මැසි , මදුරු , කුහුඹු , වේයන් ගෙන් හානි වුණ අත්දැකිම් ඔයාලටත් ඇති. අපි අද ඔයාට කියන්න යන්නේ නිවසේම තියෙන දේවල් භාවිතා කරලා මේ උවදුරු වලින් ගැලවෙන විදිය.

කුහුඹුවන් විකර්ෂණයට.
කුඩා පෝච්චිවල සිටවූ මිංචි පැල කලු කුහුඹුවන් බහුල ස්ථානවල තැබීම . මිංචි කොල වල තියෙන පෙපර්මින්ට් කියන්නේ ඉතා වටිනා ස්වභාවික කෘමි විකර්ෂකයක්. මිංචි කොළ වල තියෙන පෙපර්ම්න්ට් සාරය අරගෙන කලු කුහුඹුවන් ගැවසෙන තැන් වල ඉසින්නත් පුලුවන්.පුලුන් කෑල්ලකට මේ පෙපර්මින්ට් සාරය අරගෙන් කුහුඹුවන් මතු වන ගුල් අවට ආලේප කිරීම ඉතාම සාර්ථකයි.

කුහුඹුවන් ඇතුළුවන ස්ථාන වල විනාකිරි ආලේප කිරීම මඟිනුත් කුහුඹුවන් විකර්ෂණය කරගන්න පුලුවන්.
දෙහි යුෂ කොටස් එකකට වතුර කොටස් තුනක් දාලා, විනාකිරි ආලේප කලා වගේම කුහුඹුවන් ඇතුළුවන දොරවල් අසල ආලේප කිරීමෙනුත් කුහුඹුවන් විකර්ෂණය කරගන්න පිලිවන්.
කුරුඳු සුවඳ කියන්නේත් කුහුඹුවන් ට අපහසු විකර්ෂකයක්. කුරුඳු කුඩු කරලා කුහුඹුවන් ගේ ගමන් මාර්ග වලටයු, කුහුඹු ගුල් අවටටයි දාන්න ඕනි. කුරුඳු තෙල් වුනත් කුහුඹුවන් විකර්ෂණය ට භාවිතා කරන්න පුලුවන් පහසු ආදේශකයක්. .කුරුඳු තෙල් බින්දු කිහිපයක් වතුර සමඟ මිශ්‍ර කරල කුහුඹුවන්ගේ ගමන් මාර්ග, දොරවල්, ජනෙල් සහ ඉරිතලා ගිය ස්ථාන වටා ඉසින්න පුලුවන් .
.කොච්චි මිරිස් හා කළු ගම්මිරිස් කොච්චි හෝ කළු ගම්මිරිස් යන දෙකම කුහුඹුවන් විකර්ශනය කරන්න සුදුසුයි. .කුහුඹුවන් බෝවෙන ස්ථාන සොයා එම ප්‍රදේශය වටා ගම්මිරිස් හෝ කොච්චි යුෂ ස්වල්පයක් ඉසීම කුහුඹු විකර්ෂායක්.
ඒ වගේම මිරිස් කුඩු තැබීමෙනුත් කුහුඹුවන් පලවා හරින්නට පුලුවන්
වේයන් මර්දනයට
අනෝදා ඇට කුඩුකරල ජලයේකලවම් කරලා වේයන් ඉන්න තැන් වලට ඉසින්න.
ඉඟුරු ග්‍රෑම් 100 ක් භූමිතෙල් මේස හැදි 01ක් වතුර ලීටර් 04 ක දාලා තියලා ඉස්සාම වේයන් මර්දනය වෙනවා.
ගෙමැස්සන් මර්ධනයට
සේදුම් කාරක දියර මේස හැඳි දෙකකට පෙපරමින්ට් හෝ මිංචි කොළ වල තෙල් ටිකක්, ලෙමන් යුෂ ටිකක්, වතුර කෝප්පයක්, ස්ප්‍රේ බෝතලයක් තමයි අවශ්‍ය වෙන්නේ.
ස්ප්‍රේ බෝතලය අරගෙන , ඒකට ජලය සහ සේදුම්කාරක දියර එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න ඕනි. ඊට ඔඅස්සේ පෙපරමින්ට් තෙල් සහ ලෙමන් ස්වල්පය බැගින් එකතු කරගෙන, ඒ හදාගන්න ම මිශ්‍රණය සති දෙකකට වරක් අවට පරිසරයට ස්ප්‍රේ කරන්න ඕනි..
කරාබු නැටි කිහිපයක් අරගෙන දෙපලු කරපු දෙහි ගෙඩියක ඒ කරාබු නැටි හිර කරන්න ඕනි. ඊට පස්සේ ඒ දෙහි බෑය, මිනිස්සු ගැවසෙන ස්තානයක තියන්න ඔනි. කරාබුනැටි බලගතු මැස්සන් පලවාහරින්නක්.
දෙහි වෙනුවට ලෙමන් හාවිතා කලොත් ප්‍රතිපල තව වැඩිපුර ගන්න පුලුවන්.
ඉතින්,මේ ඉතාම පහසු ස්වභාවික ක්‍රම භාවිතා කරලා ඔබේ නිවසේ කටයුතු පහසු කරගත්තා නම්, අනිවාර්‍යෙන්ම අපිට කොමෙන්ටුවක් දාලා යන්න.
ReplyForwardAdd reaction |