සතුට පිරුණු ජීවිතයකට

අපි හැමෝම හොයන්නේ සතුට පිරිච්ච, සුන්දර ජීවිතයක්. 

ඒත්, ඒක පිටතින් හොයනවාට වඩා අපිට ඇතුළතින්ම හදාගන්න පුළුවන් නම්?

ඇත්තටම අපේ සතුට, ආදරය, සහ ජීවත් වීමේ සිතුවිලි පිටුපස ඉන්නේ අපේ මොළයේම තියෙන පුංචි රසායනික කණ්ඩායමක්.

අපි හිතන විදිහ, අපි ලෝකය දකින විදිහ වගේම, අපේ විශ්වාසයන් පවා වෙනස් කරගන්නට නම්, මුලින්ම මේ අපේ මොළයේ රසායනික ක්‍රියාවලිය තේරුම් ගන්නට ඕනේ. ඒ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ රසායනික හතරක් පමණයි! අපි මේවාට D.O.S.E. කියලා කියමු.

මේ රසායනික හතර අපේ දවස පුරාම අපිට දැනෙන ධනාත්මක හැඟීම් පාලනය කරනවා. මේ අයව අපිට අවශ්‍ය වෙලාවට නිදහස් කරගන්න අපි පුරුදු වුණොත්, අපේ ජීවිතය පුදුම විදියට වෙනස් වෙනවා.

ඩොපමයින් (Dopamine)

ඩොපමයින් කියන්නේ අපේ අභිප්‍රේරණය (Motivation) පාලනය කරන ප්‍රධානම රසායනිකයක්. අපේ Phone එකට Notification එකක් ආවාම, පොඩි වැඩක් ඉවර කළාම, නැත්නම් To-do ලැයිස්තුවේ එක වැඩක් කපලා අයින් කරාම අපිට දැනෙන පුංචි ‘සුපිරි’ කියන හැඟීම පිටුපස ඉන්නේ මෙයා.

ඩොපමයින් අපේ මොළයට කියන්නේ “දිගටම වැඩ කරගෙන යන්න! ඉලක්කය කරා පියවරෙන් පියවර ගියොත් සතුටක් ලැබෙනවා.” කියන එක.

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඩොපමයින්වලින් ලැබෙන සතුට ඉක්මනින්ම නැතිවෙලා යනවා. මේක තමයි අපේ ඇබ්බැහිවීම්වලට (Addictions) ප්‍රධානම හේතුව. අපිට සතුට දැනෙන්නේ තත්පරයකට විතරක් නිසා, ඒක ආයෙත් ගන්න අපි නිතරම Social Media බලනවා, Games ගහනවා. සමහරු වෙන වෙන දේවල්වලට පවා යොමුවෙනවා.

අපිට කරන්න පුළුවන් දේ තමයි දවසේ කරන්න ඕන පොඩි පොඩි දේවල් ලැයිස්තුගත කරලා, ඒක ඉවර කරද්දී ඩොපමයින්වලින් ලැබෙන සතුට උපරිමයෙන් විඳින්නට පුරුදු වෙන එක.

 ඔක්සිටොසින් (Oxytocin)

මේ තමයි අපේ සෙනෙහස සහ සමාජ බැඳීම්වලට වගකිව යුතු ‘හදවත් රසායනිකය’. කෙනෙක්ව බදාගෙන ඉන්නකොට, යාලුවො එක්ක එකට කෑමක් කනකොට, තෑග්ගක් දෙනකොට, නැත්නම් හිතේ තියෙන දේවල් කතා කරනකොට මේක නිදහස් වෙනවා.

ඔක්සිටොසින්වලින් ලැබෙන දේ තමයි දිගුකාලීන සන්සුන්කමක් සහ ආරක්ෂිත හැඟීමක්. මේක ඩොපමයින් වගේ නෙවෙයි මේකෙන් ලැබෙන්නේ කල් පවතින සතුටක්.

මේක දෙපැත්තටම ක්‍රියා කරනවා. අපි කෙනෙකුට ආදරයෙන් තෑග්ගක් දුන්නොත්, තෑගි දෙන අපිටත්, ඒක ගන්න අයටත් ඔක්සිටොසින් ලැබෙනවා. ආතතියට එරෙහිව සටන් කරන්න, සබඳතා ශක්තිමත් කරගන්න ඔක්සිටොසින් හොඳ යාලුවෙක්.

සෙරටොනින් (Serotonin)

සෙරටොනින් කියන්නේ අපේ ආඩම්බරය, ගෞරවය සහ සමාජයෙන් ලැබෙන පිළිගැනීම පාලනය කරන රසායනිකය. විභාගයක් පාස් වුණාම, රැකියාවේදී අගය කිරීමක් ලැබුණාම, නැත්නම් යම් සාර්ථකත්වයක් ලැබුවාම අපිට දැනෙන ආඩම්බර හැඟීම මෙයාගේ වැඩක්.

සෙරටොනින්වලින් ලැබෙන දේ තමයි අපේ ජයග්‍රහණ සහ සමාජ තත්ත්වය නිසා ඇතිවන ශක්තිමත් ධනාත්මක හැඟීම්.

අපිට කරන්න පුළුවන් දේ තමයි අපි කරන හොඳ වැඩ වෙනුවෙන් අපිටම අගය කරගන්න එක. ලොකු දෙයක් කරන්න බැරි වුණත්, පොඩි දේකදී වුණත් හොඳට කළා කියලා අපිටම කියාගන්න එක. අනිත් අය අපිට ලබා දෙන සහයෝගයට කෘතවේදී වෙන්නත් සෙරටොනින් අපිට උදව් කරනවා.

එන්ඩෝෆින් (Endorphins)

Runner’s High කියලා කියන්නේ එන්ඩෝෆින්වලට. මේවා මූලිකවම නිදහස් වෙන්නේ අපේ ශරීරයට වේදනාවක් දැනෙන අවස්ථාවලදී. ශාරීරික අපහසුතාවයන් දිගටම දරාගෙන ඉදිරියට යන්නට එන්ඩෝෆින් අපිට උදව් කරනවා.

එන්ඩෝෆින්වලින් ලැබෙන දේ තමයි වේදනාව සමනය කිරීමෙන් පසු දැනෙන ප්‍රීතිය නැත්නම් සැහැල්ලු විවේකී හැඟීම.

අපිට කරන්න පුළුවන් දේ තමයි ව්‍යායාම කරන එක. Gym යන්න පටන් ගත්තාම හෝ හොඳට ඇවිද්දාම දවස අවසානයේදී දැනෙන සැහැල්ලුවට හේතුව එන්ඩෝෆින්. ඒ වගේම, අපි හයියෙන් හිනා වෙනකොට බඩේ මාංශ පේශී සංකෝචනය වීම නිසා මේ එන්ඩෝෆින් ටිකක් නිදහස් වෙනවා. ඒ නිසා හොඳට හිනාවෙන්න.

සතුට පිරුණු ජීවිතයකට අවශ්‍ය රසායනික බෙහෙත් වර්ග 4 අපේ ඇතුළතම තියෙනවා. අපි කරන්න ඕනේ හිතන විදිහ වෙනස් කරලා, ධනාත්මක පුරුදු ඇති කරගෙන, මේ රසායනිකයන්ව නිදහස් කරගන්න එක විතරයි.

මේ පුරුදු හතර දිනපතාම පුරුදු පුහුණු කිරීමෙන්, අපිට පුළුවන් අපේ ජීවිතය සතුටින් පිරුණු අරුම පුදුම ගමනක් බවට පත් කරගන්න!

Related Articles

Don't Miss


Latest Articles