මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 24

0
127

“මං තකහනියෙ ආවෙ හේසර මට කතා කරලා කිව්වා උඹ නිකන් අවුට් ඔෆ් මූඩ් වගේ ඒ හන්දා පුලුවන් නම් මටත් එන්න කියලා ගුඩ් මාකට් යන්න කියලා. ඒ අසරණ කොල්ලා දන්නෙ නෑනෙ උඹ මේ හිටපු ගමන් කටුස්සා වගේ මූඩ් එක මාරු කරේ මොකද කියලා. මං ඒකයි ආවෙ. මෝඩ ගෑනි ආයෙ අරූ ගැන හිත හිත කාමරේ අස්සට වෙලා ඩිප්‍රෙශන් හදාගන්න ප්ලෑන් කරගෙන ඉන්නවද කියන බයෙන් තමයි මම ආවෙ ආයෙ” කියන රුවිනි එක්කම තමයි මම පාරට යන්න පඩිපෙල බැස්සෙ. 

ඇත්තටම මම බලාපොරොත්තු උනේ රින්ග් වෙච්ච ඩෝර් බෙල් එකට හේතුව මතින්ද්‍ර වෙන්න කියලා උනත් එතන උන්නෙ රුවිනි. ඇස් අස්සෙ “උඹ ඊලඟට නටන්න හදන්නෙ මොන ජාතියෙ නැටුමක්ද?” කියන සැකෙ ඇඳගත්ත මට උන්න එකම හොඳම යාලුවා වෙච්ච රුවිනි. 

“ඔයාට හේසර කතා කරාද?” මං ඇහුවෙ ඇත්තටම ඇයි හේසර එහෙම දෙයක් කරේ කියලා හිතාගන්න බැරි වෙච්ච හන්දා.

“හ්ම්… කතා කරා තමයි. මේඝා ටිකක් off වගේ, ඔයාත් එන්න පුළුවන්ද? කියලා අහන්න ඒ කොල්ල මට කෝල් එකක් දුන්නා” රුවිනි මගේ දිහා බලලා ටිකක් හිනා වෙලා තමයි ඊළඟ වචන පේළිය කිව්වෙ.

“මං ඒකෙන්ම දැනගත්තා උඹ ආයෙ වතාවක් මොකක් හරි නාඩගමක් නටන්න තමයි ලෑස්ති වෙන්නෙ කියලා.”

“මං නටන්න හදන නාඩගමක් නෑ” කියල හරිනම් එවෙලෙ මං ඒකට උත්තර දෙන්න උවමනා උනත් හිතට එකඟව එහෙම කියන්න මට පුලුවන්කමක් තිබ්බෙ නැති හන්දම මම සද්ද නැතුව හිනා උනා. ඇත්තටම ඒකට උත්තරයක් දෙන මූඩ් එකක් මට තිබ්බෙ නෑ.

“ඇත්ත කියපං… ආවද?” රුවිනි එකපාරටම ඇහුවෙ මගේ ඒ සයිලන්ස් එක දරාගන්න බැරි වෙච්ච තැන වගේ

“කවුද?” මං හොඳාකාරවම දැනගෙනම ඒත් නිකන් දන්නෙ නෑ  වගේ ඇහුවා.

“මේඝා මේ උඹේ ජීවිතේ වෙච්ච හැමදේම වගේ හොඳටම දන්න මං ඉස්සරහ නිකන් ඩ්‍රාමා දාන්න එන්න එපා. මං ඇහුවෙ අර උඹව අත ඇරලා ගිහින් ආයෙත් අර එක එක කතන්දර කියාගෙන ආපු මිනිහා, අන්න ඌ ආවද කියලා?”

“නෑ” කියලා කතාව එතනින් නතර කරන්න අපි දෙන්නටම සිද්ද උනේ හේසරගෙ කාර් එක ඇවිල්ලා අපි දෙන්න නතරවෙලා උන්න තැනින් නතර වෙච්ච හන්දා.

කාර් එක නවත්තන සද්දෙත් එක්කම රුවිනි ටිකක් මගේ දිහාට හැරිලා බැලුවා. ඒ බැල්ම ඇතුළේ තිබුණේ එකම එක දෙයක්  “හේසර ඉස්සරහ මල විකාර කියවන්න එපා ඔන්න හොඳේ” කියන කතාව. වචනෙන් අහන්නෙ නැති උනත්, ඒක මට හොඳටම තේරුණා. ඒත් මං ඒ බැල්මෙන්ම ඇස් හරවගත්තෙ ඒකට කිසිම දෙයක් කියන්න මට හිතක් තිබ්බෙ නැති හන්දා.

