Fridge එකේ ඉඩ වැඩිකරගන්නේ මෙහෙමයි

කෑම බඩු ගෙනාවටතියන්න තැනක් නෑනේ… ෆ්‍රිජ් එක පිරිලනේ…. මේක ගොඩක්දෙනාට තිබෙන ප්‍රශ්නයක්. එහෙමවෙන්නෙ ෆ්‍රිජ් එකේ උපරිම ඉඩ අපි පාවිච්චි කරන්නෙ නැති නිසා සහ නිසි පිළිවෙලකට බඩු අසුරන්නේ නැති නිසයි.

බලන්න මේ පුංචි උපක්‍රමටික පාවිච්චිකරල ෆ්‍රිජ් එකේ ඉඩ වැඩිකරගන්න කෙතරම් පහසුද කියල.

  1. ඇසුරුම් පෙට්ටි (containers) තිබුණොත් හරි ලේසියි.

1f

වෙළඳපලේ ලාබෙට, ලස්සන, සෞඛාරක්ෂිත ඇසුරුම් පෙට්ටි මිලට ගන්නට ති‍බෙනවා. මස්, මාළු, එළවළු, පළා, පලතුරු ආදී ලෙස ඇසුරුම් පෙට්ටි නම් කර අදාළ ආහාර නිසි ඇසරුමට දමා තබන්න. ඉඩ විතරක් නෙමෙයි වෙලාවත් ඉතිරියි.

  1. කෑම තියෙන බෑග් එල්ලන්න පුළුවන්.

2f

රාක්ක අතර හිස් ඉඩ භාවිතයට ගන්න පුළුවන් පහසුම ක්‍රමයක්. පිටි, ඉතිරිවුණු කෑම ආදිය බෑගයක දමා ෆ්‍රිජ්  එකට දැම්මොත් එය විසිරෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. මේ ක්‍රමයෙන් කට ඇරුණු කවරයකින් පිටි ආදිය ඉසිරීම වළකාගන්නත් පුළුවන්. අවශ්‍යෙවන්නේ බයින්ඩර් ක්ලිප්ස් ටිකක් විතරයි.

  1. බිත්තර ගෙනාපු ට්‍රේඑක විසිකරන්න එපා.

3f

සෝස්, මෙයෝනීස් බෝතල් ඕනි වුණොත් ෆ්‍රිජ් එකම අදින්න වෙනවද? මෙන්න හොඳම විසඳුමක්. බිත්තර දාල දෙන ට්‍රේ එක පිරිසිදු කරල එහි අවශ්‍ය පරිදි බෝතල් අසුරාගන්න.

  1. ඇලවෙන ඇසුරුම්

4f

මේක ටික් වෙනස් අදහසක්. Magnetic Strips අලවපු පුංචි ඇසුරුම්වල වේලපු පලතුරු, රසකැවිලි ආදිය දමා ෆ්‍රිජ්එකේ හිස් ඉඩවල අලවගන්න පුළුවන්.

  1. ඉස්සර වෙලාම ඉවර කරන්න ඕන කෑම

5f

ෆ්‍රිජ්එක ඇතුලෙ අස්සටම වෙන්නට දාපු කෑම කන්න අමතකවෙලා ඇතිද? කල් ඉකුත්වෙන දවස පහුවෙලා කොච්චර කෑම විසිකරල ඇතිද? පරණවුණු කෑමවලට අනවශ්‍ය ඉඩක් වෙන් කරන එකෙන් ඉඩ නිකරුණේ අපතේයනවා. එනිසා ඉක්මනින්ම භාවිතයට ගතයුතු ආහාර සඳහා ඇසුරුම් පෙට්ටියක් වෙන්කර ෆ්‍රිජ් එකේ අතට හසුවන තැනක තබා ප්‍රයෝජනයට ගන්න.

කුස්සියේ හැම තැනම ආහාරද්‍රව්‍ය පටවන්නේ නැතිව ලස්සනට, පිරිසිදුවට, පළිවෙළට, හරියට පැක්කරගන්න පුළුවන් නම්  ගෙදරත් ලස්සනයි, පසුම්බියටත් පහසුයි, වෙලාවත් ඉතිරියි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles