ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින් පහසුවෙන්ම හදාගන්න පුළුවන් අතුරු පසක් හදමුද ?
ලෝකය පුරාම ජනප්‍රිය Italian dessert එකක් තමයි Tiramisu කියන්නේ. ගොඩක් තැන් වල අධික මිලකට මිලදී ගන්න තියෙන මේ අපූරු අතුරුපස අපිට ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින් පහසුවෙන්ම දැන් සකස් කරගන්න පුළුවන්.
ස්පොන්ජ් බිස්කට් එක සඳහා අවශ්‍ය වන දේවල්
බිත්තර සුදු මද 2
වැනිලා ස්වල්පයක්
සීනි 75g
පාන් පිටි 60g
කෝන් පිටි තේ හැඳි 1
බේකිං පව්ඩර් තේ හැඳි 1/4
හදන්නේ මෙහෙමයි
භාජනයකට බිත්තර සුදු මද දෙක සහ වැනිලා ස්වල්පයක් එකතු කර හොඳින් බීට් කරගන්න
ඉන්පසුව එයට සීනි ටිකෙන් ටික එකතු කරගන්න
මෙම මිශ්‍රණය විනාඩි පහත් අටත් අතර කාලයක් හොඳින් බීට් කරගන්න
ඉන් පසුව එයට බිත්තර කහ මද දෙක එකතු කර තවත් විනාඩි දෙකක් හෝ තුනක් බීට් කරගන්න
එම මිශ්‍රණයට හලාගත් පාන් පිටි, කෝන් පිටි සහ බේකින් පවුඩර් එකතු කර හැන්දක් ආධාරයෙන් මිශ්‍ර කර ගන්න
සකස් කරගත් මිශ්‍රණය පයිපින් බෑග් එකක් ආධාරයෙන් බිස්කට් හැඩයට තැටියක අතුරාගෙන සෙල්සියස් අංශක 175ක උෂ්ණත්වයේ විනාඩි දොළහක් පහළවත් අතර කාලයක් බේක් කර ගන්න
Cream filling එක සඳහා අවශ්‍ය වන දේවල්
ශීතකළ විපින් ක්‍රීම් 240ml
අයිසින් සීනි 60g
වැනිලා තේ හැඳි 1
ක්‍රීම් චීස් 120g
හදන්නේ මෙහෙමයි
භාජනයක් ගෙන එයට විපින් ක්‍රීම්, වැනිලා සහ අයිසින් සීනි එකතු කරගන්න.
මෙම අමුද්‍රව්‍ය තුන විනාඩි දෙකක් තුනත් අතර කාලයක් බීට් කර ගන්න
එම මිශ්‍රණයට ක්‍රීම් චීස් එකතු කර නැවතත් විනාඩි කිහිපයක් බීට් කරන්න.
සකස් කරගත් මිශ්‍රණය මද වේලාවක් ශීතකරනයේ තබන්න
කෝපි එක සඳහා අවශ්‍ය වන දේවල්
ක්ෂණික කෝපි මේස හැඳි 3
උණු වතුර කෝප්ප 1/2
හදන්නේ මෙහෙමයි
කෝපි සහ උණු වතුර එකතු කර සාමාන්‍ය ප්‍රමාණයට වඩා කෝපි රස දැනෙන ආකාරයේ කෝපි මිශ්‍රණයක් සකස් කර ගන්න
Tiramisu එක හදන්නේ මෙහෙමයි
අතුරුපස සකස් කිරීමට සුදුසු භාජනයක් තෝරා ගන්න
බේක් කර නිවා ගන්නා ලද බිස්කට් එකින් එක අතුරුපස භාජනයේ අඩියේ පිළිවෙලින් අතුරන්න
අනතුරුව සකස් කරගත් කෝපි මිශ්‍රණයෙන් ස්වල්පයක් බිස්කට් වලට හොඳින් ඉස ගන්න( අවශ්‍ය නම් බිස්කට් කෝපි මිශ්‍රණයේ පොඟවා ගන්න )
ඉන් පසුව කලින් සකස් කරගත් ක්‍රීම් මිශ්‍රණයෙන් කොටසක් බිස්කට් මත තට්ටුවක් ආකාරයෙන් අතුරන්න
නැවතත් බිස්කට් තට්ටුවක්, එය මතට කෝපි සහ ක්‍රීම් මිශ්‍රණය අතුරා හොඳින් තුනී කරගන්න
සකස් කරගත් අතුරු පස පැය කිහිපයක් ශීතකරණයේ තබන්න
පිළිගැන්වීමට පෙර Tiramisu එක මතුපිටට කොකෝවා පව්ඩර් හොඳින් ඉසින්න.











