හිනාවෙලා කෑම මේසයට වාඩි වුණු නෑදෑයෝ හතර දෙනාට, පැය 24ක් යද්දි වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්!
ඒ සතුටු සාදය අවසන් ගමනක ආරම්භය කියලා එතැන හිටපු කවුරුත් දැනගෙන හිටියේ නැහැ.
එදා ඒ කෑම මේසයෙන් ආව රසවත් සුවඳ ඇත්තටම මරණයේ සුවඳද?
ආදරණීයයි කියලා තමන් හිතුව නෑයෙක් තමන්ගේම අතින් උයා පිහා දුන්න ඒ රසවත් “බීෆ් වෙලින්ටන්” කෑම පිඟාන ඇතුළේ ලෝකයේ දරුණුම මාරයා හැංගිලා ඉන්න ඇති කියලා කාටවත් සැක හිතුණේ නැහැ. හැබැයි රෑ වෙද්දී මුළු පළාතම හොල්ලමින් ඇහෙන්න ගත්ත ගිලන් රථවල සීරියන් හඬත් එක්ක, ඒ සතුටු සාදය මුළු ලෝකයම අන්දමන්ද කරපු අබිරහස් මිනීමැරුම් නඩුවක් බවට පත් වුණේ ඇසිපිය හෙලන සැණින්.
ඇත්තටම ඒ කෑම පිඟානට මාරයා ආවේ අහම්බෙන්ද? නැත්නම් ඒක හරිම සූක්ෂ්ම විදිහට සැලසුම් කරපු බිහිසුණු මර උගුලක්ද?
අපි බලමු මොකද්ද මේ බීෆ් වෙලින්ටන් මිනීමැරුම කියලා.
2023 අවුරුද්දේ ජූලි මාසයේ ඒ හීතල සෙනසුරාදා දවසේ, ඕස්ට්‍රේලියාවේ ලියොන්ගාතා නගරයේ එරින් පැටර්සන්ගේ කුස්සියෙන් හරිම රසවත් සුවඳක් වහනය වුණා. එරින් එදා බොහොම ඕනෑකමින් ලෑස්ති කළේ “බීෆ් වෙලින්ටන්” (Beef Wellington). ඒ කියන්නේ පදමට තැම්බුණු මස් තට්ටුවක් මැදට බිම්මල් පේස්ට් එකක් තියලා, පේස්ට්‍රි එකකින් ඔතාපු හරිම රසවත් කෑමක්. තමන්ගේ සැමියාගේ අම්මයි තාත්තයි ඇතුළු ලඟම නෑදෑයෝ හතර දෙනෙක් එදා එරින්ගේ ගෙදරට ගොඩවුණේ පවුලේ සාමකාමී දිවා භෝජනයකට.
හැබැයි ඒ හිනාවෙන් පිරුණු කෑම මේසයේ හැංගිලා තිබුණේ මරණයේ අඳුරු සෙවනැල්ල කියලා ඒ අහිංසක මිනිස්සු හතර දෙනා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. කෑමෙන් පැය 24ක් යන්නත් කලින් මුළු ඕස්ට්‍රේලියාවම භීතියෙන් ඇලළී ගියේ මේ සතුටු සාදය ලේ විලක් කරපු බිහිසුණු රහස එළියට එන්න ගත්ත නිසයි.
මැරෙන්න කරපු ආරාධනාව
2023 අවුරුද්දේ ජූලි මාසයේ ඒ හීතල සෙනසුරාදා දවසේ, ඕස්ට්‍රේලියාවේ ලියොන්ගාතා නගරයේ එරින් පැටර්සන්ගේ කුස්සියෙන් හරිම රසවත් සුවඳක් වහනය වුණා. එරින් එදා බොහොම ඕනෑකමින් ලෑස්ති කළේ “බීෆ් වෙලින්ටන්” කියන කෑම. මස් තට්ටුවක් මැදට බිම්මල් පේස්ට් එකක් තියලා හදන මේ කෑම වේලට නෑදෑයෝ හතර දෙනෙක්ව ගෙන්නගන්න එරින් පාවිච්චි කළේ හරිම නින්දිත බොරුවක්.
එයා තමන්ගේ නැන්දම්මා වුණු ගේල්ට කෝල් කරලා මෙහෙම කිව්වා.
