ගුවන් අනතුරු ගැන කතන්දර ඔබ ඕනෑ තරම් අහලා ඇති. අපි මේ අද කියන්න යන්නේ ලොකයේ භයානකම ගුවන් අනතුරු කිහිපයෙන් එකක් ගැන ඉතා භයානක සහ අනුවේදනීය කතාවක්
1972 ඔක්තෝබර් 12 වෙනිදා දකුණු ඇමරිකාවේ උරුගුවේ වල ඉඳලා චිලී රාජ්‍යයේ සැන්ටියාගෝ වලට කුඩා ගුවන් යානයක් ගමන් අරඹනවා. මේ ගුවන් යානය ඇතුලේ උරුගුවේ වල රග්බි කණ්ඩායමක්, ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන්ගෙන් සමන්විත 45 ක විතර කණ්ඩායමක් ඉන්නවා. මේක පැය තුනක විතට කෙටි ගමනක්.
ගමන අරඹලා පැය දෙකක් වගේ කිට්ටු වෙනකොට මේ ගුවන් යානය, ලෝකයේ දිගම කඳුවැටියක් වෙන ඇන්දීස් කඳු වැටිය පහු කරන්න පටන් ගන්නවා. ටික වෙලාවක් සාමකාමීව කදු වැටිය පහු කරත්, එකපාරටම තත්වය වෙනස් වෙනවා. කුණාටුවක් නිසා ගුවම් යානය පාලනය අපහසු වෙනවා. ඒ හින්දාගුවම් නියමුවා තීරණය කරනවා වහාම හැකි පළමු ස්ථානයේම ගොඩ බෑමක් කරන්න. ඊට පස්සේ ආජන්ටිනාවේ මෙන්ඩෝසා වල ගුවන් යානය ගොඩ බානවා.
එදා රැය මෙන්ඩෝසා වල ගත කරන මේ කණ්ඩායම පහුවෙනිදා, ඒ කියන්නේ ඔක්තෝබර් 13 වෙනිදා දවල් හරියටම 3.21 ට ආයෙම මෙන්ඩෝසා වලින් සැන්ටියාගෝ වලට ගමන් අරඹනවා. ඒ වෙනකොට ඔවුන්ගේ ගමනාන්තයට තියෙන්නේ පැයක වගේ කාලයක්.
කොහොම හරි තව ටික වෙලාවක් යනකොට, කාලගුණ තත්වය ආයෙම වෙනස් වෙනවා. ගුවන් යානය වලාකුළු වලින් වැහෙන්න ගන්නවා. ඒ වගේම ගුවන් යානය සුලු හෙල්ලීම් කිහිපයකටත් නතු වෙනවා. මේ අතරේදි ගුවන් යානයේ තියෙන අනතුරු ඇඟවිමේ සීනු පවා නාද වෙනවා. ඒත් රග්බි කණ්ඩායම සහ ඔවුන්ගේ හිත මිතුරන් නම් ඒකට කලබල වෙන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට වලාකුළු අඩු වෙනවා ඒත් එක්කම කන්ඩායමේ කෙනෙක් කවුලුවකින් එලිය බලනවා. දකින දර්ශනය එක්ක ඔහු මහ හඬින් කෑ ගහනවා.
” දෙය්යනේ … අපි කන්දේ හැප්පෙන්නයි යන්නේ…”
ඒත් එක්කම හැමෝම කලබල වෙනවා. වළාකුළු අයින් වීමත් එක්ක මේ තත්වය දකින ගුවන් නියමුවන් , තමන්ගේ ගුවන් යානට කඳු වල වැදෙන්න නොදී ඉහලට ගන්න සෑහෙන්න උත්සාහ කරනවා. ඒත් අවාසනාවන්ත විදියට එකපාරටම ගුවන් යානයේ පිටුපස කොටස කඳු කොටසක ගැටෙනවා. ඒ කොටස කැඩිලා විසිවෙලා යනවාත් එක්කම, පිටුපස උන්න තුන්දෙනෙක්ම ගුවන් යානයෙන් විසි වෙලා ගිහින් වැටිලා මැරෙනවා.
තමන් එක්ක එකට උන්න තුන්දෙනෙක්ම විසි වෙලා යනවා යන්තමින් දකින ගුවන් යානය තුළ ඉන්න පිරිස බියෙන් කෑ ගහනවා. ඒත් එක්කම ගුවන් යානයේ වම් තටුවත් කඳු කොටසක ගැටෙනවා. එතනදිත් තවත් මගීන් කිහිප දෙනෙක් විසි වෙලා ගිහිල්ලා මැරෙනවා
ටික වෙලාවක් යනකොට ගුවන් යානය විශාල ග්ලැසියරයක වැදෙන්වා. පැයක කිලෝ මෝටර් 350කවගේ වේගෙන් ගුවන් යානය හිම දිගේ ඇදිලා යනවා. ඊටත් පස්සේ කන්දකින් පහලකට වැටෙනවා.
මේ වැටෙනකොට නියමු කුටියත් Chapter ගිහින් නියමුවන් දෙන්නාම මිය යනවා. හතලිස් පහක කණ්ඩායමෙන් තිස්තුන් දෙනෙක්, දැඩි තුවාල සහ වේදනාවක් එක්ක ගුවන් යානය තුළ වැටිලා ඉන්නවා.
සෙන්ටිග්‍රේඩ් ඍණ ගණන්වල උශ්ණත්වයක් තියෙන පරිසරයක, තුවාල එක්ක, වෛද්‍ය සහයක් තියා බොන්න වතුර ටිකක්වත් නැතුව මේ තිස් තුන් දෙනා අසරණ වෙනව.
මේ පිරිසේ ඉන්න පැරාඩෝ කියන විසි තුන් වියැති තරුණයා ඉන්නේ ඉතාම අසාධ්‍යව. අනතුරෙන් පැයක් වගේ යනකොට චිලී වල ගුවන් යානා සෙවීමේ හා මුදවාගැනීමේ ඒකකය තහවුරු කරගන්නවා මේ ගුවන් යානය අතුරුදන් වෙලා බව. ඔවුන් වහාම ගුවන් යානා හතරක් එක්ක මුදවා ගැනීමේ මෙහෙයුම් පටන් ගන්නවා. ඒත් අවාසනාවන්ත විදියට හිම වලින් පිරිලා තියෙන ඒ ප්‍රදේශයේ සුදු පාටබඳක් එක්ක තිබුණ ගුවන් යානය හොයාගන්න එක ඔවුන්ට ලේසි වෙන්නේ නැහැ.
මේ අතරේ ටික ටික රෑ වෙනවා. අනතුරට පත් වුන ගුවන් යානයේ උන්න පිරිස තේරුම් ගන්නවා තමන්ට රැය පහන් කරන්නට සිදු වෙන බව. ඔව්න් සීතල දරාගන්න පුලුවන් වෙන්න ගුවම් යානයේ ඉතුරු කොටස ඇතුලට යනවා. ගුවන් යානා බඳේ කැඩිලා තිබුන තැන් වලට සීට් කොටස් තියලා සීතල නොඑන්න පිලිසකර කරගන්නවා.
නමුත් මේ වෙද්දීත් ඉතාම අසාධ්‍ය වෙලා උන්න තව කෙනෙක් මිය යනවා.
පහුවෙනිදාම උරුගුවේ, ආජන්ටිනා සහ චිලී මුදවාගැනීමේ ගුවන් යානා එකොළහක් මේ යානය හොයන්න ගුවන් ගත වෙනවා. ඔවුන් ගුවන් යානය අනතුරට පත් වුන ප්‍රදේශය නිවැරදිවම හඳුනාගත්තත් ඔවුන්ට අනතුරට පත් ගුවන් යානය නම් සොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඉතුරු ගුවන් යානා කොටස විශාල දුරකට ඇදිලා ගිහින් කඳු කොටසෛන් පහළටත් වැටිලා තිබීම.
ඒ අතරේදී අනතුරට පත් වෙලා ඉන්න කණ්ඩායමත් ගුවන් යා වහලයේ ලිප්ස්ටික් වලින් ආධාර ඉල්ලලා අකුරු ලියනවා. ඒත් එක අකුරක් ලොකුවට ලියනකොට ලිප්ස්ටික් ඉවර වෙනවා. ඒත් අධෛර්යමත් නොවන පිරිස, ඉහළින් යන ගුවන් යානයකට තමන් ඉන්න ප්‍රදේශය පෙනෙන්නෙට සැලස්වීම වෙනුවෙන් ඔවුන් සැලසුම් සකස් කරනවා.
ඊටත් පස්සේ ඔවුන් අවට තිබුණ සූට්කේස් වලින් කතිර ලකුණක් හදනවා. ඒත් මුදවාගැනිමේ ගුවන් යානා ගමන් කරන්නේ ඉතා ඉහළින් වීම නිසා ඔවුනට මේ සලකුණු කිසිවක්ම පේන්නේ නෑ. ඒත් මේ පහල ඉන්න පිරිස නම් දකිනවා තමන්ව පහු කරගෙන එහෙ මෙහෙ යන ගුවන් යානා කිහිපයක්ම. ඔවුන් කොයි තරම් උත්සාහ කළත් ඒ ගුවන් යානා වල අවධානය ඔවුන් වෙතට ලැබෙන්නේ නම් නැහැ.
කොහොමහරි එදා රෑ වෙනවා. ඊට පස්සේ මෙ පිරිසට තියෙන ලොකුම ප්‍රශ්‍නය බවට පත් වෙන්නේ වතුර. මේ අතරේ සීතල දරාගන්න බැරුව තවත් හය දෙනෙක්ම මිය යනවා.
පිරිසෙම උන්න කෙනෙක් පහුවෙනිදා මේකට උත්තරයක් හොයාගන්න උත්සහ කරනවා. ගුවන් යානා බඳේ තහඩුවක් කඩාගෙන, ඒක අවුවට රත් වෙන්න තියන මේ පුද්ගලයා, හිම ටිකෙන් ටික ඒ මතට දානවා. ටික වෙලාවකින් වතුර බින්දුව බින්දුව වෑස්සෙනවා. ඊටත් පස්සේ, ඔවුන් තැන තැන තිබුණ බෝතල් වලට මේ වතුර වෑස්සෙන්න දෙනවා. මේ විදියට පිරිස ඉතාම අපහසුවෙන් තව දවසක් වෙනුවෙන් බලාපොරොත්තු හදාගෙන ජීවත් වෙනවා.
ඊට පස්සේ අවාසනාවන්ත පණිවිඩය ප්‍රකාශයට පත් කරල සෙවීමේ මෙහෙයුම් අතැරලා දාන්න බළධාරීන් තීරණය කරනවා. දවස් අටක් තිස්සේ අඛණ්ඩව සිදු කරපු ඒ මෙහෙයුම් ඔවුන් ඉන්නෙත් වෙහෙසට පත් වෙලා.
කොහොම වුනත් අනතුරට පත් වුන ගුවන් යානයේ ඉන්න පිරිස බලාපොරොත්තු අත ඇර ගන්නේ නැහැ. ඔවුන් අතරේ උන්න රේඩියෝ ගැන දන්න කිහිපදෙනෙක් එකතු වෙලා, දවස් තුනක් තිස්සේ මහන්සි වෙලා ගුවන් යානයේතිබුණු රේඩියෝ ට්‍රාන්සිස්ටර් එක ආයෙම ක්‍රියාත්මක තත්වයට සකස් කර ගන්නවා.
ඒක එහෙම වුනත්, ඒ රේඩියෝ ට්‍රාන්සිස්ටර් එක හරහා එක් පසෙකට විතරක් පණිවිඩ හුවමාරු වෙන විදියට සැකසිලා තිබුණ නිසා ඔවුන්ට පුලුවන් වෙන්නේ, එහා පැත්තේ කතා වලට සවන්දෙන්න විතර්‍යි. එහෙම සවන් දෙන අතරේදි ඔවුන්ට අහන්න ලැබෙන්නේ ඉතාම වේදනාත්මක පුවතක්. ඒ තමන්ව සොයා ගැනිමේ මෙහෙයුම් නවත්තලා දාලා කියලා.
ඒ පැත්තෙන් තත්වේ එහෙම වෙනකොට, පිරිස තවත් ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ තමයි ආහාර. ඉතා කෙටි ගමනක් නිසා ගුවන් යානයේත් තිබුණ සීමිත ආහාර ප්‍රමාණය දිම දොලහක් ගෙවෙනකොට අවසාන වෙලයි තියෙන්නෙ. කල්පනා කරමින් ඉන්නකොට ඔවුනට ආයෙම පහල වෙන්නේ භයානක අදහසක්.
මින් පෙර දැඩි සීතල සහ තුවාල දරාගන්න නොහැකිව මිය ගියපු ඔවුන්ගේම සගයන්ගේ මළ සිරුරු ඔවුන් තැන්පත් කරලා තියෙන්නේත්, ගුවන් යානයටම නුදුරින් හිමේ. ඔවුන් ඒ දිහාවට ඇවිදගෙන යන්නේ යම් තීරණයක් එක්ක. ඔවුන් අසීරුවෙන් නමුත් තමන්ගේම සගයන්ගේ මිනී මස් කාලා ජීවත් වෙන්න පටන් ගන්නවා සමහර අයට වමනේ යනවා. ඒත් දින තුනක් යනකල්, ඔවුන් ජීවිත රැක ගන්නේ ඒ පිහිටෙන්.
මේ අතරේදී, දාසයවැනි දවසෙ රෑ වෙනකොට මේ පිරිසට හීනෙකින්වත් නොහිතපු අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. ඉහළින් කඩාගෙන එන හිම කුට්ටියක් ඔවුන් නිදාගෙන උන්න ගුවන් යානා කොටසත් එක්කම පහලට විසිවෙලා යනවා. මෙච්චරකල් එකට ජීවිතේ අල්ලන් උන්න අට දෙනෙක් ආයෙම මිය යනවා.
දවස් තුනක් තිස්සේ හිමට යට වෙලා වතුර විතරක්ම බිබි ඉන්න මේ අය අතරින් ඉතුරු අය, අමාරුවෙන් හිම පාදගෙන් එළියට එනවා . ඉන් පස්සේ පිරිසේ උන්න කිහිපදෙනෙක් තීරණය කරනවා උදව් ඉල්ලගෙන චිලී පැත්තට ආයෙම යන්න.
” අපට ගමන් හරි හම්බවෙයි…”
දවස් ගනනාවක්ම එහෙ මෙහෙ ඇවිද්දත් ඔවුන්ට සාර්ථක වෙන්න ලැබෙන්නේම නැහැ. මේ විදියට දවස් 59ක් ගෙවෙනවා. 59 වෙනි දවසේ රෑ මේ අයට මුහුණ දෙන්න වෙන හිම කුණාටුවක් නිසා පිරිසෙන් තව තුන් දෙනෙක් මැරෙනවා.
මේ සිදුවීමෙන් පස්සේ ආයෙම තුන් දෙනෙක් සූදානම් වෙලා කන්ද දිගේ ඉහල පැත්තට යනවා. දවස් හතරක් විතර ඒ විදියට යනකොට මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් දුර්වල වෙනවා.
ඊට පස්සේ එයා අනෙක් දෙන්නාට ඉදිරියට යන්න දීලා, ආයෙම මුල් උන්න තැනට යනවා. ඊට පස්සේ ඉතුරු දෙන්නා කන්දේ මුදුනට ගිහින් අනෙක් පැත්තට යනවා. ද්වස් තුනක් තිස්සේ මෙහෙම යනකොට ඔවුන් දකිනවා, ගඟක්. මේ ගඟ දැක්කට පස්සේ ඔවුන්ට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙනවා. ඔවුන් කුස පිරෙනකල් වතුර බොනවා.
ඊට පස්සේ, ඔවුන් ගඟ දිගේ පහලට යනකොට එහා ඉවුරේ ඉන්න කෙනෙක්ව පේනවා. මේ දෙන්න අසීරුවෙන් ඒ කෙනාගේ අවධානය තමන් දිහාවට ගන්නවා. තමන්ට පේන මානයේ ඉන්නේ මීට මාස දෙකකට කලින් කඩාගෙන වැටුණ ගුවන් යානයේ දෙන්නෙක් බව දැනගන්න මේ කෙනා වහාම, ළඟම හමුදා කඳවුරට දැනුම් දෙනවා.
ඔන්න අවසනේදි, අනතුරෙන් දවස් හැත්තෑවකට පස්සේ, හතලිස් හතර දෙනෙක්ගෙන් ගමන් අරඹපු මේ ගුවන් යානයේ අන්තිම දහසය දෙනාව බේරගන්න හමුදාවට පුලුවන් වෙනවා.
අන්තිමේදි ඔවුන් නිරුපද්‍රිතව හමුදා කඳවුරය අරගෙන යන්නේ ලෝකය පුරාම සියලු දෙනාගේම අවධානය මේ දිහාවට යොමු කරගෙන
ඉතින්, අන්න ඒ විදියට හිත ඇත්නම් කරන්නබැරි දෙයක් නැති බව මේ භයානක ගුවන් අනතුර එක්ක අපිට කියා දෙනවා…