මේ ඒ වසන්තයයි – 38

0
2663

නුරාන් ඉසිනිද කැටුව යන්නේ කොහිදැයි ඇයට කීවේ නැත. උදෑසන ආහාරය දෙදෙනාම ගෙන තිබුනද නුරාන් උදෑසන ආහාරය වෙනුවෙන් නැවතුණේය. ඉසිනි සැහැල්ලුවෙන් සිටින බව පෙන්නුවත් ඕ ගෙවුණු රැයේ කුමක් සිදු වුනිදැයි විමසා ගත නොහැකිව ලතැවෙන බව නුරාන් වටහා ගත්තේය. කැබ් රියට ගොඩ වූ පසු ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේය.

“ අයියලා අදහස වෙනස් කරගන්නේ නෑ .. ඒ වගේමයි, නුරාන් මන්දිනු එයාගේ අදහස වෙනස් කරගන්නේත් නෑ .. අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න පුලුවන් වේවී නේද තාරා ?…”

ඉසිනි අසීරුවෙන් හිස සැලුවාය. ලෝකයක් එරෙහි වුවද තමා වෙනුවෙන් සිටින එක් අයෙකු යන්න කෙතරම් බලවත්දැයි ඉසිනි දනී. අරුණෝද සහ තමා ගෙවූ ජීවිතය තුළ තම දෙමාපියන්ටවත් තමා වෙනුවෙන් සිටින්නට ඉඩක් නොවූවේය. එයට හේතුව ඔවුන්ද තමා ගෙවූ දුක්ඛිත ජීවිතය ගැන කිසිත් නොදැන හිඳීමය.එහෙත්, නුරාන් මෙලෙසින් පවසන විට සිතට සුව සනීපයක් දැනේ.

“ ඔයා අද මාව හමුවෙන බව අම්මලා දන්නවාද ?..”

ඉසිනි නුරාන් අල්ලා ගෙන උන් අත දෙස බලාගෙනම හෙමින් ඇසුවාය.

“ ම්හ් .නෑ . අම්මලා තාම මේ කතා දන්නේ නෑනේ තාරා.. හෙමින් කියන්නෝනා .. අයියාට කියවලා ආවේ මම උදේ …”

“ රණ්ඩු කරගන්න එපා නුරාන් .. ඒ ඔයා ගේ මිනිස්සු ..”


“ ඉතින්, ඔයා මගේ ගෑණි නේ තාරා.. මං මේ ඔයා වෙනුවෙන් ඉන්නේ නැතිව , ආයේ වෙන කවුරු වෙනුවෙන් ඉන්නද කියනවකො.. මඟුලක් කියවනවා මෙතන……….”

“ ඇයි කෑ ගහන්නේ…?”

මගේ ගෑණියැයි කල හඳුවාදීමෙන් පපුව වඩා උත්කර්ෂවත් හුස්මකින් පුරවා ගන්නා අතරේ එලෙසින් හුරුතල් හඬකට මාරු වූවාය.

“ හරි හරි .. ගමනක් යමූ …”


නුරාන් ඇගේ අත අතැර කැබ් රිය පණ ගන්වා ගත්තේය. යන්නේ කොහිදැයි ඉසිනි විමසුවේ නැත. පැය බාගයක පමණ ගමනකින් පසු නුරාන් අවන්හලක් වෙත පැමිණ උන්නේය. එක් පසෙක වූයේ ජලය පිරී ගිය වැවකි.

“ අම්පාරේ කෘශිකර්මාන්තයඟා සිටුවන්න නම්, නෝනා මේවා දැකගන්න ඕනි…”

නුරාන් අවන්හලේ පිටුපස සකසා තිබූ විශාල ප්‍රමාණයේ ගෙවතු උද්‍යානය වෙත ඉසිනිව කැඳවාගෙන යමින් කීවේය. ඉසිනි උන්නේ යන්තමින් ඔහුගේ අත අල්ලාගෙනය. නුරාන් අතැඟිලි අස්සෙන් පටලවාගත්තේය. පැමිණි අයෙක් නුරාන් සම්ඟ කල කතාබහ කුමක්දැයි ඉසිනිට වැටහුනේ නැත.

“ මේක මම ගන්නවා අද ?..”

“ ඈ ?…”

ඉසිනිට ඇසුණේ කුමක්දැයි තහවුරු කරගන්නට මෙන් ඕ එලෙසින් විමසුවාය.

නුරාන් ඇගේ නාසය රිදෙන්නටම මිරිකා දමා ඇගේ දෑස්තුල ගිලී යලි එයම කීවේය.

“ මම අද මේක ගන්නවා..”

“ මෙක කියන්නේ ?.. මොකද්ද ?.. ගන්නවා කියන්නේ මොකද්ද ?…”

“ මේක කියන්නේ මේ විලා එක. මේ ගාර්ඩ්න් එක එක්කම … ගන්නවා කියන්නේ මිලයට ගන්නවා කියනෙක     “

“ ඒත් .. මේක ? .. මොකටද ?…”

“ බලමුකෝ ඉතින් මොකක් හරි කරන්න ….”

 නුරාන් ඉසිනිගේ අතින් අල්ලාගෙන කුඩා මාවත් දිගේ තුරු අතරින් ඇවිද්දේය.

“ ඉස්සරහ පොඩිවට කොෆී අවුට්ලට් එකක් දාන්න හිතාගෙන ඉන්නේ මම .. මෙතනින්  තමා ගල් ඔය පාර්ක්  එකට යන වාහන ටික යැවෙන්නේ …”

“ ඒත් නුරාන් .. මේකට වියදම් වෙයි ලොකු ගානක් …”

“ අනිවාර්‍යෙන් ඉතින් ..”

“ මෙවෙලේ මේක ඕනිද නුරාන් ?..”

“ කරලා බලමු ඉතින් .. “

නුරාන් මේ ඉටු කරන්නට උත්සාහ කරන්නේ  තමන් දෙදෙනා එක්ව එකට සැලසුම් කරමින් උන් ව්‍යාපාරය බව ඉසිනිට නොවැටහෙනවා නොවේ. එහෙත් මෙවෙලෙහි මෙවැන්නක් වෙනුවෙන් ලක්ෂ ගණනක් ආයෝජනය කිරිම තුළ සිදුවන්නේ, තමා නුරාන්ගේ පවුලේ අයවලුන් අතරේ තව තවත් අපහසුතාවයකට හෙලිමම බව ඉසිනි සැනින් වටහා ගත්තාය.

“ නුරාන් .. මේ හදිසියේ මෙහෙම නොකර, අපි ටිකක් හොයලා බලමු නුරාන් …. “

“ හදිසියක් නෙවෙයි තාරා.. මේක මම ඉස්සර ඉඳන් යන එන තැනක් .. මගේ කිට්ටුම යාලුවෙක්ගේ..ඌ මේක හදනකොටත් මම මෙහෙ ආවා ගියා.. මේ තියෙන කන්සෙප්‍ට් බාගෙට බාගයක් ශාර්ප් කලේ අපි දෙන්නා එක්ක අන්න අර ඉස්සරහ පේන ගල් තලාවට වෙලා …  ඌ කවදාහරි මේක විකුනන දාක මටම දෙන්න පොරොන්දු වෙලා උන්නේ.. ඌට හදිසියේම රට යන්න සෙට් වෙලා.. වයිෆ්ට එහෙ ජොබ් එකක් සෙට් වෙලා..පොඩි උන් දෙන්නත් අරගෙන උන් ජැපෑන් යනවා.. ඉතින් මං මේක ගන්නවා…”

ඉසිනි රිදව ගත්තාය. ඔහුගේ මිතුරන් විවාහ වි දරුවන්ද ලබා ඇත. ඔහු තවම හුදෙකලා ජීවිතයකය. ඕ සුසුමක් හෙලා ඉවතක බැලුවාය. නුරාන්ගේ අතින් ගැලවෙන්නට උත්සාහ කලාය.