හේසරගේ කාර් එක ඉස්සරහට යද්දි, කාර් එක ඇතුළේ තිබුණේ හරිම ලේසි, හරිම හිත නිදහස් පරිසරයක්. රුවිනියි හේසරයි එක එක දේවල් ගැන විහිළු කර කර හිනාවෙනවා. 

“රුවිනි ක්‍රිකට් ෆෑන් නෙ. ඔයා ඊයෙ තිබිච්ච මැච් එක බැලුවද?” කියලා හේසර රුවිනිගෙන් අහනවා මට ලාවට වගේ ඇහුණෙ මම කල්පනා ලෝකෙට යන්න ඔන්න මෙන්න කියලා ඉද්දි වගේ. 

“මං නම් ලාස්ට් ඕවර් එකට හොඳට ටෙන්ශන්  වෙලා හිටියෙ” කියලා රුවිනි හිනාවෙවී කියද්දි, ඒ දෙන්නා අතර තිබුණ ඒ සිම්පල් කන්වසේශන් එකත් මට හරිම දුරයි වගේ දැනුණා.

හේසර විඩෙන් විඩේ කණ්ණාඩියෙන් මගේ දිහා බලලා හිනා වෙන්නෙ ආර් යූ ඕකේ කියලා අහන්න වගේ උනාට එයා ඒ කිසිම දෙයක් මගෙන් වචන කරලා ඇහුවෙ නෑ. එයාට පුළුවන් වෙලා තිබ්බා හරිනම් නිකන් අහන්න  “මොකද උනේ?” කියලා. ඒත් එයා අහන්නෙ නැත්තේ, මට ෆෝස්  කරන්න ඕන නෑ කියලා හිතන හන්ද වෙන්න ඇති. ඒකත් එක විදියකට ආදරයක් නේද කියලා මට තත්පරයක් ඇතුළත හිතුණා. ඒත් ඒ ඇස් අස්සෙන් මගේ ඇස් දිහාවට ඕනවටත් වඩා වාර ගානක් ඒ ප්‍රශ්නෙ විසික්වුන කියන එක මට නොතේරුනා නෙවෙයි.

හැබැයි මං, මං ඒ ලෝකෙට අයිති වෙලා හිටියේ නෑ.මගේ ඇස් පාර දිහා බලන් හිටියත්, මගේ හිත තිබුණෙ ගොඩක් ඈතක. මතින්ද්‍ර ගාව.

කාර් එකේ ජනේලෙන් එළිය බලද්දි ගස්, බිල්ඩිං, ලයිට්, මිනිස්සු ඔක්කොම වේගෙන් පස්සට යනවා. ඒත් මගේ හිතේ අතීතේ කිසිම දෙයක් මූව් වෙන්නෙ නෑ. ඒව තවමත් එතනම. ෆ්‍රීස් වෙලා.

ඇත්තටම අපි ගෑනු මොන වගේද කියලා මට හිතාගන්න බැරි වුණා.මට මේක කියවන ඔයාලගෙන් අහන්න හිතුණා ඇයි අපිට ආදරේ කරන, අපිව අගය කරන, අපි වෙනස් වෙද්දි පවා ඒක දකින පිරිමින්ව අතහැරලා  අපිට ආදරේ නැති මිනිස්සු පස්සෙන් යන්න මෙච්චර කැමති? මං දන්නවා මතින්ද්‍ර මාව දාලා ගියේ මගේ වැරද්දක් නිසා නෙවෙයි.එයා ආයෙ ආවෙත් මට ආදරේ හින්දා නෙවෙයි කියලා මං දන්නවා. ඒත් ඇයි මගේ හිත තවමත් එයාට තැනක් දෙන්න හදන්නෙ? හේසර වගේ ඕනම ගෑනියෙක් පිස්සුවෙන් වගේ බලාපොරොත්තු වෙන මිනිහෙක් මගේ ළඟ ඉද්දිත් ඇයි මං තාමත් මතින්ද්‍රව මතක් කර කර මාවම රිද්දගන්නෙ?සමහරවිට අපි ආදරේ කරන්නේ ඒ මිනිහට නෙවෙයි අපි කරපු කැපකිරීම්වලට වෙන්න ඇති. නැත්නම් අපිට ලැබුණ වේදනාවට අපි හුරු වෙලාද?

වෙලාවකට මට හිතුණා, සැනසිල්ල කියන එක අපිට අන්නෝව්න් ෆීලින් එකක් වගේ. ඒක සේෆ්උනාට, ඒක එක්සයිටින් නෑ. ඒ හන්ද වෙන්න ඇති අපිට හුරු වෙලා තියෙන්නේ හිත රිදෙන, කන්ෆියුස් වෙන, අල්ලගන්න බැරි දේවල් වලට.

හේසර ආයෙ මගේ දිහා බලලා හිනා වුණා.ඒ හිනාව හරිම සරලයි. හරිම ඇත්තයි. එතන කිසිම බොරුවක් තිබුණෙ නෑ. හේසර හිනාවෙන්නෙ, මං එක්ක කතා කරන්නෙ ඇත්තටම කියන එක මම දැනගෙන උන්නත් ඒ ඇත්ත හේතුවක් කරගෙන එයා ලඟ නතර වෙන්න කිසිම හේතුවක් මට තිබ්බෙ නෑ. මට ඕන උනෙ ඊට වඩා ප්‍රශ්නයක්. මගෙ ජීවිතෙ තියෙන මේ සාමකාමී ගතිය දෙදරලා යන්නත් එක්ක මොනාහරි රතිඤ්ඤක් පිපිරුවා නම් හොඳයි කියල තමයි මට ඇත්තටම හිතුණෙ.

ඒක හරියට මොකක්ද කියලා හරිට එක්ස්ප්ලේන් කරන්න බැරි උනත්, මට ඕන උනේ ෆීල් වෙන දෙයක්. හොඳ වෙන්න හරි, නරක වෙන්න හරි. නිකන් කිසිම දෙයක් ෆීල් නොවෙනවට වඩා අඩුම දුකක් හරි වේදනාවක් හරි ෆීල් වෙන එකත් හොඳයි වගේ හිතුණා.

ඒක හරිම අමුතුයි නේද? අපිට ලැබෙන සැනසීම අපිට බෝරින් වෙලා යනවා. අපිට හිමි වෙන ආදරේ අපිට පොඩි දෙයක් වෙලා පේනවා. ඒත් අපිට අහිමි වෙච්ච දේවල්, අපිව රිදෙව්ව දේවල්, ඒවා තමයි අපි හිතේ ලොකු කරගෙන තියාගන්නේ. මට හිතෙන්නේ මං සැනසිල්ලට බය ගෑනියෙක් වෙලා ඇති. සමහරවිට මට ආදරේට වඩා අවුලක්, අසහනයක්, අන්සර්ටනිටි එකක් ඕන වෙලා ඇති. ඒ නිසාමද මන්දා මට ලැබෙන්න පුළුවන් සරල සතුට අතහැරලා, මට නැති දේවල් පස්සෙන් හිතෙන්ම දුවන්න මට ආසයි.

“මේඝා… ආ යු ඕකේ?” කියලා හේසර ඇහුවෙ මං ඔන්න ඔහොම මල විකාර හිත හිත ඉද්දි

“හ්ම්…” 

කාර් එක එකපාරටම ස්ලෝ වෙලා නතර වෙද්දි තමයි මට තේරුණේ දන්නෙම නැතුව අපි ගුඩ් මාකට් එක තියෙන පැත්තට ඇවිත් කියන එක .

“පාකින් එකක් හොයාගන්න ඕන” හේසර කිව්වෙ කාට උනත් මමවත් රුවිනිවත් ඒකට උත්තර දෙන්න ගියේ නෑ.

මං ජනේලෙන් එළිය බලන්න හැරුණෙ අන්න එවෙලෙ.

ඒ වෙලාවෙම මගේ හුස්ම එකපාරටම නතර වුණා වගේ මට දැනුනෙ.

ඉස්සරහ නතර වෙලා තිබ්බ කාර් එක ඇතුළේ මතින්ද්‍ර හිටියා.

මං දිහාම බලාගෙන.

එයාට එහා පැත්තෙන් ලස්සනට සැරසිච්ච මන්දස්මිතාත් හිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here