මනුජ සඳුදා උදෑසන කුලී රථයකින් දියතලාව බලා පිටත් වූයේය. ඉරිදා රාත්‍රියේ පටන් සින්දූපා ඔහු සම්බන්ධ කරගන්නට දැරූ උත්සාහයට ඔහු ඉඩක් දුන්නේ නැත.
මනුජ අවසානයේ තීරණය කලේ මෙතෙක් ගෙවමින් උන් ජීවිතයම ගෙවන්නටය. සින්දූපා වන් යුවතියකය තම ජීවිතයේ ඉඩ විවර කිරීම යනු මේ දැනෙන සමනල් හැඟීමෙන් එහා පීඩනයක් බව ඔහු ඒත්තු ගන්වා ගත්තේය. සතියක් තිස්සේ තමා විසින් ගොඩ නඟා ගත්, ඇයටද ගොඩ නඟා ගන්නට අවසර දුන් ලෝකය කුඩිපට්ටම්ව බිඳී යන්නට මනුජ ඉඩ සලඅවා තිබුණේය.
” කෝ නෝනේ…?”
සාරතී විමසිලිමත් වූවාය. මනුජ දියණියව එක් අතකින් වන සේ වඩාගෙන නිවෙසට ඇතුලු වූවාය.
” ඩොක්ටර්ගේ ගෙදර තනිවට යන්න … ඒක මට ප්‍රශ්නයක් නෑ සාරතී නැන්දා … හැබැයි එයාගේ විඅතර මෙහෙට ගේන්නවත් ,, මෙහෙ විස්තර එහෙ ගෙනියන්නවත් තියාගන්න එපා….. මං දෙයක් එපා කියන්නේ, ඒක එහෙම වෙන්නෝනි නිසා කියලා සාරතී නැන්දා දන්නවානේ….. ඒ නිසා ආයේ ආයේම ඒ ගැන කතා කරන්නවත් එපා… ආහ් අනෙක… මං නැති වෙලාවට ඩොක්ටර්ට මෙහෙ යන්න එන්න බෑ… ඒක මතක තියාගන්න … ආයේ මේ දේවල් මතක් කරන්න අවශ්‍ය වෙන එකක්නෑ කියලා මම හිතනවා……”
සාරතී මනුජගේ හදවත විනිවිද නොදුටුවා නොවේය. දික්කසාද එක් දරු පියෙකුට ජීවිතය් පහසු නැති බව සාරතී දනී. ඒ බව මනුජ මුණගැහුණු මුල් දිනවලම සාරතී අවබෝධ කරගත්තාය. දියණියක සමඟ තනි වන අම්මා කෙනෙකු හඩවතින් මහා ශක්තිමත් වෙයි. ගල් වෙයි. සමාජයෙන් එන පීඩා සියල්ලම ඉදිරියේ මහා පවුරක්ව සිට ගනී. දැඩි තීරණ ගනී. ඒ අම්මලාගේ ශක්තිය දූවරු නිසා විය හැක.
එහෙත්, දියණියක සමඟ තනි වන පියෙකුට ජීවිතය පහසු නැත. ඔවුන් හදවතින් වඩා දුර්වල වේ. හදවත කඩා වැටේ. ලෙහී යයි. සමාජ බාධා හමුවේ තවත් කල්පනාකාරී වේ. තීරණ එහෙ මෙහෙ වෙයි. ඒ තාත්තල්ලගේ දුර්වලතාවෞඅ දුවරු නිසාද ?
සාරතී මනුජට උදෑසන ආහාරය සූදානම් කලද, ඔහු ආහාර නොගෙනම එලියට බැස්සේය. ඒත් සමඟම ගේට්ටුව අසල සින්දූපා ගේ සුදු පැහැ මෝටර් රිය නැවතුණි. මනුජට කිසිත් සිතාගන්නට නොහැකි වේගයෙන් සින්දූපා ඉන් බැස ආවාය. මනුජ ආපසු හැරී සිටින්නේ කවුරුන්දැයි බැලුවේය. සාරතී බලා උන්නාය.
” උද්දච්චකම තිබ්බට කමක් නෑ කමාන්ඩර් … ඒකෙන් අනෙක් මිනිස්සුන්ගේ ජීවිත අවුල් කරන්න තියාගන්න එපා…. මහ ලොකු දෙයක් කරා කියලාද හිතාගෙන ඉන්නේ… ? ආහ්….. හරි.., මා එක්ක එන්න බැහැම කියමු… එක කෝල් එකක් ආන්සර් කරලා ඒක කියනා බැරි තරමට උද්දච්ච කමක්ද ඔයාට ? එක අතකට, මේවා මෙහෙම වෙලා යන එක හොඳයි… ඔයා වගේ මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න බෑ…. අයිම් රියලි සොරි ෆොර් මයි ඉන්වෝල්මන්ට්…. රියලි සොරි….
සාරතී ආන්ටි … ඔයා මින් පස්සේ එන්න ඕනි නෑ… මම කෙනෙක් හොයාගන්නකල් හොස්පිට්ල් ක්වාරටස් හරි සෙට් කරගන්න පුලුවන් …. “
අකුණු පුපුරාගිය ලෙසින් හඬ පුපුරා ගියේය. ඕ මෝටර් රියේ නැගී පිටව යන හඬ ඇසුණේ මහා කන්දක් නාය ගිය සෙයකිනි. මනුජ සාරතී දෙස හෝ නොබලාම පිටත් වූයේය. වාහනය ගේට්ටුවෙන් පිටතට ගත් වේගයට සාරතී ගේ ඇඟ වෙවුලා ගියේය.
” දෙයි හාමුදුරුවනේ… මේ දරු පැටවු රැකදෙන්න… මේ තරහ නිවලා දාලා, නිස්කාංසුවේ කතා බහ කරලා මේ තීරණ ගන්න හිත් වලට හය්ය දෙන්න …. සින්දූපා නෝනාලාගේ අම්මා අප්පලාට මේ කතන්දර තේරුම් අරගෙන මේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් ආශිර්වාද කරන්න ඉඩ දෙන්න …. එහෙම හිත් පහල වෙන්න….”
සාරතී නිදා උන් දියණිය දෙස බලා සාලය පිරිසිදු කිරීමට පටන් ගත්තේ හිතේ යම් වේදනාවක් එක්කය
සින්දූපා දිනයේ රාජකාරී කලේ වෙනදා නොවූ කලබලයකිනි. ඇයට අවැසි වූයේ කාර්යබහුල වීමය.
” කොහොමද ඒ බබාව ඩිස්චාර්ජ් කලේ ?”
රෝහල් පොලිසියද යම් මැදිහත්වීමක් දරාතිබු දරුවා ඇය පැමිණෙන්නට පෙර සඳුදා දිනයෙර් උදෑසනම පිටත් කර යවන්නට කටයුතුකර තිබූ වෛද්‍යවරියගෙන් සින්දූපා යලි විමසුවේ ඇයද එම දරුවාගේ සිදුවීමේ යම් නොගැලපීම් තත්වයක් ඇති බව දැන දැනම දරුවාපිටත් කර යැවීමේ කෝපය සමඟිනි.
” අනුන්ගේ ප්‍රශ්න වලට අපි නිකන් ලොක්කා එක්ක ප්‍රශ්න දාගන්න ඕණි නෑනේ ඩොක්ටර්… ඒ පේරන්ට්ස්ලා කැමැත්තෙන් ඩිස්චාර්ජ් කරන් ගියේ… සර් මඟින් මඟට පණිවිඩ එවලා තිබුණා…”
සින්දූපා මුවින් නොබැන උන්නාය.දරුවන් යනු රාජ්‍යයේ වගකීමකි. දෙමාපියන්ගේ අයිතිය පවා ඉක්ම යන වගකීමක් රාජ්‍යට දරුවන් ගැන වන්නේය.එනිසාම දෙමාපියන් ඇසුරේ වුවද, අසාධාරණට ලක් වන දරුවකු වෙනුවෙන් පලමුව පෙනී සිටිය යුත්තේ රාජ්‍ය නොවේද ?
” ඒ සිද්දිය අමතක කරලා අලුත් ඇඩ්මිශන් ටික බලන්නකෝ ඩොක්ටර්… ඒකට මූණ දික් කරම් හිටිය කියලා ඔයාටවත් මටවත් ලැබෙන දෙයක් නෑනේ…. “
“මට ලැබෙම දේවල් මම බලාගන්නම්… ඒ වගේම ඩොක්ටර්ට නොලැබෙන දේවල් ටිකත් ඩොක්ටර්ට බලාගන්න පුලුවන් වෙයි… මේ රස්සාවට ඇවිල්ලා, ලොක්කන්ටඑක දාගෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ඔහොම සෙල්ලමට ගන්නෙකට ඩොක්ටර්ට නොලැබෙම දේවල් මම කියනවට වඩා හොඳයි ඩොක්ටර්ම තේරුම් ගන්නවාට…”
අනෙක් වෛද්‍යවරියගේ දෑස් කඳුලින් පිරී ගියේය. සින්දූපා ගේ කෝපය වූයේ කාරණා කිහිපයක් සමඟය. කිහිප දෙනෙකු සමඟය. ඒ සියල්ල වෛද්‍යවරිය මතින් පිට වූවාය.
විශ්ව සින්දූපා සොයා පැමිණියේ ඉන් පසුවය
“කා එක්ක තියෙන තරහක්ද ඒ ඩොක්ටර් කල්පනී පිටින් යැව්වේ ?..”
“ඔයාගේ වැඩක් බලාගන්නවද අය්යේ ? ප්ලීස්… මෙතන ඔයා හැම එකටම මාව හොයාගෙන එන්න තියාගන්න එපා.. ඒක හොස්පිට්ල් සිස්ටම් එකටත් කරදරයක් කොච්චරක් වුනත්.. ඔයා ප්ලේස් වෙන්න ඕනි තැන ඔයා නෑනේ…”
“ආහ්….”
විශ්ව සරදම් හඬක් මවාගත්තේය.
සින්දූපා ඉවතට ඇවිද ගියාය.