අද අපි ඔබට කියල දෙන්න ලෑස්ති වෙන්නෙ ලොකු පොඩි කාටත් ගැළපෙන විනාඩි 05 න් හදාගන්න පුළුවන් රසම රස උදෑසන කෑමක් ගැනයි.
චොකලට් පෑන් කේක්.
එහෙනම් මුලින්ම අවශ්‍ය කළමණා මොනවද කියල බලල සූදානම් කරගෙන ඉමු.
අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු බිත්තර 01 ක්
දියකරගත් බටර් මේස හැඳි 02 ක්
කිරි කෝප්ප 01 ක්
පිටි කෝප්ප 01 ක්
චොකලට් පවුඩර් කෝප්ප ⅓ ක්
සීනි කෝප්ප ¼ ක්
බේකින් සෝඩා තේ හැඳි 01
ලුණු කුඩු තේ හැඳි ½ ක්
සාදාගන්නා ආකාරය
මුලින්ම, පිටි, චොකලට් පවුඩර් සහ බේකින් සෝඩා එකට දමා දෙවරක් තුන්වරක් පමණ පෙනේරයක් ආධාරයෙන් හලා ගන්න.
දැන් භාජනයක් ගෙන එයට බිත්තරය කඩා දමා හොඳින් කලවම් කරගන්න.
කලවම් කරගත් බිත්තරයට බටර්, කිරි, සීනි සහ ලුණු එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් ඒ මිශ්‍රණයටම හලාගත් පිටි මිශ්‍රණය එකතු කර කැට නොසිටින සේ නැවත හොඳින් කලවම් කරගන්න.
අඩිය නොඇලෙන භාජනයක් මඳ ගින්නෙ ලිප තබා භාජනය රත්වන විට සාදාගත් මිශ්‍රණයෙන් මේස හැඳි තුනක් හෝ හතරක් භාජනයට දමා තත්පර 60 ක් 90 ක් පමණ තබා ප්‍රවේශමෙන් අනෙක් පැත්ත හරවා ගන්න.
නැවත තත්පර 30 ක් 40 ක් පමණ තබා ප්‍රවේශමෙන් ලිපෙන් ඉවත් කරගන්න.
ඔන්න දැන් චොකලට් පෑන් කේක් ලෑස්තියි.
කැමති නම් චොකලට් හෝ ස්ට්‍රෝබෙරි සිරප්, මී පැණි, ජෑම්, කෙසෙල්, ස්ට්‍රෝබෙරි වගේ ඔබ කැමති ටොපින් එකක් එක්ක කන්නත් ඔබට පුළුවන්.
මේ විදිහට හදල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |