අද අපි ඔයාලා එක්ක කතා කරන්න යන්නෙ ඉන්දියානා වල ගැරීවල වෙච්ච හොල්මන් සහ යක්ෂයො සම්බන්ධ වෙච්ච සිදුවීමක් ගැන කතාවක්. මේ කටහව Ammons haunting case කියලා වගේම Demon House කියලත් කියනවා.
මේ සිදුවීම වෙන්නෙ 2011 අවුරුද්දෙදි. මේ කතාව කියන්නෙ ලටෝයා ඇමොන්ස් සහ එයාගේ අම්මා වෙන රෝසා කැම්ප්බල් කියන අය.තමන්ගේ ගෙදර එක එක හොල්මන් කේස් වෙනවා කියල තමා මෙයාලා කියන්නෙ. 2011 වෙච්ච මේ සිද්දිය ලොකුවටම මිනිස්සු දැනගන්නෙ 2014 අවුරුද්දෙදි.
2011 නොවැම්බර් මාසෙදි ලටෝයා ඇමොන්ස් එයාගෙ අම්මා වෙන රෝසා කැම්ප්බෙල් සහ එයාලගෙ අවුරුදු 7,9,12 වයස්වල උන්න දරුවො එක්ක ඉන්දියානා හි ගැරී හි 3860 කැරොලිනා වීදියේ ගෙදරකට යනවා. එයාලා ඒ ගෙදර පදිංචියට ගිහින් දවස් කීපෙකට පස්සෙ එයාලගෙ ගෙදරට කලු පාට මැස්සො පොදියක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නිතර නිතර ඒ මැස්සො ගෙදරට එන්න පටන් අරගෙන තියෙනවා. කැම්බෙල් ට මුලින්ම එයාලගෙ ගෙදර පහල තට්ටුවේ කවුරුහරි ඇවිදින සද්දයක් ඇහෙනවා. ඒ වගේම දොරවල් ඇරෙන වැහෙන සද්ද එහෙමත් එයාට ඇහෙන්න පටන් ගන්නවා. මෙහෙම යද්දි ටික දවසකට පස්සෙ එයා දකිනවා එයාලගෙ ගෙදර සාලෙ ඇවිදින මනුස්සයෙක්ගෙ හෙවණැල්ල. ඒ විතරක් නෙවෙයි ඒ විදියට ඇවිද්ද කියල සැක කරන කෙනෙක්ගෙ බූට් සපත්තුවක අඩි සලකුණ එයාට දකින්න ලැබෙනවා.
කැම්ප්බෙල් කියනවා නාදුනන බලවේගෙකින් එයාගෙ හුස්ම හිරකරන්න හදනවා එයාට දැනුනා කියලා. මේ අතරෙ තමයි ලටෝයාගෙ අවුරුදු 12 දුව දවසක් එයාගෙ යාලුවෙක් එක්ක ගෙදර ඇඳේ නිදාගෙන ඉද්දි එකපාර එයාව ඇඳෙන් අඩි කීපයක් ඉහලට උස්සනවා දැනුනා කියලා කියන්නෙ. ඒ වෙලාවෙ ඒ දරුවොකරලා තියෙන්නෙ දෙයියන්ට යාඤා කරන එක තමයි.ඒ වගේම මෙයාලගෙ පුතාට වතාවක් දැනිලා තියෙනවා කවුරුහරි නාදුනන බලවේගයක් එයාව කාමරේ හරහා තල්ලු කරලා දැම්මා කියලා. ඒ වගේම එයාලගෙ බාල පුතා එයාගෙ ඇස් එකපාර අනිත් පැත්ත හරවලා “මැරෙන්න කාලෙ හරි” “මම උඹව මරනවා” වගේ අමුතු කතන්දර කියන්න පටන් ගන්නෙ මේ විදියෙ අමුතු හොල්මන් සීන් කීපයක්ම මෙයාලගෙ ගෙදර ඇතුලෙ වෙන්න පටන් ගත්තයින් පස්සෙ.
මේ සිදුවීම් ඔක්කොම හන්දා තමා මේ පවුලෙ අය එයාලගෙ පවුලේ වෛද්‍යවරයා වෙච්ච Geoffrey Onyeukwu ලඟට ගිහින් මේ විස්තරේ කියන්න තීරණය කරන්නෙ.ැඑ 2012 අවුරුද්දෙ අප්‍රේල් 19 වෙනිදා. මේ කියන සිද්දි ඇත්තද කියල බලන්න ගෙදරට එන Geoffrey Onyeukwu ට තේරෙනවා මේ ගෙදර ඉන්න මිනිස්සු පොඩ්ඩක් delusional කියලා. ඒ අනුව තමා එයාගෙ පොලිසියට මේ විස්තරේ කතා කරලා කියන්නෙ. පොලිසිය ආවයින් පස්සෙ මේ ළමයින්ව ඉස්පිරිතාලෙට අරගෙන යනවා. වැඩිමහල් පිරිමි ළමයා හොඳට හිතලා බලලා එවෙලේ ක්‍රියාකරාට බාල පිරිමි ළමයා නම් කරේ කෑගහලා, සද්ද කරපු එකලු.

2012 අවුරුද්දෙදි Department of Child Services (DCS) මේ සිදුවීම ගැන පවුලේ අයව විස්තර කරන්න ගන්නවා. Department of Child Services (DCS) එකෙන් කියලා තියෙනවා මේ ළමයි එයාලගෙ අම්මා කියන විදියට තමයි ළමයි හැසිරෙන්නෙ කියලා. මේ සිදුවීම ගැන මේ කාලෙ පත්තරවල එහෙමත් නිතරම විස්තර වගේ දේවල් පලවෙලා තියෙනවා. ඒ කතා අස්සෙදි සමහර අය කියලා තිබ්බා මේ Department of Child Services (DCS) නිලධාරින් දැකලා තියෙනවා කියලා මේ ගෙදර බාලම පිරිමි ළමයා බිත්ති දිගේ එහෙමත් ඇවිදගෙන යනවා. ඒ වගේම 37 හැවිරිදි පොලිස් කපිතාන් චාල්ස් ඔස්ටින් කියනවා තමන් මේ ගෙදර හොල්මන් සිදුවීම් වෙනවා කියන එක විශ්වාස කරනවා කියන එක. ඒ අතරෙ ඉන්දියානාපොලිස් දෙපාර්තමේන්තුව පල කරපු පින්තූරෙක පෙන්නනවා ගෙදර කවුරුවත් නැතිවෙලාවක ගේ ඇතුලෙ හෙවණැලි තියෙනවා.
ඔන්න ඔය ඔක්කොම එක්ක තමයි පවුලෙ මිනිස්සු මේ ගෙදර භූතයො ඉන්නවද කියලා බලන පරීක්ෂනයක් කරන්න පූජක මයිකල් මැජිනොට්ට එන්න කියන්නෙ.2012 අප්‍රේල් මාසෙ 22 වෙනිදා පවුලෙ අයත් එක්ක මේ ගැන කතා කරන පූජක මයිකල් මැජිනොට් කියනවා මේ ගෙදර මිනිස්සුන්ට ඇත්තටම භූතයන්ගෙන් බලපෑම් වෙලා තියෙනවා කියන එක.කොහොමහරි අන්තිමට පූජක මයිකල් මැජිනොට් exorcism තුනක් කරනවා. දෙකක් ඉංග්‍රීසියෙන්. එකක් ලතින් බාශාවෙන්.
කොහොමහරි මේ හැමදේකටම පස්සෙත් මේ පවුලෙ අය 2012 දි ඉන්ඩියානාපොලිස් වෙත යනවා. ඒකෙන් පස්සෙ මේ හොල්මන් සීන් නතර උනා කියල තමයි කියන්නෙ.
කවුරු මේ ගැන මොනවා කිව්වත් වෛද්‍ය ජෙෆ්රි ඔන්යුක්වු මේ ගැන මුල ඉඳලම සැකෙන් තමයි ඉන්නෙ.මොකද එයාට පුලුවන් වෙන්නෙ නෑ මුල ඉඳලම මේ හොල්මන් කතාවෙ කිසිම දෙයක් විශ්වාස කරන්න සහ ඔප්පු කරන්න. මේ පවුලෙ දරුවො එක දිගට ඉස්කෝලෙ එහෙම ගිහිල්ලත් නෑ. ඒකට විරුද්ධව 2009 දි ඇමොන්ස්ට විරුද්ධව පැමිණිල්ලකුත් එල්ලවෙලා තියෙනවා. 2012 දි ඇමොන්ස් ඒකට උත්තර දීලා තියෙන්නෙ “ගෙදර තියෙන භූත ප්‍රශ්න හන්දා” දරුවොන්ට දිගටම ඉස්කෝලෙ එන්න අමාරුයි කියලා.
මේ ගැන විමර්ශනය කරපු ජෝ නිකල්ට අනුව පොලිස් ප්‍රධානී චාල්ස් ඔස්ටින් “අවතාර ඇතුළු අද්භූත දේ විශ්වාස කළ” කෙනෙක් හන්දා තමා එයා ඒ කතාව ඇත්තක් කියලා හිතලා තියෙන්නෙ. ඉන්ඩියානාපොලිස් ස්ටාර් විසින් ප්‍රකාශයට පත් කරපු සහ “හැමන්ඩ් පොලිසියේ ඡායාරූපය” යන ශීර්ෂ පාඨය සහිත ඡායාරූපය, හැමන්ඩ් පොලිස් ප්‍රධානියාට අනුව, නිල ඡායාරූපයක් නොවෙනවා කියන එකත්, හැමන්ඩ් පොලිස් බලධාරීන් විසින් ගන්නා ලද එකක් නොවන බවත් නිකල් වාර්තා කරනවා. නිකල් සාක්ෂිකරුවන් ගණනාවක් එක්ක මේ ගැන ඉන්ටවිව්ස් කරනවා. උපකල්පිත අද්භූත සිදුවීම් වැරදි ලෙස වාර්තා කර, අලංකාර කර හෝ අතිශයෝක්තියට නංවා ඇති බව හෝ අභූත නොවන පැහැදිලි කිරීම් ඇති බව නිගමනය කරන්නෙ අන්න ඒ ඉන්ටවිව්ස්වලදි කතා කරන විස්තර අනුව.
ඒ වගේම මේ හොල්මන් තිබුන කියන ගෙදර අයිතිකාරයා උන චාල්ස් රීඩ් කිව්වෙ “මට නම් එහෙම හොල්මන් ඉන්න විත්තියක්” කවදාවත් දැනගන්න ලැබුනෙ නෑ කියලා. ඒ වගේම ඒ ගෙදර කලින් පදිංචිවෙලා උන්නු කිසිම කෙනෙක් එහෙම හොල්මන් experience එකක් ගැන කිව්වෙ නෑ කියන එකත් චාල්ස් කියනවා. ඒ වගේම ගෙදර පදිංචියට ආවට පස්සෙ ඇමොන්ස් හරියට කුලිය ගෙව්වෙ නෑ කියන එකත් ඒකට excuse එකක් විදියට මේ හොල්මන් කතා කියන්න පටන් ගත්ත කියන එකත් චාල්ස් කියනවා.
ඒ නිසා මේ මිනිස්සු අන්තිමට ආව නිගමනය තමයි “ඇමොන්ස් ඇතුලු පවුලෙ අය තමන්ට තිබුන ප්‍රශ්න වලින් බේරෙන්න ගහපු plan එකක්” කියන එක.
ReplyForwardAdd reaction |