙ අරගත්තත් මේ වගේ අමරණීය වුන ආදර කතාවලට දෙන්න පුළුවන් උදාහරණ අනන්තයි අප්‍රමාණයි.
ආදරේ අමරණීය වෙන්නෙ සදා අමරණීය හදවත් වල ඒ ආදරය පැන නැගුනොත්නෙ. අපි කියනවා “ආදරේ ලඟදි ජාති, ආගම්, කුල බේද වලට තැනක් නෑ” කියලා. ඒ වගේම තමයි ආදරය කියන්නෙ කවදාවත් නැතිවෙන දෙයක් නෙවෙයි. ආදරය අමරණීය වන්නේ ඒ නිසා. මරණයෙන්වත් අමතක නොවන නිසා.
ඉතින් අද අපි අරගෙන එන මේ චිත්‍රපට ලිපිය වෙන්වෙන්නෙ මේ දිනවල ආදායම් වාර්ර්ථ බිඳහෙලමින් තිරගත වන, සමාජ මාධ්‍ය කැළඹූ චිත්‍රපටයක් වන Amaran ගැන.
අමරන් (The Immortal) කියන්නෙ 2024 Release වුණ ඉන්දියානු දෙමළ චරිතාපදාන ක්‍රියාදාම චිත්‍රපටයක්. රාජ්කුමාර් පෙරියසාමිගේ අධ්‍යක්ෂණය යටතේ, සෝනි පික්චර්ස් ෆිල්ම්ස් ඉන්ඩියා සහ රාජ් කමල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් එක්ව නිෂ්පාදනය කළ චිත්‍රපටයක. මේ චිත්‍රපටයෙ එන කතාව India’s Most Fearless: True Stories of Modern Military Heroes කියන පොත් මාලාවේ කොටසක් මූලික කරගෙන හදපු චිත්‍රපටයක් වන අතර, මේජර් මුකුන්ද් වර්දරාජන්ගේ ජීවිතය මූලික කරගෙන තිරරචනය කර තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන රංගනය සිවකාර්තිකේයන්, සායි පල්ලවි, රාහුල් බෝස්, සහ බුවන් අරෝරාගේ නිර්මාණාත්මක දායකත්වයෙන් සැරසෙන අතර, එහි සංගීතය GV ප්‍රකාශ් කුමාර් විසින් නිර්මාණය කරලා තියෙනවා.
ඉන්දු රෙබෙකා වර්ගීස් එයාගෙ දුව, මාමණ්ඩිය සහ නැන්දම්මා එක්ක නව දිල්ලියට යන ගමන් ඉන්නෙ විශේෂ දේකට. ඒ තමයි යුද්ධයෙදි මියගිය යුධ වීරයන් වෙනුවෙන් දෙන, තමන්ගෙ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ලැබෙන අශෝක චක්‍රය භාරගන්න. චිත්‍රපටයේ කතාව පටන්ගන්නෙ ඒ විදියට.
ඉන්දුගෙ ජීවිතයේ අමරණීය ප්‍රේමය වුන මුකුන්ද්ව තමන්ට හම්බුණ විදිය, ආදරෙන් බැඳුණ විදිය ගැන අපිට කියන්නෙ ඒ ගමන අතරවාරයෙදි. ඉන්දු තමන්ගෙ ප්‍රථම උපාධිය අරගන්න යන්නෙ මදුරාසියෙ විශ්ව විද්‍යාලයකට. මේ විශ්ව විද්යලයෙදි තමයි ඉන්දුට තමන්ගෙ අමරණීය ප්‍රේමවන්තයා වෙච්ච මේජර් මුකුන්ද්ව හමුවෙන්නෙ. මේ විශ්ව විද්‍යාලයේ තියෙන එක්දින විලාසිතා දැක්මකට යන්න ඉන්දුට උවමනාව තිබුනත්, මුලින් එයා ඒකට කැමැත්තෙන් හිටියත් පස්සෙ හිත බෑ කියන්න පටන් ගන්නවා. මෙතනදි මුකුන්ද් තමයි ඉන්දුට කියන්නෙ “නෑ ඔයා මේකට යන්නම ඕන” කියලා. මුකුන්ද් කියන්නෙ ඉන්දුගෙ බැච් එකට එක බැච් එකක් උඩින් ඉන්න සීනියර් කෙනෙක්. ඉතින් හැමෝම ගවුම් ඇඳලා, මොඩ්ල්ස්ලා වගේ සහභාගි වෙන මේ තරගෙදි සාරිය ඇඳලා. කොණ්ඩෙ කඩලා දාලා, ලස්සන දෙමල කෙල්ලෙක් විදියට බය නැතුව ස්ටේජ් එක උඩ ඇවිදන් එන ඉන්දු ආපහු තරගෙ ඉවරවෙලා යන්නෙ දේවල් දෙකක් දිනාගෙන.
එකක් තරගයේ ජයග්‍රහණය. අනෙක මුකුන්ද්ගෙ හිත.
Love in first sight කියන එක අපි හරි සරලව භාරගත්තට ඒ වගේ ආදර කතාවකට වුණත් අමරණීය වෙන්න පුලුවන් කියලා ඔප්පු කරන ආදර කතාවක් පටන් ගන්නෙ මෙන්න මෙතනදි. මුකුන්ද් – ඉන්දු ආදරේ දලු දාන්න පටන්ගන්නෙ හරි හෙමින්. හැබැයි හරි ලස්සනට. ඉතින් ආදරෙන් පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යද්දි ඉන්දු දැනගන්නවා මුකුන්ද් ආසාවෙන් ඉන්නවා කියලා යුධ හමුදාවට බැඳෙන්න. හැබැයි මුකුන්ද්ගෙ අම්මා වෙච්ච ගීතා නම් මේකට කැමති වෙන්නෙ නෑ. යුද්දෙ තියෙන කාලෙක මොන අම්මද කැමතිවෙන්නෙ බයක් සැකක් නැතුව තමන්ගෙ දරුවව හමුදාවට භාරදෙන්න? ඒත් මුකුන්ද්ගෙ තීරණේ වෙනසක් වෙන්නෙ නෑ. තාත්තගෙ සහ ඉන්දුගෙ උදව්ව එක්ක මුකුන්ද්ට පුලුවන් වෙනවා ජාතික ආරක්ෂක ඇකඩමි ප්‍රවේශ විභාගය සමත් වෙන්න.
මේ හැමදේම එක්ක මුකුන්ද් ඉන්දුව තමන්ගෙ ගෙදර අයට පෙන්නන්න එක්කරගෙන යනවා. මුකුන්ද්ගෙ තාත්තා සහ සහෝදරියො දෙන්නා නම් ඉන්දුට අකමැති වෙන්නෙ නෑ. ඒත් අම්මා? අම්මා නම් සුපුරුදු නැන්දම්මා භූමිකාව තමයි රඟපාන්නෙ තමන්ගෙ අකමැත්ත පෙන්නවා.
මුකුන්ද් යනවා තමන්ගෙ හමුදා පුහුණුවට. මාස කීපයකක අමාරු training එකකට පස්සෙ මුකුන්ද්ට පුලුවන් වෙනවා රයිෆල් සහ තුවක්කු පුහුණුකරුවෙක් විදියට සේවය කරන්න පටන්ගන්න. මුකුන්ද්ගෙ ඊලඟ පියවර වෙන්නෙ ඉන්දුගෙ ගෙදර අයටත් තමන්ගෙ සහ ඉන්දුගෙ සම්බන්දෙ ගැන විස්තර කියලා මේ සම්බන්දෙට කැමැත්ත ගන්න එක. ඒත් මේ ආදරේට නම් අපි හිතන විදියට දෙවියන්ගෙ ආශිර්වාදෙ හම්බුනත් ගෙවල් වල ආශිර්වාදය ගන්න නම් ටිකක් විතර දුක් විඳින්න වෙනවා.
මුකුන්ද්ගෙ අම්මා අකමැති උනා වගේම ඉන්දුගෙ තාත්තායි සහෝදරයා වෙන දීබුයි දෙන්නම අකමැති වෙනවා. එකක් ඒ තමන් දෙමල ජාතිකයන් වීම සහ අනෙක දීබු කියන්නෙත් හමුදා නිලධාරියෙක් වීම. ප්‍රශ්න දුර දිග යන්නෙ ඉන්දුගෙ තාත්තා වෙන ජෝර්ජ් වර්ගීස් මුකුන්ද් ගැන එයාගෙ අණ දෙන නිළධාරියට කම්ප්ලේන් කරන එකත් එක්ක. මේ ප්‍රශ්න අවසාන වෙන්නෙ මුකුන්ද් – සහ ඉන්දු තමන්ගෙ ආදර කතාවට නැවතීමේ තිත තියනවත් එක්ක.
ඉතින් ගෙවල්වල ප්‍රශ්න නිසා ආදරේට නැවතීමේ තිතක් තිබ්බ මුකුන්ද් සහ ඉන්දු ආයෙම වතාවක් හමුවන්නෙ කොහොමද? ඒ ආදරේ දිග පළල කොච්චරද? ඒ ගැන දැනගන්න නම් ඔයාලා මේ අපූරු චිත්‍රපටය බලන්නම ඕන.
චිත්‍රපටය බලන්න යන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ කතාව කියන්නම ඕන. ඒ තමයි මේ චිත්‍රපටය බලලා ඔයාට ගෙදර එන්න වෙන්නෙ අඬ අඬ.
ඉතින් අමරණීය ප්‍රේම කතා ඉවරවෙන්නෙ නෑ. ඒක මතක තියාගෙනම මේ අපුරූ චිත්‍රපටය බලන්න යන. ඔයාගෙ ඇස් වලින් වැටෙන කඳුලු කැට වලින් තමයි මේ අපූරු චිත්‍රපටය පිදුම් ලබන්නෙ. ඒ වගේම අපි චිත්‍රපටයක් බලලා ඇස් වලින් කඳුලු වක්කරද්දි, ඇත්තම මුකුන්ද්ගෙ ඇත්තම අමරණීය ප්‍රේමය වෙච්ච ඉන්දු එක කඳුලක්වත් හෙලන්නෙ නැතුව තවමත් තමන්ගෙ අමරණීය ප්‍රේමය පරිස්සම් කරනවා කියල අමතක කරන්න එපා!