“ ඌ ඒලෙවල්වත් නොකර පැනලා  ගියපු හින්දා ඌට ළමයි දෙන්නෙක් ඉන්නේ ..”

නුරාන් අමුතු හඬකින් ඉසිනිගේ සවනට එලෙසින් කොඳුරා ඕ තමා වෙත තවත් ලං කරවාගත්තේය.

“ සල්ලි එකපාර බලාපොරොත්තු වෙන්නේ නෑ ඌ .. මාසෙට ලක්ශ පහ ගානේ දෙන්නේ මම … ඒ දෙන්නේත් උගේ අම්මලාට .. එ නිසා සල්ලි ගැන හිතන්න එපා.. මට බැලන්ස් කරගන්න පුලුවන් …. ඊට වඩා ඔයා හිතන්නෝනි තාරා මේ අපි ආසාවෙන් උන්න හීනේ නේද කියලා… මෙතන සමහර දේවල් නම් අප් ආස විදියෙන් වෙනස් .. එව්වා අරූ හදාග්ත්ත එව්වා නේ.. හෙමි හෙමින් වෙනස් කරගමු ..”

නුරාන් ඇගේ ගතේ වැදෙමින්, නැලවෙමින් කීවේය. ඉසිනි හිස හරවා නුරාන් දෙස බැලුවාය. නුරාන් උන්නේද දිලිසෙන ඇස් එක්කය.

“ දේවල් ඉක්මනට වෙනවා නෙවෙයිද නුරාන් මේ ?..”

“ මොන ඉක්මනක්ද තාරා … අනෙක, දැන් අපිට තිස් පහක් වෙන්න එනවා.. එක අතකට බැලුවොත් අපි ඉක්මන් වෙන්නෝනි නේද ?…”

නුරාන් අනාගතය පිළිබඳව වන බලාපොරොත්තු මිටක් හා සමඟින් එලෙසින් විමසුවේය. ඉසිනිට පිළිතුරු තිබුණේ නැත. එහෙත් ඕ උන්නේද අතැර ගොස් තිබූ ජීවිතය යලි අල්ලාගන්නට ආසාවක් මෝදු වෙන අබ්ව අත් විඳිමිනි


“ අක්කා දවස් දෙක තුනක්ම ඇහුවා මොකක් හරි දෙයක් කියන්න තියෙනවාද කියලා..:”

හදිසියේ සිහි වූවාක් මෙන් ඉසිනි එලෙසින් පවසද්දී නුරාන් එය වටහා ගන්නට නොහැකි බවක් පෙන්වමින් බලා උන්නේය. එහෙත් එවෙලෙහි ඉසිනිගේ හඬෙහි වූ උද්‍යෝගයෙන් අක්කා විමසන්නට ඇති කාරණාව අග තමා සිටින බව නුරාන් වටහා ගත්තේය.

“ ඉතින් …”

“ ,මං නෑ කිව්වා…”

“ ඉතින් අක්කාගෙන් ඇහුවේ නැද්ද ඇයි එහෙම අහන්නේ කියල ?..”

“ ඇහුවා..  මාව දැක්කම  පේනවලු එහෙම .. ජීවත් වෙනවා කියලා… ඉස්සර මට බැන බැණ හිටියේ එයා, ඔහේ මළ මිනිය වගේ කතා කරන්නේ සමහර දාට කිය කියා …”

“ ඉතින් ඇත්තටම එහෙම මුකුත් වෙනසක් වෙලාද ?.. මූදු හතක් දුරින් ඉන්න අක්කාටත් වෙනසක් පේන්න තරම්…”

නුරාන් විමසුවේ මනමාල හඬකිනි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here