සිරුරේ බර අනුව ඔබ දිනකට පානය කල යුතු වතුර ප්‍රමාණය දැන ගනිමු

අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණු විට වතුර ගොඩාක් එක පාර බොන්නයි. ඒත් වතුර බොන නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි. එකිනෙකාගේ සිරුරේ බර වෙනස් නිසා එකිනෙකාට දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය වෙනස්. අද අපි ඒ ගැන කතා කරමු.

වතුර කොච්චර වැදගත් ද? 

මිනිස් ශරීරයේ දළ වශයෙන් 60% ක විතර තියෙන්නේ වතුර. අපි නිසි විදියට වතුර නොබිව්වොත් සංකූලතා රාශියක් ඇති වෙන්නේ ඒකයි. සිරුරේ සෑම පද්ධතියකම පාහේ නිසි ක්‍රියාකාරීත්වයට වතුර මූලික වනවා. රුධිරයේත් වැඩි ප්‍රතිශතය වතුර වීම ඒකට හේතුවයි. 

වතුර නොබිව්වොත් මොකද වෙන්නේ?

අපිට ආහාරයක් නැතුව දවස් කිහිපයක් ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඒත් වතුර නැතුව ඉන්න පුළුවන් ඉතා සීමිත කාලයක් විතරයි. වතුර නොබිව් විට විජලනය ඇති වෙනවා. නිසි පරිදි වතුර නොබොනවා යැයි නිරීක්ෂණය කරන්න පුළුවන් මුල් ම ලකුණ තමයි වියළි සම. ඒ හැරුණාම හිස කැක්කුම්, මානසික ඒකාග්‍රතාව ගිලිහීම, කම්මැලිබව, ප්‍රබෝධමත් නොවීම දකින්නට පුළුවන්. එමෙන්ම සිරුරේ අපද්‍රව්‍ය (Toxin හෙවත් ධූලක) දහඩිය සහ මුත්‍රා වලින්. එම ක්‍රියාවලියටත් වතුර නොබිව්වොත් බාධා ඇති වෙනවා.

දවසකට වතුර කොච්චර බොන්න ඕනෙද? 

පිපාසය දැනෙන හැම වෙලාවකම විතරක් නෙවෙයි, නිතරම වතුර උගුරු කිහිපයක් බීම තමයි වෛද්‍ය නිර්දේශය. සුදුසු ම දේ තමයි, සිරුරේ බරට බොන්න ඕනෙ වතුර ප්‍රමාණය මැනගෙන බෝතලේක දාගෙන නිතරම ළඟ තියාගන්න එක. එතකොට නිතර ම, අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්න පුළුවන් වෙනවා.

සාමාන්‍යයෙන් ඔබේ බර මෙන් 0.033 ගුණයක වතුර ලීටර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඔබේ බර කිලෝ ග්‍රෑම් වලින් සටහන් කරගෙන, එය 0.033කින් ගුණ කිරීමෙන් ලැබෙන පිළිතුර තරම් ලීටර් ප්‍රමාණයක් තමයි ඔබේ දෛනික වතුර අවශ්‍යතාවය.

ඔබේ බර (kg) × 0.033 = අවශ්‍ය වතුර ලීටර ප්‍රමාණය

40kg × 0.033 = ලීටර 1.32

50kg × 0.033 = ලීටර 1.65

60kg × 0.033 = ලීටර 1.98

කෑමවලින් වතුර ලැබෙන්නේ නැද්ද? 

අප ගන්නා බොහෝ කෑමවලිනුත් වතුර ශරීරයට ලැබෙනවා. ඒත් ඒ සුළු ප්‍රමාණවලින්. තැඹිලි හෝ පොල් වතුර, පිපිඥ්ඥා, කොමඩු වැනි ආහාරවලින් තරමක් වැඩි වතුර ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා. 

නිසි පරිදි මූත්‍රා පිටවෙනවාද ? 

සිරුරට අවශ්‍ය පරිදි වතුර ලැබෙනවා නම්, ලා පැහැ මුත්‍රා වැඩි ප්‍රමාණයක් පිටවෙනවා. මූත්‍රා තද පැහැ නම්, ප්‍රමාණය අඩු නම් ඔබ ප්‍රමාණවත් ලෙස වතුර පානය කර නැතිවීමත් හේතුවක් විය හැකියි.

අපි හැමෝගෙම බලාපොරොත්තුව නිරෝගී ජීවිතයක්. හරිම පහසු දෙයක් වන වතුර නිසි පරිදි පානය කිරීමෙන් අපේ ඒ බලාපොරොත්තුව සඵල වෙනවා. දීප්තිමත් සමක හිමිකරුවෙක් වන්නටත් හැකි වෙනවා. 

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...