“ගේල්… මට බඩවැල් ආශ්‍රිත පිළිකාවක් (Ovarian Cancer). දොස්තරලා කියන්නේ මට තව වැඩි කාලයක් නැහැ කියලා ජීවත්වෙන්න. මම මැරෙන්න කලින් අපේ පරණ තරහා අමතක කරලා හැමෝම එකට කෑම වේලක් කමු. අනේ මට සමාවෙන්න.”
මේ අහිංසක මිනිස්සුන්ගේ හදවත්වල තිබුණු කරුණාව නිසාම, “මැරෙන්න ඉන්න ලේලිනේ” කියලා හිතලා ගේල්, මාමණ්ඩිය වුණු ඩොන්, ගේල්ගේ සහෝදරිය හෙදර් සහ පූජකවරයෙක් වුණු එයාගේ මහත්තයා ඉයන් එදා කෑමට ආවා. ඒ එන්නේ තමන්ගේ මරණය කරා කියලා ඒ අය දැනගෙන හිටියේ නැහැ.
රසබර කෑමක් කළ හදියක්
එරින් කෑම ඉව්වේ තනියම. කවුරුත් කුස්සියට එනවාට එයා කැමති වුණේ නැහැ. බීෆ් වෙලින්ටන් කෑමේ විශේෂත්වය තමයි ඒක එකට උයන එකක් නෙමෙයි, එක් එක් කෙනාට වෙන වෙනම පෝෂන් විදිහට හදන පොඩි පේස්ට්‍රි එකක් වගේ කෑමක්. ඒ කියන්නේ එක් කෙනෙක්ගේ පිඟානට විෂ දාලා අනිත් කෙනාගේ පිඟාන සාමාන්‍ය විදිහට තියන්න මේ කෑම උයන කෙනාට ලේසියෙන්ම පුළුවන්.
ඔය විදියට එරින් මස් සහ බිම්මල් දාලා හදපු රසම රස බීෆ් වෙලින්ග්ටන් කෑම කාලා හැමෝම ගෙවල්වලට ගියා. හැැබැයි මධ්‍යම රාත්‍රිය වෙද්දී මුළු ලෝකයම උඩුයටිකුරු වුණා. හතර දෙනාටම දරුණු විදිහට වමනය, බඩේ කැක්කුම හැදුණා. රෝහලේදී දොස්තරලාට මුලින් හිතුණේ මේක සාමාන්‍ය කෑම විෂ වීමක් කියලා. හැබැයි පැය කිහිපයක් යද්දී එයාලගෙ අක්මාවන් සම්පූර්ණයෙන්ම දියවෙන්න ගත්තා. දවස් හයක් ඇතුළත ගේල්, ඩොන් සහ හෙදර් මියගියා. එහෙම වෙන්නෙ කොහොමද කියලා හොයාගෙන යද්දි හෙලිවෙන්නෙ හිතාගන්න බැරි දෙයක්.
ඒ තමයි මේ කෑමට ලෝකයේ විෂම බිම්මල් වර්ගයක් වුණු “ඩෙත් කැප්” (Death Cap) එකතුවෙලා තියෙනවා කියන එක.
හැබැයි පුදුම දේ තමයි, කෑම උයපු එරින්ට විතරක් කිසිම දෙයක් නොවීම!
එයා කිව්වේ “මම කෑවා, මටත් අමාරු වුණා” කියලා. ඒත් එයාගේ අක්මාවේ කිසිම හානියක් තිබුණේ නැහැ කියන එක එයාව පරීක්ෂා කරපු ඩොක්ටර්ස්ලාට පේන්න ගන්නවා.
ඔන්න ඔතනින් තමයි එරින් දිහාවට සැකේ මතුවෙන්නෙ.
සයිමන් බේරුණේ කොහොමද?
මේ කෑම වේලට එරින් එයාගෙ සැමියා වුණ සයිමන්ටත් කෑමට එන්න කියලා තිබුණා. හැබැයි එයා අන්තිම මොහොතේ ඒක අවලංගු කළා. එහෙම කරේ ඇයිද කියලා පොලිසිය සයිමන්ගෙන් ඇහුවම සයිමන් පොලිසියට කිව්වේ මුළු ඕස්ට්‍රේලියාවම භීතියට පත් කරපු කතාවක්.
“මම එදා ගියා නම් එරින් අනිවාර්යයෙන්ම මාව මරනවා.”
සයිමන්ට කලින් ඉඳන්ම එරින් ගැන සැකයක් තිබුණා. එයා තමන්ගේ ෆෝන් එකේ රහස් ලේඛනයක් (Spreadsheet) තියාගෙන හිටියා. ඒකේ මෙහෙම සටහන් තියලා තිබුණා.
“අද එරින් මට චිකන් කුර්මා දුන්නා – මම කෝමා තත්ත්වයට පත් වුණා.”
“අද එරින් මට එළවළු කරියක් දුන්නා – මම වමනය කරන්න ගත්තා.”
සයිමන් තේරුම් ගත්තා එයාට අසනීප වෙන්නේ එරින් උයන දවස්වලට විතරයි කියලා. ඒ සැකය නිසා තමයි එදා බීෆ් වෙලින්ටන් දිවා භෝජනයට නොගිහින් සයිමන් තමන්ගේ ජීවිතය බේරගත්තේ.
Google Search එකෙන් අහු වුණු මිනීමරුවා
එරින් මුලින් කිව්වේ තමන් බිම්මල් ගත්තේ කඩෙන් කියලා. හැබැයි ඒක දරුණු බොරුවක්. ඩෙත් කැප් බිම්මල් ලෝකයේ කිසිම කඩේක විකුණන්නේ නැහැ. පොලිසිය එරින්ගේ මකා දාපු ෆෝන් දත්ත (Cloud Data) ආපහු ගත්තාම ඒවයි සටහන් වෙලා තිබුණේ භයානක දේවල්. එයා මිනීමැරුමට කලින් මෙන්න මෙහෙම දේවල් Google එකේ හොයලා තිබුණා.
- “බිම්මල් විෂ වීම”
- “මිනිහෙක්ව මරන්න විෂ කොච්චර වෙලාවක් යනවද?”
- “බේරියම් කාබනේට් වතුරේ දියවෙන්නේ කොහොමද?” (මේක මී පාසානම්වල තියෙන විෂක්)
පොලිසිය එරින් විසි කරපු ආහාර වියළන යන්ත්‍රයත් (Dehydrator) හොයාගත්තා. ඒකේ ඩෙත් කැප් බිම්මල්වල කොටස් තිබුණා. එරින් කරලා තිබුණේ කැලෙන් බිම්මල් කඩලා, ඒවා වියළලා විෂ තවත් වැඩි කරලා කෑමට එකතු කරපු එකයි.
ඇත්තටම හේතුව මොකද්ද?
මේ හැමදේකටම මුල සල්ලි. සයිමන් තමන්ගේ බදු වාර්තාවල තත්ත්වය වෙනස් කරපු නිසා එරින්ට ලැබුණු රජයේ දීමනා නැති වුණා. ඒ වගේම සයිමන්ගේ මව්පියෝ තමන්ට සල්ලි දෙන්න කියලා සයිමන්ට බල කරන්නේ නැහැ කියන වෛරයත් එරින්ගේ හිතේ තිබුණා. එයා තමන්ගේ යාළුවන්ට මෙහෙම මැසේජ් කරලා තිබුණා. “මට මේ මිනිස්සුන්ව පේන්න බැහැ. මම මුන්ට ශාප කරනවා.” කියලා.
අන්තිමට 2025 සැප්තැම්බර් 8 වැනිදා නඩු තීන්දුව ලැබුණා. පූජක ඉයන් විල්කින්සන් සාක්ෂි දෙමින් කිව්වේ, “එරින් විතරක් වෙනත් පාට පිඟානකින් කෑම කෑවා” කියලා. ඒ කියන්නේ එයා තමන්ගේ පිඟානට විෂ වැටෙන්නේ නැති වෙන්න වගබලාගෙන තිබුණා.
විනිසුරු ක්‍රිස්ටෝපර් බීල් තීන්දුව දුන්නේ මුළු ඕස්ට්‍රේලියාවම බලාගෙන ඉද්දී.
“ජීවිතාන්තය දක්වා හිරදඬුවම්!”
අවුරුදු 33ක් යනකල් ඇයට කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. අන්තිම මොහොත වෙනකල්ම එරින් කිව්වේ “මම වරදක් කළේ නැහැ” කියලා.
හැබැයි සල්ලියි වෛරයයි නිසා පවුලක්ම විනාශ කරපු ඒ ගැහැනියට අන්තිමට ඉතිරි වුණේ හිරගෙදර හුදකලාව විතරයි.










