මලයාලම් සිනමාවෙන් ලෝකෙට දායාද කරපු තවත් අපූරු චිත්‍රපටයක් ගැන තමයි අද අපි කතාකරන්න යන්නෙ. මේ චිත්‍රපටය මේකෙ කතාව වගේම රඟපාන නලුවා හින්දම ඉතාම ජනප්‍රිය වෙච්ච කතාවක් කියල කියන්නම ඕන.
චිත්‍රපටයේ නම Bogunvillea. මේක 2024 අවුරුද්දෙ Release වෙච්ච මලයාලම් බාශාවෙන් ආව Psychological Thriller Movie එකක්. ඒ වගේම මේකෙ රඟපාන්නෙ Fahad Faasil. Fahad කියන්නෙ බහුතරයක් ශ්‍රී ලාංකේය මලයාලම් චිත්‍රපට ලෝලින්ගෙ හිත් දිනාගත්ත කෙනෙක් බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ වගේම තමයි Fahad මේ චිත්‍රපටයට දෙන අමුතුම දිස්නෙ ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑ.
ඉතින් වැඩි කතා මොකටද අපි බලමු මොකද්ද මේ චිත්‍රපටයෙ වෙන්නෙ කියලා.
රොයිස් තෝමස් සහ රීතු කියන්නෙ විවාහ වෙලා සන්තෝසෙන් ඉන්න ජෝඩුවක්. හැබැයි මෙයාලගෙ මේ සන්තෝසදායක ජීවිතේ අවසන් වෙනවා නොහිතපු වෙලාවක වෙන අනතුරකින් රීතු Amnesiac රෝගියෙක් එහෙමත් නැත්තම් සම්පූර්ණයෙන්ම හෝ මතකයෙන් කොටසක් අමතක වීමක් වෙන එක.
අවුරුදු අටකට පස්සෙ මේ දෙන්න කොට්ටයාම් වල ජීවත්වෙන්න යනවා එයාලගෙ දරුවො දෙන්න වෙච්ච රයන් සහ එමා එක්ක. රොයිස් වැඩ කරන්නෙ ඉස්පිරිතාලෙ. මෙයා උදේට වැඩට ගියාම සහ දරුවො දෙන්න පාසල් ගියාම රීතුව බලාගන්නෙ එයාලගෙ සේවිකාව වෙච්ච රීමා.
රීතු හරි ආසයි චිත්‍ර අඳින්න. මෙයා අඳින චිත්‍ර ආට් ගැලරි එකකට සාධාරණ විදියට විකුණනවා. ඒ වගේම රොයිස් මේවා එකතුකරලා කුට්ටික්කානම් හරියෙ තියෙන එයාලගෙ රිසෝට් එකක ගබඩා කරලා තියෙනවා. මේ චිත්රවල තියෙන විශේෂත්වය තමයි රීතු අඳින හැම චිත්‍රයකම බෝගාන්විලා මල් පේන්න තියෙන එක. තමන් ඇයි එහෙම හැම චිත්‍රෙකම බෝගන්විලා මල් අඳින්නෙ කියන එක රීතුටවත් ඇත්තටම හිතාගන්න බෑ.ඒ වගේම රීතු රොයිස්ට ඉඳගෙන කියනවා එයාගෙ ගෙදර එලියෙන් ගොරවන සද්ද ඇහෙනවා කියලා. “බයවෙන්න දෙයක් නෑ” කියන්න රොයිස් එයාලගෙ ගෙදර වටේටම් CCTV කැමරා හයි කරනවා.
කොහොමහරි මේ කැමරා හයි කරන්න මිනිස්සු ආව දවසෙ රීතු පුදුම විදියට කලබල වෙලා හරිම දරුණු විදියට හැසිරෙන්න ගන්නවා. අන්න එදා තමයි එයාලගෙ සේවිකාව වෙච්ච රීමාගෙ සැමියට මේ ගැන සැකයක් මතුවෙන්න ගන්නෙ.
මේ අතරෙ රීතුට ආරංචි වෙනවා තරුණ ගැහැණු ළමයෙකුගේ අතූරුදහන් වීම ගැන. ඒ ළමයගෙ නම චායා කාර්තිකේයන්. එයා කුට්ටික්කානම් වල මේරියන් කොලේජ් එකේ ඉගෙන ගන්න, තමිල්නාඩුවල දේශපාලඥනයෙක්ගෙ දුවෙක්. නිව්ස් වලට මේ ගෑණු ළමයව පෙන්වද්දි රීතු කියනවා “මම මෙයාව දන්නවා” කියලා. ඒ වගේම එයා hallucinate කරනවා ඒ ගෑණු ළමයා සූරියකාන්ත මල් වත්තක් මැද්දෙන් එයාගෙ පස්සෙන් දුවගෙන එනවා. රීතු මොකද කරන්නෙ එයා මේ සූරියකාන්ත මල් වත්ත චිත්රයක අඳිනවා. ඒ වගෙම එයාගෙ දරුවො දෙන්න වෙනුවෙන් බැට්මෑන් ලෝගො එකයි හාවෙකුයිත් අඳිනවා.
මේ අතරෙ මේ ගැහැණු ළමයගෙ අතුරුදහන් වීම ගැන පරීක්ශන පටන් ගන්නවා. මේ පරීක්ෂනේට එන්නෙ ACP ඩේවිඩ් කෝශි. එයා තේනිවල පොලිස් නිලධාරියෙක්. මේකෙදි ඩේවිඩ් හොයාගන්නව අතුරුදහන් වෙච්ච චායාගෙ ඉස්කෝලෙ හොස්ටල් එක ලඟ කැමරාවක සටහන් වෙලා තියෙන රීතුගෙ පින්තූරෙ. ඒ විදියට තමයි රීතු මේ ඉන්වෙස්ටිගේශන් එකේ ප්‍රධාන සැකකරු වෙන්නෙ.
රීතුගෙන් ප්‍රශ්න කරන්න ගත්තම රීතු මහ අමුතු කතාවක් තමයි කියන්නෙ. ඒ ඔය නැතිඋනා කියන ගෑණු ළමය ලඟ රීමා, එහෙම නැත්තම් එයාලගෙ සේවිකාව ඉන්න බව එයාට මතකයි වගේ කියලා. මෙතනදි රොයිස් ඩේවිඩ්ට රිතුගෙ අනතුර සහ එයාට ඒකෙන් වෙච්ච බලපෑම විස්තර කරනවා. ඒ වගේම මෙන්න මෙතනදි හරිම Shocking දෙයක් අපිට ඩේවිඩ් පෙන්නල දෙනවා. ඒ තමයි මේ ඇත්තටම රිතු එයාගෙ ලමයි කියල හිතාගෙන ඉන්න දෙන්න ඉන්නවා නේද?
අන්න එහෙම දෙන්නෙක් නෑ. දරුවො දෙන්නා ඉන්නෙත් රිතුගෙ ඔලුව ඇතුලෙ බිහිවෙච්ච Hallucination එකක විතරයි කියලා. රීතු කිව්ව කතාව එක්ක ඩේවිඩ් රීමා සහ එයාගෙ සැමියා වෙච්ච බීජුගෙන් මේ ගැන අහනව. එතකොට ඒ දෙන්න කියනවා ඔය කියන දවස්වල ඒ දෙන්න එයාලගෙ නෑ කෙනෙක්ගෙ මගුලකට සහභාගි වෙන්න ගමෙන් පිටවෙලා උන්නෙ කියලා.
ඩේවිඩ් ගෙ ඔලුව විකාර වෙන්න පටන් ගන්නෙ මුලින් නැතිවෙච්ච ළමයා ලඟ රීමා ඉන්නවා දැක්ක කියන රීතු පස්සෙ කියනවා ඇත්තටම එතන ඉඳියෙ රීමා නෙවෙයි තමන් බව.
කොහොමහරි මේ විදියටම තව ගැහැණු ළමයින් දෙන්නෙක් අතුරුදහන් වෙනවා. දවසක් රෑ ගෙදරට පනින හොරෙක් නිසා රොයිස්ට තුවාල සිද්ද වෙනවා. එයා රිතුවත් අරගෙන පොලිසියට යන්න හදනවා. හැබැයි රොයිස් ඉන්නෙ අඩ සිහියෙන් වගේ. කාරෙක පදවගෙන යන්නෙ රිතු.
ගැහැණු ළමයි දෙන්නගෙ අතුරුදහන් වීමත් එක්ක ඩේව්ඩි මීරා කියලා expert criminologist කෙනෙක්ව මේ පරීක්ෂණයට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම රිතුට තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියලා දැනගන්න මීරා එනවා රිතුව හම්බුවෙන්න. එතනදි එයා දැනගන්නවා රිතු දෙයක් කල්පනා කරන්න පටන්ගනිද්දි එයාට මතක් වෙනවා කියල එයාව කොහෙ හරි ගිලිලා යනවා.
මේ ගිලීයාම සහ මතකය අහිමි වීම අතර සම්බන්ධයක් ඇති කියලා හිතන මීරා සහ ඩේවිඩ් රිතුට Treatment කල වෛද්‍යවරයා වෙන මනෝව හම්බෙන්න යනව.
ඉතින් ඔයාලා හිතන්නෙ එතනදි කතාවෙ ඇත්ත නැත්ත දැනගන්න ඉඩක් හම්බුවෙයිද?
රිතු අඳින හැම චිත්‍රයකම බෝගන්විලා තියෙන්නෙ ඇයි? ඊටත් වඩා තමන් අඳින චිත්‍ර ආට් ගැලරි එකට විකුණුවයින් පස්සෙ රොයිස් ඇයි ඒව එයාගෙ රිසෝට් එකේ ගබඩා කරන්නෙ?
නැතිවෙච්ච ගෑණු ළමයි සහ බෝගන්විලා අතර තියෙන සම්බන්ධෙ මොකද්ද?
මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඔයාලා Bogunvillea Film එක බලන්නම ඕන!
ReplyForwardAdd reaction |