දෑත දරා – 66

දිගින් දිගටම සින්දූපා ගෙන් පිළිතුරු නොලැබෙද්දී , මනුජ මනුර්‍යා අමතා සිදුව ඇත්තේ කුමක්දැයි කීවේය. මනුර්‍යාද ඒ වනවිට එම පුවත දැන උන්නේ විමුක්ති මඟිනි.

” සින්දූ ද විමුක්ති ට කියලා තියෙන්නේ ?..”

” ඔව්… සින්දූපා ගේ අම්මලා කියලා, නිර්ධා ඔයාව දාලා ගිහින් තියෙන්නේ එයාගේ කැන්සර් එක වර්ස් වුනොත් ඔයාගේ කැරියර් එකට ඒකෙන් බැක්වර්ස් එකක් වේවි කියලා …. ඒත් දැන් එයා ඉන්නේ 99% රික්වර් වෙලා නිසා… එයා පොසිටිව් ඉන්නේ කියලා…. කොහොමහරි  , සින්දූපා ගේ අම්මලා මෙතන මොකක් හරි රෝල් එකක් ප්ලේ කරනවා ….සමහරවිට, ඕක ඒගොල්ලෝ එකතු වෙලා ක්‍රියේට් කල කතාවක් වෙන්නත් පුලුවන් … නොවෙන්නත් පුලුවන් … කොහොම වුනත්, විමුක්ති කියන්නේ සින්දූපා ඒකෙන් මාරම විදියට රිදවගෙන කියලා….  නරකම දේ, නිර්ධා අද හවස එනවලු…”

මනුජ ඇමතුම විසන්ධි කලේය. එක් ප්‍රශ්නයක් විසඳා ගන්නටද මත්තෙන් තවත් ප්‍රශ්නයකි. කුමක් කරන්නටදැයි සිතාගන්නටවත් නොහැකි තරමේ පැටලීමකි.

මනුජ අම්මාට ඇමතුමක් ගන්නට සිතුවේය. පසුව යලි එය අතැර දැම්මේය. හෙට දිනයේම ගොස්  දියණිය යලි දියතලාවේ කැටුව  ආ යුතුයැයි මනුජ තීරණය කලේය.

එදින රැයද ගෙවුණේ මතින් ය.

පසුදින මනුජ කොළඹ යෑම සඳහා සිතා උන්නද, අත්‍යාවශ්‍යම රාජකාරියක් නිසා ඒ ගමන රාත්‍රී ගමනක් බවට පත් කරන්නට සිදු විය.

සවස මනුජ පිටත් වෙද්දීම මනුර්‍යාගේ ඇමතුම ලැබුනි.

” නිර්ධා අක්කා ආවා… එයා දෝණිව එයා එක්ක ඉන්න එක්ක යන්න හදනවා මේ දවස් ටිකට… අම්මා කිව්වා ඔයාගෙන් අහන්නේ නැතුව මුකුත්ම කරන්න බෑ.. ඔයා එනකල් ඉන්න කියලා … අය්යේ…. ඔයාට තීරණය ගන්නම වෙනවා..හෙට උදෙන්ම පිටත් වෙන්න… දැන් නිර්ධා ගියා…. ආයේ හෙට ඒවී….”

මනුජ මෝටර් රිය පැදවුයේ අහිමි වීමේ වේදනාව පරදවන්නට නම් , තමා වඩා වේගවත් විය යුතුය යන උපකල්පනයේ සිටිමින් මෙන් ය. කිහිප වතාවක්ම වාහනය ගැටෙන්නට ගිය නිසා, මනුජ අනෙක් වාහනවල රියැදුරන් හා උස් හඬින් බැණ ගත්තේය.

” ශිට්… ඉවසපං…ඉවසපං මනුජ… උඹට සින්දූ කිව්වේ ඉවසන්න…. මේ ඔක්කොම එක රැයින් ඉවර වෙන්නේ නෑ… උබ විස්වාස කරන , උඹට ඕනි කියලා හිතෙන දේ වෙනුවෙන් … ඉවසපං… ඒ මොක ලං කර ගන්නත් උඹ පිස්සු හැදිච්ච නැති එකෙක් වෙන්නෝනා… උඹ පිස්සෙක් වුනොත් දෝණිව කොහොමටත් උඹට නැති වෙනවා… සින්දූපාව පිස්සෙක්ට දෙන්න ඒ අම්මා තාත්තා කොහොමටවත් කැමති වෙන්නේ නෑ…”

මනුජ කුඩා අවන්හලක නැවති කෝපි කෝප්පයක් බීවේය.ඉන් පසුව යලි ගමන  ඇරඹුවේය

මනුජ මැදියමේ නිවසට ළඟා වන විට අවදියෙන් උන්නේ විශ්ව සහ බිරිඳ පමණි. මනුර්‍යා ඔවුන්ගේ හඬ්ට ඇහැරුනාය.  අම්මා සහ තාත්තා සාලයට ආවේ ඉන් පසුවය.

” ලොකූ.. ඔයාට  නම් පිස්සු… මෙතන අපි ඔක්කොම ඉද්දී නිර්ධා ට දරුවා ගෙනියන්න දෙනවද  එහෙම …”

තාත්තා මනුජට උස් හඬින් කතා කලේය. මනුජ ඒ ගැන සැකයක් නැති බව පෙන්වම මුහුණක් සාදා ගත්තේය.

“අනෙක, ඒකි උසාවියෙදි දරුවව එපා කියලානේ ගියේ…. බලාකියාගන්න බෑ කියලා එහෙම කිව්වනේ…..එහෙව් එකේ උඹට කිසි කේස් එකක් නැතුව මේක හැන්ඩ්ල් කරන්න පිලිවන් නේ බං…”

විශ්ව යලි කතා කලේය.

” දෝණි නිර්ධා ට..කතා ..කලා..ද…?”

“එහෙම අඳුනගැනීමක් වුනා කියලා හිතන්න අමාරුයි… නිර්ධා ටිකක් සැරෙන් සැරෙන් අපො එක්ක කියවගත්ත නිසා දෝණි ඔටෝම එයාව නිග්ලෙක්ට් කලා මට හිතෙන්නේ අය්යේ….අනෙක නිර්ධා සෑහෙන්නම වෙනස් වෙලා…. මහත් වෙලා….චොක්ලටුත් දුන්න එව්වා කෑවේ නෑ….. ඩෝන්ට් ලයික් කියලා අන්න මේසේ උඩ …”

මනුජ සැනසුම් සුසුමක් හෙලුවේය. යලි යමක් සිහි වී මෙන් මනුර්‍යා දෙස බැලුවේය. ඇය කීවේ නිර්ධා වෙනස්ව තිබූ බව නොවේද ? මනුර්‍යාද මනුජගේ බැල්ම වටහා ගත්තාය.

” ඔව් අය්යේ.. මට හිතෙන්නේ.. අර කැන්සර් කතාව හරි වෙන්නෝනා… එයා විග් එකක් දාලා උන්නේ කියලත් මට හිතෙනවා…”

මනුජ දෑස් පියාගත්තේය. අතීතයයලි ස්මරණය කිරීමට උත්සාහ කලේය. නිර්ධා ට එවන්  අසනීපයක් ඇති බවට ඉඟියක්වත් තමාට මතක නැත්තේ ඇයිදැයි සිතුවාය.

” අපි කවුරු කවුරුත්  , අපි කාගේ කාගෙ හරි  කතාවක  දුෂ්ටයෝ  වෙනවා බං.. වෙච්ච දේවල් වෙලා ඉවරයි… මං හිතන්නේ නෑ නිර්ධා එන්න ඇත්තේ උඹ එක්ක සෙට්ල් වෙන්නවත් , දෝණිව ඉල්ලන්නවත් කියලා.. එතන තියෙන්නේ සින්දූපා ගේ අම්මලාගේ ඩ්‍රාමා එකක්…. නිර්ධා ආවේ අර ජනිඳු එක්ක …”

විශ්ව අවසානයේ හඬ මදක් පහත් කරේය. මනුජට එය උස් හඬින් ඇසුනේය.

” මොකක්  ??”

“හ්ම් …. නිර්ධා ගෙ නෑනාගේ මල්ලී.. අර සුදු උස කොල්ලා….  “

“අර චිත්‍ර කාරයා…??”

“ඔව්…”

“ඌ මොනවාද නිර්ධා එක්ක කරන්නේ ?”

” ඒක උඹට අදාල නෑනේ… මට හිතෙන්නේ උන් සෙට්ල් ඇති කියලා…”

විශ්ව ඉන් පසුව ඒ සිදුවීම අනෙක් අයට සැකෙවින් කීවේය.

” ඔය ජනිඳු කියන කොල්ලා තමා නිර්ධා ගේ අය්යගේ වෙඩින් එකේ නිර්ධා ගේ දෙවෙනි මනමාලයට උන්නේ… ඒ දවස් වල ඉඳන්ම ඌ ඒකිට ට්‍රයි කොහොමහරි… අපි දැනගත්තෙත් මූ බීලා නිර්ධා ගේ ෆොටෝ එකක් පෙන්නලා අඬලා ..හෙන සීන් එකක් අපිට ආරංචි වුනා…

. මූයි ඌයි කිහිප වතාවක්ම පැටලුණත් එක්ක ඔය සිද්දි නිසා… මූ කොච්චරක් අකමැති උනත් උන් දෙන්නාගේ යාලුකමත් දිගටම තිබුණා..  නිර්ධා ගේ අය්යලා යන ට්‍රිප් වලට, වැකේශන් වලට මුං දෙන්නත් ගියා… මනුජ එක්ක රණ්ඩු වෙවී හරි නිර්ධා ඒ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඇත්තටම තියාගෙන උන්නා…

මා හිතන්නේ ජනිඳු ගේ ඔලුවේ එහෙම සීන් එකල් තිබ්බට , නිර්ධා ඇත්තටම යාලු ෆිට් එකේ උන්නේ…

කොහොමහරි , මනුජයි නිර්ධා යි මැරි කලාම ජනිඳු රට ගියා කියලා ආරංචියක් තිබුණා… කන්ටැක් ලොස් කියලාත් කියලා තිබුණා…

පස්සේ තමා ඔය මොකක්  නමුත් වෙන්න ඇත්තේ… එක එක මිනිස්සු ආදරේ කරන විදි වෙනස් නේ…”

මනුජගේ හදවතට යම් හීරීමක් දැනුණි. කලක වඩා වටිනා යමක්, කලක අප්‍රමාණ ආගන්තුක වන අරුමය….

” දෝණි නිදිද ?”

“අපේ ඇඳේ අද ..”

අම්මා එලෙස කී පසු මනුජ හිස සලා ඔහුගේ කාමරය වෙත ඇවිද ගියේය.

” අය්යේ.. විමුක්ති හෙට සින්දූපා ව එලියට එක්ක එන්නම් කිව්වා හවස් වෙලා…ගිහින් කතා කරමු…”

මනුජ හිස සැලුවේය.

මනුජට නින්දක් ලඟා වූයේම නැත. නිර්ධා ට එතරම් අපහසු කාලයක් ගෙවන්නට සිදු වූ බව , මෙතරම් පසු වී දැනගන්නට ලැබීමේ වේදනාව ඔහුහේ හිස තුළ යම් වෙහෙසක් නිර්මාණය කරමින් තිබුණේය. ආදරය කලා වුවද, විවාහ වුනා වුවද, දරුවකුට ජීවයද දුන්නා වුවද තමන් දෙදෙනාටම යම් කාරණාවක් මඟ හැරී තිබෙන්නට ඇති බව මනුජ කල්පනා කලේය. දෙදෙනාම තමන්ගේ ආත්ම අභිමානය මුදුන් හි තබා උන්නා මිසෙක, අනෙකාගේ සපත්තුවට බසින්නට සිතුවේ නැත.

තමාට වෙනස් වන්නට තිබුණි. රැකියාව…. එය තමාට එතරම්ම වටිනවා වුවද… තමාට ජීවිතයගැන ද එතරම්ම වටිනාකමක් තිබුණා නොවෙද ?

මනුජ සිගැරට්ටුවක් දල්වාගෙන මිදුලට බැස්සේය.

නිර්ධා හා වූ ප්‍රේමය දැන් දැනෙන්නේ නැති වීම වරදක් වන්නේ නැතැයි ඔහු සිතුවේ දුම් වලලු එකින්  එක පිටවන දෙස උපේක්ෂාව ඇතිව බලා හිඳිමිනි

සාංසාරණීයයැයි, වෙන  යමක් වේනම් එය අත් හැරුනා වුවද සිත් හී තිබෙනවා නොවේද ?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles