ජිවීතේ හැම තිස්සෙම අපිට පාඩම් උගන්නන්නෙ නෑ!

ඔයා කවදහරි මූණ දීලා තියෙනවද ජිවීතේ හැමදේම හොඳින් සිද්ද වෙමින් තියෙද්දිත් හිතට සන්තෝසයක් දැනෙනවා වෙනුවට ඔයාට දැනෙන්නෙ “මෙච්චරම හොඳ දේවල් මට වෙන්න පුලුවන්ද? මේකෙ මොකක් හරි අවුලක් තියෙනවා නේද? This is too good to be true” කියනවා වගේ phase එකකට.

එහෙම වෙලා තියෙනවානම් ඒක ඔයාට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි තව ගොඩක් අයට වෙච්ච දෙයක්. ඔයා ඇතුලුව තව ගොඩක් අයට එහෙම හිතිලා තියෙනවා. සමහර වෙලාවට relationship එකක් ගත්තම අපිට හම්බුවෙනව ඇත්තටම හොඳ මනුස්සයෙක්, අපිට හොඳට treat කරන, ඇත්තටම ආදරේ කරන හැබැයි අපේ හිතට එයා ගැන දැනෙන ආදරේට එහා ගිහින් තව හිතෙන දෙයක් තමයි “මෙයා මේ බොරුවක්ද කරන්නෙ? මෙයා මේ මාව අන්දනවද?” කියන එක.

එහෙම නැත්තම් හොඳ රස්සාවක් සෙට් වෙලා, හොඳ පඩියක් ද ප්‍රමෝශන් ද ඔක්කොම ලැබෙද්දි ඒ සන්තෝසෙ celebrate කරනවා වෙනුවට ඔයාට දැනෙන්නෙ “Is this a trap? මෙයාලා මාව hire කරලා mistake එකක්ද කරගත්තෙ?” වගේ දෙයක්ද?

අන්න ඒ ගැන තමයි අපි අද කතාකරන්නෙ.

අපිට පහුගිය සතියෙ training sessions, workshops කීපයක් තිබුණා advertising ගැන.

මම වැඩ කරන්නෙ advertising field එකේ හන්දා මාත් ගියා. ඔතනදි අපිට තිබුණ AI in advertising session එකේදි ඒ ආව International Speaker හරිම ලස්සන දෙයක් අපිට explain කරා.

When something feels too perfect, your mind might start to glitch—questioning it, doubting it, waiting for something to go wrong.

මේකට කියන්නෙ uncanny valley කියලා බව මං ඉගෙන ගත්තෙ ඒ session එකේදි. 1970 දි Tokyo Institute of Technology එකේ professor කෙනෙක් වුන Masahiro Mori කියන කෙනා තමයි ඕක ගැන කියලා තියෙන්නෙ.

AI ගැන කියල දුන්න පාඩමක් උනාට ඇත්තටම ඒක අපේ ජිවිතේටත් මාරම relate වෙනවා නේද කියන එක මං අද කල්පනා කරා.

නිතරම හැමදේම හරි යනව වගේ දැනුණු වෙලාවට, අපේ මනස ඒක පොඩ්ඩක් අසාමාන්‍යයි කියලා සැක කරන්න පටන් ගන්නවා. “මේක මෙහෙම perfect වෙන්නෙ කොහොමද?” කියලා හිතෙනවා. ඉතින් හැමවිටම අපි බලන්නෙ දෙයක් perfect වෙද්දි ඒකෙ දෝෂයක් හොයන්න, වැරැද්දක් හොයාගන්න.

ඇත්‍තටම not everything good comes with a catch කියල කොච්චර දැනගත්තත් අපේ මනස පොඩි වින්දනයක් ලබනවා නේද ඔය “ඒක එහෙම perfect වෙන්න බෑ” කියලා හිතලා?

අපිට මේක explain කරේ technical එහෙම නැත්තම් AI සම්බන්ධ වටපිටාවක් relate කරගෙන වුනාට, මටනම් හිතෙන්නේ ඒ theory එක අපේ ජීවිතේටත් relevant වෙනවා කියලා. ජීවිතේ පොඩි පොඩි happiness වලට, calm moments වලට, harmony වලට, perfect-looking relationship එකකට වුනත් සමහර අවස්තාවලදි අපි brain එකෙන් පොඩි warning එකක් දෙනව නේද? “මේක calm before the storm එකක් වෙන්න ඇති…” “මේක මෙච්චරටම smooth වෙන්න විදියක් නැහැ නේද” කියලා.

ඒ නිසා නේද කොච්චර හොඳ දෙයක් වුනත් අපේ ඔලුවට දේවල් හොඳට වීගෙන යද්දි “මේක නම් එච්චර හොඳ දෙයක් වෙන්න විදියක් නැ නේද?” කියලා doubt එකක් ඇති වෙන්නෙ. ඒ doubt කරන එක දැන් අපේ ජිවීතේ එක රටාවක් වෙලා නේද?

ඔයාට හරිම peaceful හැඟීමක් දැනෙන්න පටන් ගත්ත ගමන්ම ඔයාගෙ මනස කුණාටුවක් ළඟ එනවා වගේ කියන සිතුවිල්ලකින් හැමදෙයක් දිහාම ආයෙ ආයෙ analyze කරලා බලන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි අපි මේ කියන uncanny valley එකේ emotional version එක වෙන්නෙ.ඔයා කොච්චර නම් අපහසුතාවයට, ආතතියට සහ අරගලයට පුරුදු වෙලා ඉන්නවද කියන්නෙ ජීවිතේ එක මොහොතක peaceful වුනාමත් අපි ඒක දිහා බලන්නෙ හරිම doubtful විදියට.ඔයාට ඒක දැනෙන්නෙ unnatural විදියට.

එහෙම හිතද්දිත් අපිට පොඩ්ඩක් දුකයි වගේ නේද? මොකද මේ සීන් එක නිසානෙ අපි අමාරුවෙන් මහන්සිවෙලා ලබාගන්න සතුටක් උනත් හරියාකාරව celebrate කරන්න අපිට බැරිවෙන්නෙ.අපි සමහර අය බලාගෙන ඉන්නවා ඒ සතුට අපේ ඇස් ඉස්සරහම නැතිවෙලා යනකම් ඒක හොඳට Experience කරනවා වෙනුවට.

අපි survival game එකකනෙ ඉන්නෙ.අපිව train කරලා තියෙන්නෙ අපේ ජීවිතේ තියෙන මෙන්න මේ වගේ chaos. Heartbreaks, layoffs, fake friends, betrayals, rejections කියන දේවල් වලින් හොඳට තෙම්පරාදු වෙච්ච ජීවිතයක් තමයි අපිට තියෙන්නෙ. අන්න ඒ නිසා තමයි peace කියන දේ ලඟට ආව වෙලාවෙ ඉඳලා අපේ මොලේ අපිට alerts දෙන්නෙ  — not because something bad is definitely coming, but because it used to.

හැබැයි අපි දෙයක් අමතක කරන්න නරකයි. ඒ තමයි “හැම peaceful moment එකක්ම trap එකක් නෙවෙයි. හැම perfect දවසක්ම set up එකක් නෙවෙයි.හැම හොඳ මනුස්සයෙක්ම රහසෙන් පව් කරන්නෙ නෑ” කියන එක.

සමහර වෙලාවට, දේවල් හොඳින් වෙනවා.

සමහර වෙලාවට, අපි ඇත්තටම ආරක්ෂිතයි. ඒ වගේම අපි අපේ මනසට සහ හදවත්වලට ඉඩ දෙන්න ඕන වගේම train කරන්න ඕන peaceful moment එකක් කියන ඒ යථාර්ථයට පවා doubt එකක් නැතුව මුහුණ දෙන්න.

අපි ඒකට පුරුදු වෙන්න ඕනේ

ඒ Calmness කියන දේ boring නෑ කියන එක, ජීවිතේ හැම දෙයක්ම අපිට පාඩමක් උගන්නන්න හදන්නෙ නෑ කියන එක, ඒ කරුණාවන්තකම fake නෑ කියන එක,ඒ ආදරේ හිත රිද්දන්නෙ නෑ කියන එක අපි පුරුදු වෙන්න ඕන, අපේ ඔලුවට ඒක පුරුදු කරවන්න ඕන.

“දැන්, ජීවිතය හොඳයි කියලා දැනෙනවා. මට ඕනෑවට වඩා හිතලා ඒක විනාශ කරන්න අවශ්‍ය නැහැ. මට විවේක ගන්න පුළුවන්. මට හුස්ම ගන්න පුළුවන්. මට ඉන්න පුළුවන්.” කියලා හිතන තැනකට ඔයාට එන්න පුලුවන් නම් කොච්චර හොඳද කියලා හිතන්නකො?

ඒ සිතුවිල්ල ඇතුලෙ මාරම ලොකු power එකක් තියෙනවා.ඒක බොළඳකමක් නෙවෙයි. It’s courage.මොකද  “ඔබ පසුකර ආ, ඔබ දන්නා සියලු වේදනාවන්ට පසුවත් සාමකාමී හැඟීමක් විශ්වාස කිරීම වනාහී ඔබට කළ හැකි නිර්භීතම දේවලින් එකකි” හින්දා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles