මනුර්‍යා පැමිණ උන් නිසා මනුජ කෙරෙහි වූ දියණියගේ අවධානය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබුණි. උදෑසන ඔහු කඳවුර බලා පිටත්ව යද්දීවත් දියණියට ඔහුට සමුදෙන්නට තරම් සිහියක් වූයේ නැත. කිහිප වතාවක්ම මනුජනුජ දියණියගේ අවධානය වෙනුවෙන් උත්සාහ කලද, මනුර්‍යා කෙරෙන් ඇය මිදුනේම නැත.
මනුජට ඉන් අහේතුකයැයි අපට පෙන්වන මට්ටමේ බියක් දැනුනි. මනුර්‍යා අද දිනය තුලදීම ඇය හා විදෙස්ගතවීමට දියණිය කැමති කරගනීවියැයි මනුජට දැනුන හැඟීමද ඒ බිය අතරේම විය.
” නෑ… කීයටවත් නෑ…”
ජනාධිපතිවරයාගේ නිළ සංචාරයක් වෙනුවෙන් කඳවුර තුළ වන සූදානම පිළිබඳව සාකච්ඡා කිරීමේ කටයුතු නිසා සවස් වරුවේම මනුජ උන්නේ අතිශය කාර්‍යබහුලවය. ඔහුට සින්දූපාවද මඟ හැරුණි. සවස නිවසට එන අතරවාරයේදී ඔහු සින්දූපා ට ඇමතුම් කිහිපයක්ම ගත්තත්, පිළිතුරු ලැබුනේ නැත. යම් කලබලයක් දැනුනද, මනුජ සන්සුන් වන්නට උත්සාහ කලේය.
මනුර්‍යා අමතා රාත්‍රී ආහාරයට පිටතට යනවාදැයු විමසන්නට උත්සාහ කලද, ඇගේ අංකයෙන්ද ප්‍රතිචාර නොලැබීම නිසා මනුජ යම් කෝපයක උන්නේය.
” මුන් ඔක්කොමලා එකයි… ෆෝන් ඔක්කොම අරගෙන අඩ තියන්නෝනා වාහනවලට…”
මනුජ තමා සමඟම බැණ වදිමින් මෝටර් රිය ධාවනය කලේය.
වෙනදාට සාරතී සමඟින් ඉදිරියට දිව එන දියණිය එලෙසින් නාවාය. මනුජට දැණුන රිදුමෙහි අහිමි වීමේ බිය නොඅඩුව විය. තාත්තලා දියණියන් කෙරෙහි ඇලෙන්නේ සංසාරණීයවමය. යලි කෙලෙසකින්වත් අත් නොහැරෙන ලෙසය.
” දෝණි……පුතා…”
මනුජ සාලයට පිවිසෙද්දීම කතා කලේය. එහෙත් ප්‍රතිචාරයක් වූයේ නැත. සාරතී ගෙන් පවා හඬක් නොනැඟෙද්දී මනුජගේ හදවත පුපුරා යන්නට තරමේ හැඟීම්ක් දැනුනේය
” නංගී…නංගී…”
” මොකෝ වදේ… කෑ ගහන්නේ ?”
“කෝ දරුවා…”
“නිදි … ඇයි ?…”
“සාරතී නැන්දා ?..”
“ගෙවල් අස් කරලා එන්න කියලා ගියා…ඇයි ?..”
“මුකුත් නෑ…. ෆෝන් ආන්සර් කරෙ නැත්තේ මොකද?…?”
” ඔයා කතා කලාද ? සයිලන්ට් වැටිලා තියෙන්න ඇත්තේ අය්යේ… තේ ද කෝපිද ?…”
“මුකුත් එපා… රෑට කෑම හදලා නැත්නම් එලියට යමූ…”
“එපා… මම කෑම රෙඩි කරන ගමන් ඉන්නේ….”
එක්වරම් කුස්සියෙන් ඇසුණේ යමක් පෙරලෙන හඬකි. මනුජ මනුර්‍යා දෙස බැලුවාය. කිසිවෙකු නිවසේ නොමැති නම් එවන් හඬක් නැගෙන්නට ඉඩක් නැත. මනුර්‍යා ගේ හැසිරීමද අමුතු බව මනුජට සිතුණි. ඔහු වහා කුස්සිය දෙසට ඇවිද ගියේය. දුටු දසුනින් මනුජ පිවිසුම අසලම ගල් ගැසුනේය. කුස්සියේ රවුම් මේසයේ පුටුවක හිඳ උන්නේ ඇයය.
” සින්දූ…”
එහෙත් සින්දූපා කිසිඳු ප්‍රතිචාරයක් නොපෙන්වාම උන්නාය. මනුජ සින්දූපා ට පසෙකින් උන් පිරිමියා හඳුනා ගත්තේ ඉන් පසුවය. ඇය මනුර්‍යාගේ පෙම්වතාය. සේයාරුවන්ගෙන් පමණක් දුටු ඔහු, ලබන සතියේ ලංකාවට එනවායැයි කී ඔහු ය.
” ආහ්.. අය්යා… මේ අපේ වෙන්න මහත්තයාගේ ට්වින් අය්යා… මේ අය්යා මැරි කරන්න ඉන්න අක්කා… අය්යා අක්කා එක්ක එන්ගේජ් වෙලා ආයේ රට යන්න බලාගෙනම ඇවිල්ලා තියෙන්නේ.. අක්කා දියතලාවේ හොස්පිට්ල් එකේ ඩොක්ටර්ට කෙනෙක්…. ඩොකියුමන්ට් වැඩ වලටත් එක්ක ඇවිල්ලා තියෙන්නේ… මම කිව්වා ඉතින් .. දවස් දෙක තුනක් මෙහෙ ඉඳලම ඔක්කොම වැඩ ටික කරගන්න කියලා…අක්කා චුට්ටක් අසනීප වෙලත් ඉඳලා… ඉතින්…එහෙ මෙහෙ ට්‍රැවල් කරනවාට වඩා ලේසිනේ…”
මනුර්‍යා එලෙස පවසමින් සියලු දෙනා පසු කර පැන්ට්‍රිය වෙතට ඇවිද ගියාය. මනුජ තමන්ට ඇසුන්‍රෙ කුමක්දැයි යලි යලි සිතා බැලුවේය. ඇය.. ඔහු … එවැන්නක් සිදු විය හැකිද ? නැත … ඇය කිසිදිනෙක එවැන්නක් සිදු නොකරන බවට විශ්වාසය. ඔහු පැමිණ ගිය බව පැවසුවාට, සියල්ල යහපත් ලෙසින් විසඳෙන බවට ඇය පැවසුවා නොවේද ?
සැනින් මනුජගේ යටි හිත කතා කරන්නට ගත්තේය. ඔහු සින්දූපා මුණ ගැසීමට ආ දිනයේ සහ පසුවදා සින්දූපා ඔහු පිළිබඳව නොසෑහෙන්න තොරතුරු කීවා නොවේද ? ඔහුගේ එංගලන්තයේ ජීවිතය අගය කලා නොවේද ? ඔහු ජීවිතය තනිව ගොඩ නඟා ගත්තෙක් බව පවසමින් වර්ණනා කලා නොවේද ?
හිත් තත්පරේක පමාවෙන් වෙනස් වෙන්නට පලමු අඩිය තියන බව මනුජ දනී. එහෙත්, ඇයට එවැන්නක් කරන්නට හැකිද ? තමා අඳුරු ආගාධයකට වැටෙන බව දැන දැනම …
” සින්දූ ….”
මනුජ ඇය අසලට ඇවිද ගොස්, ඇය අසල වූ අසුන පසෙකට ඇදගෙන හිඳගෙන සින්දූපා ගේ දෑතින් අල්ලා ගත්තේය. එහෙත් ඒ පමාවෙන්ම අනෙක් පස උන් පිරිමියා මනුජගේ දෑතින් සින්දූපා ගේ දෑත් මුදවා ගත්තේය.
” මිස්ටර්… මොකක් හරි මිස් අන්ඩර්ස්ටෑන්ඩ් එකක් වගේ… දිස් ඉස් මයි ගර්ල් ෆ්‍රෙන්ඩ්…”
මනුජගේ කෝපය ඔහුට දරාගන්නට නොහැකි සීමාවෙන් නැගි ආවේය. ඔහු සින්දූපා දෙස බැලුවේ යම් පිළිසරණක් බලාපොරොත්තුවෙන් ය. ඇතැම් විට, සින්දූපා ට මේ සියල්ලම රඟපෑමකයැයි වන ඉඟියක් ලබා දෙන්නට අවශ්‍යව සිටිනවා විය හැක. එහෙත් ඕ කිසිඳු ගණනක් හෝ නැතිවම තමාගෙන් ඉවත බලා ඉන්නීය.
” අය්යා.. මොකද ඔය ? ඔයා දන්න කෙනෙක් නෙවී ඔය..”
මනුර්‍යාගේ හඬ මනුජගේ කෝපය උතුරා යන්නට ඔන්න මෙන්න තිබූ කෝපය ඉහිරී යන්නට සැලැස්වූයේය.
“මඟුල… දන්නේ නැති වෙන්නේ කොහොමද ඕයි…. දන්නේ නැත්තේ කොහොමද ? අද උදෙත් මගෙත් එක්ක කතා කරලා, මට ආදරෙයි කිව්ද ගෑනි මම දන්නේ නැත්තේ කොහොමද ?..”
මනුර්‍යා විමතිය මවා ගත්තාය. හැඟීම් සඟව ගැනීමෙන් සත්‍ය සම්පුර්ණෙන්ම එලියට ගත හැක.
” සින්දූපා … මොකක්ද මේ කියන්නේ..? ඔයා මෙයාව දන්නවාද ? ..”
අනෙක් පුද්ගලයාගේ හඬද ඇසුණි. ඉන් පසුව පිපිරුණේ මනුජගේ හිස මතට වන ලෙස වන බෝම්බයකි.
” දන්නවා… මෙයාගේ බබා අසනීප වෙලා හොස්පිට්ලයිස් කරාම බබාව බැලුවේ මම .. මෙයා එතනදී ලොකු ප්‍රශ්නයක් හැදුවා මට… ඊට පස්සේ මම මෙයාට පේපර්ස් යැව්වා..ලෝයර් කෙනෙක් තෲ… ඩියුටි වෙලාවේ හැරස්මන්ට් …. ඉන් පස්සේ ඉඳන්… හැමදාම මට කතා කර කර කරදර කරනවා… ඒ ඩොකියුමන්ට් අයින් කරගන්න කියලා.. ඒකෙන් එයාගේ ලයිෆ් එකයි, බබාගේ ලයිෆ් එකයි දෙකම … ඩේන්ජර් කියලා…”
“වට් ??..”
“අය්යේ ???..”
මනුජ වඩා හොඳින් සින්දූපා දෙස බැලුවේය. ඇය මුසාවක්, විහිලුවක් කරනවාදැයි තහවුරු කරගන්නට යලි යලි බැලුවේය එහෙත් ඕ සිටින්නේ සංකීර්ණ පෙනුමක් එක්කය. තමා පිළිබඳව වන පිළිකුක් සහගත ස්වරයක් අවසන, එවන්ම හැඟීමක් පෙන්වාගෙනය
” හැරස්මන්ට් ???? මම ??? හ්හ්හ්… එහෙමද එතකොට ???…. ඒකද එතකොට … කතාව ….මාව අතෑරලා යන්න… තාත්තාගේ ස්ක්‍රිප්ට් එක එහෙමද ලියලා දුන්නේ ?? ආහ්..සින්දූ … එහෙමද ? අවුලක් නෑ.. අවුලක් නෑ… ඉට්ස් ඕකේ…ඉට්ස් ඕකේ…සොරි මචං…සොරි …”
මනුජ ආපසු හැරුණේය. උඩු මහල වෙත අඩිය ට දෙකට නැග්ගේය. මනුර්‍යා සහ අනෙක් පිරිමි පුද්ගලයා වහ වහාඔහු පසුපස දිව ගියහ. එහෙත් මනුජගේ වේගය ඉක්මවනට හෝ ලං වෙන්නට හැකි වූයේ නැත. මනුජ උඩු මහලට පිවිසුම් දොර වසා ගත්තේය. පෙර දිනෙක කැඩී තිබූ එය සකස් කර දින දෙකක් පමනක් ගතවී තිබූ නිසාදෝ, මහ හඬක් සමඟින් අඟුලු වැටුණි.
” අය්යා… අය්යා….”
මනුර්‍යා දොරට තට්ටු කලේ උස් හඬින් මනුජව අමතමිනි. මේ ඇස් රතු වන විහිලුවක් බව, සින්දූපා කිහිප වතාවක්ම පැවසූ අයුරු ඇයට සිහි විය. ඇය තමා අසල හිටගෙන සිටින ඔහු දෙසද කුමක් කරන්නදැයි සිතා ගත නොහැකි බැල්මක් හෙලුවේය.”












