කවිඳු ට පළවෙනි පත්වීම විදිහට හම්බ වුණේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක් විදියට වැඩබාර ගන්න. ඒ වෙනකොට බදුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විදියට කටයුතු කරමින් හිටියේ වසර දොළහක විතර පරිපාලන සේවයේ අත්දැකීම් තිබුණු නිලධාරීවරයෙක්. ඒ නිසාම කවිඳු තමන්ගේ පත්වීම ගැන හිටිය සතුටින්. බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම තවත් සහකාර ප්රාදේශීට ලේකම්වරියක් විදිහට පත්වීම් ලබපු නිර්ද නම් ප්‍රාදේශීය ලේකම්වරයා අත්දැකීම් බහුල නිළධාරියෙක් වීම ගැන එතරම් කැමැත්තෙන් හිටියේ නැහැ
” ඔයාට තේරෙන්නේ නෑ කවිදු …ඒගොල්ලන්ගේ experience එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒගොල්ලෝ අපව ප්‍රෙශර් කරනවා වැඩි. එහෙම නෙවෙයි, වැඩිය experience නැති කෙනෙක් එක්ක වැඩ කරන්න ගත්තහම අපිට අපේ විදියත් ඒගොල්ලෝ එක්ක බෙදාගෙන ඇජෙස් වෙලා වැඩ කරන් පුළුවන්…..”
දවසක් හවස බදුල්ල ටවුමෙදි මුණගැහිලා. තේ එකක් බිබී කතා කරන අතරෙදි නිර්දා කවිඳුට එහෙම කිව්වා.
” ඔච්චර ටෆ් වෙන්න එපා නිර්දා…සර් නරක කෙනෙක් නෙවෙයි. හැමෝම කියන්නේ සර් මේ පැත්තට කරපු දේවල් ගැන…. සර් හින්දා මිනිස්සුන්ගේ ජීවිතවලට එකතු වෙච්ච වටිනාකම් ගැන …..කොටින්ම ඔෆිස් එකේ ඉන්න පියන් පවා සර්ගේ හොඳක් මිසක් නරකක් කියන්නේ නැහැ…..”
“ඒ ඉතිං කපටි කමට ….දැන් අපි දෙන්නා අලුත්නේ …..සමහරවිට අපි සර් ගැන හිතන සෑගෙන දේවල් අහගෙන ඒව සර්ටම කියලා ඒගොල්ලන්ව කපල දාවි කියලා ඒගොල්ලොන්ට සැකය ඇති….”
“ඔය ඉතින් ඔයාට කියන එකක් විශ්වාස නෑනේ. හරි හරි. දැන් ඒ කතන්දරවලින් වැඩක් නෑ”
“ඔව් ඒක හරි කොහොමටත් දැන් අවුරුදු පහක් මෙහේ ඉන්න වෙනවනේ.. මේ… එක නෙවී, අපි දෙන්නා අතර අෆෙයාර් එකක් තියෙනවා කියලා ඔෆිස් එකේ අය දැනගන්න එක ප්‍රශ්නයක් වේවිද ?”
“ඒක එච්චරට හිතන්න එපා. ආතතියක් හදාගන්න උවමනා නැහැ. නමුත් ඒක කොයි හරි වෙලාවක ප්‍රශ්නයක් වුණොත් අප එකට මොකක් හරි දෙයක් කරමු…අපි යාළු වෙලා ඉන්නවා මිසක් තාම බැඳලා නැහැනේ….”
කවිඳු නිර්දට පිළිතුරු දුන්නා. ඔය අතරේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන කෘෂි ගම්මාන වැඩසටහනක අධීක්ෂණ කටයුතු වෙනුවෙන් නිර්දව පත් කෙරුණා. රුපියල් මිලියන ගණනින් මුදල් එහෙ මෙහෙයුණු මේ ව්‍යාපෘතිය එක පාරටම නිර්දයට දැනුනේ මහා බරක් විදියට. සියලු මිලදී ගැනීම් කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරන්නට සිදුවීමත්, ඒ වගේම ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය සහ ඔවුන් කළමනාකරණය කර ගැනීමේ වගකීම නිර්දාට මෙහෙයවන්නට සිදුවීමක් නිසා පළමු රාජකාරියම නිර්දාට පීඩනයක් බවට පත්වුණා
අස්වැසුම රාජකාරීත් එක්ක කවිදුත් ඉතාම කාර්යබහුල වෙච්ච නිසා නිර්දට රාජකාරි වෙලාවෙදි කවිදගෙන් උදව්වක් නොලැබිච්ච තරම් . නිර්ද ළඟ තිබුණු ඇතැම් දැඩි ගතිගුණ නිසා කාර්යාලය සේවය කරපු අනික් නිලධාරීනුත් නිර්දට එතරම් සහයෝගයක් ලබා නොදීපු අවස්ථා තිබුණා. ඇතැම් නිර්දා ගන්න තීරණය එතරම් නිවැරදි නොවන බව පෙනිලාත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කරේ නිහඩව උන්නු එක. ඒ ඔවුන් ඒවා ගැන අඩුපාඩු කතා කරන්නට යෑමෙන් පස්සේ , නිර්දා තමන්ගේ තනතුරේ උස් බව ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට යම් කැපිලි කෙටලී එල්ල කල අවස්ථා දෙක තුනක්ම මින් පෙර සිදු වෙලා තිබුණු නිසා.
කෘෂිගම්මාන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වුණු වැල් දොඩම් ව්‍යාපෘතියක් සඳහා පැල මිලදී ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිළධාරීන් සම්බන්ධීකරණය කරගැනීමට නිර්දාට හැකි වූයේ නැහැ. ඒ ප්‍රදේශයට අදාළ නිලධාරින් යම් පුහුණු වැඩසටහනක් සඳහා සතියක් පමණව පමණම ප්‍රදේශයෙන් බැහැරව උන් නිසා.
එම සතිය ඉවසා බලා ඔවුන්ගේ අදහස් රැගෙන ඔවුන්ගේ නිර්දේශයෙන් එම මිලදී ගැනීම් සිදුකළ යුතුව තිබුණත් නිර්දා කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උන් කෘෂිකර්ම නිලධාරීන් සමග ගොස් පැළ මිලදී ගැනීම සඳහා වන නියෝගයන් ලබාදීම.
” නන්ද මිස්…ලියුම ගහන්න පර්චේසින් ඕඩර් එක ඒගොල්ලොන්ට යවන්න…”
“ඒත් පොඩි මිස් සාමාන්‍යයෙන් ඒ අයි මහත්වරු බලලා තමයි පැල වලට පර්චේසින් ඕඩර් එක දාන්නේ.. අපේ ෆීල්ඩ් එකට ඉන්න අයත් අලුත්ම පත්වීම නේ…”
” හරි හරි ඒ අයි මහත්තුරු කියලා එන්නේ කෘෂිකර්ම ඩිප්ලෝමා හරි ඩිග්‍රී කරපු අයනේ. මම ත් කෘෂිකර්ම ඩිග්‍ර එකක් තියෙන කෙනෙක් ඔයා මං කියපු වැඩේ කරන්න……”
ප්‍රදේශී ලේකම් කාර්යාලය සංවර්ධන අංශයේ උන් නිලධාරිනියත් නිර්දාගේ උපදෙස් ලෙස සඳහන් කරමින් එම ලියුම සකස් කළා. ඊට පස්සේ අදාළ මිලයට ගැනීම් කටයුතුත් සිදු කෙරුණා
සති දෙකක් ගෙවෙද්දි ප්‍රාදේ ලේකම් කාර්යාලයේ ඉන්න නිලධාරීන් හරහාම එම බෙදාහැරීම් කටයුතු සිදුවුණා. නමුත් සියලු දේ අනිත් පැත්ත හැරුණේ එම මිලදී ගත් පැලවල යම් රෝගී තත්ත්වයක් ඇතිවීම නිසා වගාව ක්ෂේත්රයේ සංස්ථාපනය කරන්නටත් කලින්ම ඒ පැළ මිය යෑම නිසා.
තාක්ෂණ කමිටු වාර්තාවක් රැගෙන තමා මුණ ගැසෙන ලෙස නිර්දාට ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඇමතුමක් ලැබුණා
” කෝ මේකේ අත්සන් කරලා තියෙන්නේ ඔයයි කල්පනා මිසුයි දුමිධු මහත්තයයි විතරයිනේ”
” ඔව් සර්..”
“ඒ අයි මහතුරු සම්බන්ධ කරගත්තේතේ නැද්ද ?”
“නැහැ සර්… ඒගොල්ලෝ ට්‍රේනින් එක්කට ගිහිල්ලා ඉන්නේ කියලා කිව්වා. අපිට මේ සතිය ඇතුළත මේ මුදල් ටික වියදම් කරන්නත් අවශ්‍ය වෙලා තිබුණු නිසා මම අපේ ඔෆිස් එකේ උන්න දෙන්නත් එක්ක ගිහිල්ලා ඒ පරීක්ෂා කිරීම් කටයුතු කරා…. රෙස්පොන්සිබල් එක මට තිබුන නිසා මම පී ඕ එක ගැහුවා සර්…”.
” අන්න එතනම වැරදීනේ නිර්ද මිස්….. අපේ ඔෆිස් එකට ඇවිත් තියෙන කෘෂිකර්ම නිලධාරී පත්වීම් දෙක අලුත් පත්වීම් දෙකක්…. ඒ ළමයි දෙන්නා තවමත් පත්වීම් බර අරගෙන සති දෙකක්වත් නැහැ .. ඉතින් මේ තරම් ලොකු මුදලකින් පැළ මිලදී ගන්න නිර්දේශයක් දෙන්න තරම් තවම ඒ අය සුදුසු නැහැ..”
” ඔව් සර් … මම ඒ දෙන්නවත් එක්කන් ගියේ තාක්ෂණික කමිටුවට තුන්දෙනෙක් ඉන්න ඕන නිසා… මම පැළ සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරා…”
” මේක හොඳට මතක තියාගන්න ….ඔයා සහකාර ප්‍රාදේශීය ලේකම් මිසක් කෘෂිකර්ම නිලධාරී නෙවෙයි….කෘෂිකර්මය , කෘෂිකර්මාන්තය අදාල තාක්ෂණික නිලධාරියෙක් නෙවෙයි. ඔයාට ඒ හා සම්බන්ධ දැනුම තිබුනත් මෙතනදි ඔයා ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි.. මොකද මේ වෙනකොට ෆිල්ඩ් එකේ තියෙන තත්ත්ව ගැන නිර්දාට අප්ඩේට් එකක් නැහැනෙ.
දැන් නිර්දා හිතන්න බලන්නෙ නැතුව කරපු වැඩේ නිසා නිසා ලක්ෂ ගානක පාඩුවක් සිද්ධ වෙමිනුයි යන්නේ.. ඒ පාඩුව නිර්ද මිස්ගේ පඩියෙන්ම අය කරගන්නවා ඇරෙන්න මට දැන් වෙන විසදුමක් පේන්නෙත් නැහැ…..”
නිර්දාට දැනුනේ තමන්ගේ හිස මත අකුණක් පුපුරලා ගියා වගේ. එක පාරටම සිද්ධවෙන්න යන්නේ මොකක්ද කියලා නිර්දට වැටහුනේ නැහැ
” එවෙලේ ඒ අයි මහත්තුරු කවුරුත් නොහිටපු නිසයි මම එහෙම කළේ සර්…”
” ඔව් ඒ වගේ හදිසි අවස්ථාවල තීරණ අරගෙන වැඩ කරන එක හරි තමයි නිර්දා. නමුත් ඒ තීරණය වඩා නිවැරදි තීරණයක් වෙන්න ඕනේ………
අනෙක ඔය තරම් ඒ වගේ ප්‍රශ්නයක් ඇතිවුණා නම් නිර්දට මගෙත් එක්ක පොඩ්ඩක් කතා කරන්න තිබුනා…… තවම නිර්දත් පොසිශම් එකේ වැඩ භාර ගෙන මාස කිහිපයක් නේ ගෙවුනේ ……”
නිර්දා කිසිම දෙයක් නොකියා බිම බලාගෙන හිටියා.
” අනික තමන්ට වඩා අත්දැකීම් තියෙන නිලධාරියෙකුගෙ අත්දැකීම් උපයෝගී කරගෙන තමන්ගේ රාජකාරීමය ජීවිතය ගොඩනගා ගන්නවා කියන එකත් ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි නේද…… මම නිර්දට මේ කතාව කියන්නමයි උන්නේ…. සමහර වෙලාවල් වලට තමන්ට තවත් කෙනෙක්ගෙ උදව්වක් ඕන බව දැනෙනවා දැනෙනවනම් ඒ උදව්ව ගන්න දෙපාරක් හිතන්න එපා… “
නිර්දට කවිඳු කියපු වචන එකින් එක ඇහෙන්න ගත්තා. ප්‍රාදේශීය ලේකම්වරයා සැබැවින්ම කෙතරම් නිහතමානී පුද්ගලයෙකුදැයි ඇය වටහා ගනිමින් උන්නා
” දැන් කලබල වෙන්න එපා. අපි ඔය තවාන අයිතිකාර පුද්ගලයාට කතා කරමු. ඒ වගේම ඒ අයි මහත්තුරුන්ට කතා කරලා මේ ඉතුරු පැන ටික බේරගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන හොයලා බලන්න..”
නිර්දා එදා දවසම ගෙව්වේ තෝන්තුවෙන් වගේ නවාතැනට ගියපු ගමන් කවිදුටඇමතුමක් අරගෙන හැමදේම කිව්වා. ඒ වෙනකොට සිදුවෙලා තියෙන දේ දැනගෙන උන්න කවිදුත් කිසිම දෙයක් නොදන්නවා වගේ නිර්දගේ පාපොච්චාරණය අහගෙනෙහිටියා
” ඔන්න ඕකයි ඔයාට කිව්වේ නිර්දා. අපි තනතුරු වලින් ඉහලට යද්දි හයිය තියෙන අරටු ගස් වෙන්න නෙවෙයි ඕනේ. උණ පඳුරක් වෙන්නයි ඕනේ. තණකොළ ගහක් වෙන්නයි ඕනේ. ඕනම හුළඟකට නැවිලා ආයෙ කෙලින් වෙන්න…. සමහර වෙලාවට ඔලුව පහත් කරන්න ඕනේ..”
” මගේ පඩියෙන් ඒ පාඩුව අය උනත් කමක් නැහැ කවිදු
මම මගේ ජීවිතයට ඊට වඩා ලොකු ආයෝජනයක් කරගත්තා……”
නිර්දා කිව්වා. කවිඳු දැනගෙන හිටියා, ප්‍රාදේශීය ලේකම්වරයා කවදාවත් නිර්දව එහෙම තනි නොකරන බව. ඇගේ අතින් නොදැනුවත්කම නිසා වුණු ඒ අත් වැරදීමට යම් පිළියමක් හොයන්නට ඇයට ප්‍රාදේශීය ලේකම්වරයා උදව් කරන බවත් කවිඳු දැනගෙන හිටියා. ඒත් කවිදු ඒ බව නොකියා මගඇරියා.
සමහර පාඩම් ඉගෙනගන්න නම්, ඒ පාඩම ඉවර වෙනකල් ඉන්නම වෙනවා.
කවිඳු එහෙම හිතුවා.
ReplyForwardAdd reaction |