ලැවරියා කියන්නෙ ශ්‍රී ලාංකීය අපි බොහෝදෙනෙක් ප්‍රියකරන හරිම ජනප්‍රිය වගේම රසවත් කෑමක්නේ. වැඩි ඝනකමක් නැති පිටි තට්ටුවකින් මැදිවෙලා තියෙන රසම රස පැණිපොල් පිරවුමක් එක්ක හැපෙන ලැවරියා උදෑසන ආහාරයක්, රාත්‍රී ආහාරයක් වගේම තේ වෙලාවටත් ගැළපෙන කෑමක් විදිහට අපේ ආහාර රටාවට එකතු වෙලා තියෙනව.
ඉතිං smart lady අපි අද ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ රසම රස ලැවරියා වැඩි මහන්සියක් අපහසුවක් නැතුව හදාගන්නෙ කොහොමද කියලයි.
එහෙනම් පුරුදු විදිහට මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.
අවශ්‍ය අමුද්‍රව්‍ය
ලැවරියා සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදාගන්න පුළුවන්.
ඒ පැණි පොල් පිරවුම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ පිටි මෝලිය හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය විදිහටයි.
පිරවුම සඳහා (පැනි පොල්)
ගාගත් පොල් – කෝප්ප 1 ½
සීනි – කෝප්ප 1
කුඩු කරගත් කරදමුංගු – තේ හැඳි ½
ලුණු – තේ හැඳි ¼
උණු වතුර – මේස හැඳි 2
පිටි මෝලිය සඳහා
සුදු ඉඳි ආප්ප පිටි / සහල් පිටි – කෝප්ප 2
ලුණු – තේ හැඳි ¼
වතුර – කෝප්ප 1 ½ පමණ
තෙල් – ස්වල්පයක් (ඉඳි ආප්ප තට්ටු වල ආලේප කිරීමට)
ලැවරියා සාදන ආකාරය
මුලින්ම අපි පැණි පොල් පිරවුම හදාගමු.
මේ සඳහා මුලින්ම පෑන් එකක් ලිපේ තියල ඒකට සීනි දාල මඳ ගින්නේ සීනි ටික රත් කරගන්න ඕන.
සීනි රත්වෙන කොට සීනි ටික දියවෙලා තද පැහැයකට හැරෙනව.
මේ විදිහට සීනි රත්කරද්දි සීනි අධික ලෙස රත් නොකරන්න ඔබ ප්‍රවේශම් සහගත වෙන්නම ඕන. මොකද, වැඩිපුර රත්වෙන සීනි වලින් පැණිපොල් මිශ්‍රණයට තිත්ත රසක් එකතු වෙන්න පුළුවන්.
දැන් සීනි තද දුඹුරු පැහැයට හුරු රන්වන් පාටකට හැරුණට පස්සෙ හෙමීට උණු වතුර එකතු කරල හොඳින් කලවම් කරගන්න ඕන.
උණු වතුර එකතු කරද්දී සීනි මිශ්‍රණය පුපුරන්න පුළුවන් නිසා තරමක් ප්‍රවේශම් වීම වැදගත්.
ඊටපස්සෙ මේ පැණි මිශ්‍රණයට කුඩු කරගත්තු කරදමුංගු සහ ලුණු එකතු කර නැවත කලවම් කරගන්න ඕන.
සීනි හොඳින් දිය වී බුබුළු දැමීමට පටන් ගත්තම ගාගත් පොලුත් මේ මිශ්‍රණයට එකතු කරගන්න ඕන.
දැන් මේ කළමණා සියල්ලම හොඳින් මිශ්‍ර කර, පෑන් එක ලිපෙන් ඉවත් කරගෙන නිවෙන්නට තබාගන්න ඕන.
වැඩිපුර තියෙන වතුර වාෂ්ප වෙලා පිරවුම තරමක් ඝන වන තෙක් පිස ගැනීම අනිවාර්‍ය බවත් අපි මතක් කරන්න කැමතියි.
සීනි මුලින්ම රත් කරල එය කැරමල් කිරීම මඟින් පිරවුමට විශේෂ රසයක් එක් කරගන්න පුළුවන්. සීනි අධික ලෙස රත් වුනොත් පැණිපොල් මිශ්‍රණය තිත්ත වන නිසා මධ්‍යම ගින්දරේ පවත්වා ගනිමින් ඉතාම සැළකිල්ලෙන් බලා ඉන්න එක වැදගත්.
ඊළඟට, අපි පිටි මෝලිය හදාගමු.
ඊළඟට, පිටි මෝලිය සාදාගමු.
පිරවුම හදාගත්තට පස්සෙ ඊළඟට පිටි මෝලිය හදාගන්නයි තියන්නෙ.
ඒ සඳහා සුදු ඉඳි ආප්ප පිටි හෝ සහල් පිටි තරමක් විශාල භාජනයකට දාලා ලුණු ස්වල්පයක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරන්න ඕන.
ඊටපස්සේ, උණු වතුර ටිකෙන් ටික එකතු කරමින් මෘදු අතේ නොඇලෙන පිටි ගුලියක් හදා ගන්න ඕන.
පිටි ගුලිය අවශ්‍ය ප්‍රමාණයට මෘදු වුනාට පස්සෙ මේ පිටි ගුලිය තෙත රෙදි කෑල්ලකින් එහෙමත් නැත්නම් ලන්ච් ශීට් එකකින් වහල විනාඩි කිහිපයක් තබාගන්නත් ඕන.
දැන් අපි ලැවරියා හදාගෙන තම්බගන්නෙ කොහොමද කියල බලමු.
මුලින්ම, ලැවරියා තැම්බීම සඳහා යොදාගන්න ඉඳිආප්ප තට්ටු වලට හෝ කෙසෙල් කොළ වලට තෙල් ස්වල්පයක් ආලේප කරන්න ඕන.
ලැවරියා තැම්බුණු පසු පහසුවෙන් ගලවා ඉවත්කරගන්න මේ පියවර හරිම වැදගත්.
ඊටපස්සෙ කලින් හදාගත්තු පිටි ගුලියෙන් කුඩා කොටසක් ඉඳි ආප්ප වංගෙඩියට දාල එයින් තුනී රවුම් තට්ටුවක් ඉඳිආප්ප තට්ටුවට මිරිකා ගන්න ඕන. හරියට අපි ඉඳිආප්පයක් හදාගන්නව වගේමයි.
ඊටපස්සෙ අපි කලින් හදාගත්තු පැණිපොල් පිරවුමෙන් ටිකක් මිරිකාගත්ත ඉඳිආප්ප රවුමේ මැදට දමා අඩ හඳක හැඩයට දෙපැත්ත එකට සිටින සේ නවා ගන්න. එහෙමත් නැත්නම් දෙකට නවාගන්නත් පුළුවන්.
මේ විදිහට හදාගත්තු ලැවරියා වාෂ්පයෙන් තම්බා ගන්න ඕන. මේ සඳහා ඉඳිආප්ප හදන ෆ්‍රෙෂර් කුකර් හෝ වෙනත් ක්‍රමයක් භාවිතා කරන්නත් පුළුවන්. ලැවරියා හොඳින් තැම්බී ඇත්දැයි බැලීමට ඇඟිල්ලෙන් හෙමීට තද කරල බලන්න පුළුවන්.
පිටි ඇඟිල්ලේ ඇලෙන්නේ නැත්නම් නම් එය හොඳින් තැම්බී ඇති බව දැනගන්න පුළුවන්.
තෙල් ආලේප කිරීමෙන් ලැවරියා ඉඳි ආප්ප තට්ටු වල ඇලීම වළක්වා ගන්න පුළුවන්.
පිටි ගුලිය තුනීව මිරිකා ගැනීමෙන් ලැවරියා මෘදු වන අතර හොඳින් පිසගන්නත් පුළුවන්. ලැවරියා තැම්බෙන්න වැඩි කාලයක් ගත නොවී ඉක්මනින් තැම්බෙන නිසා නිතර පරීක්ෂා කිරීමත් වැදගත්ය.
දැන් ඉතිං සීනි අඩුවෙන් උණුවෙන් හදාගත්ත රසම රස ප්ලේන්ටියක් එක්ක පැණිපොල් පිරුණු ලැවරියා රස බලන්නයි තියන්නෙ.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |