කතාව පටන් ගන්නේ මහ අමුතු මියුසික් එකක් එක්ක.
අපිට පෙන්නනවා නිස්කලංක ගමක තියෙන වේල්ලක්. මේ වේල්ල බලාගෙන ඉන්න මනුස්සයාගේ නම ඩේවිඩ්. කොහොමහරි අපිට මේ සිදුවීම පෙන්නන වෙලාවේදී අපිට පේනවා මේ පැත්තට ලොකු භූමිකම්පාවක් ඇවිත් කියලා. ඩේවිඩ් ඉන්න කාමරේ එක එක දේවල් හෙල්ලෙනවා දකිද්දී ඩේවිඩ් ටෝච් එකකුත් පත්තු කරගෙන එළියට ඇවිත් බලනවා භූමිකම්පාව හින්දා වේල්ලට මොනවාහරි ඩැමේජ් එකක් වෙලාද කියලා.
හැබැයි ඩේවිඩ් ඇවිල්ලා බලන වෙලාවේ නම් කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ කියලා තමයි අපිට පේන්නේ. ඒ වුණාට ඩේවිඩ් ආපහු හැරිලා එයාගේ නවාතැනට යනවා පෙන්නනවත් එක්කම අපිට පෙන්නනවා වේල්ලේ ලොකු ඉරිතැලීමක් වෙනවා කියන එක.
එතැනදී කැමරා එක සූම් කරනවා මේ ඉරිතැලීමට.
එතැනින් පස්සේ අපිට පෙන්නන්නේ වෙනම දර්ශනයක්.
ඒක එක්සෑම් හෝල් එකක්. අපිට පෙන්නනවා ළමයි කලබලෙන් කලබලෙන් විභාගය ලියනවා. හැබැයි මේ අතරවාරයේ එක ළමයෙක් අපිට පේනවා හොර කරලා විභාගය ලියන්න හදනවා. එතැනදී මේ ළමයා හොර කරලා විභාගය ලියනවා දකින ගුරුවරයෙක් ඇවිත් ඒ ළමයව එක්සෑම් හෝල් එකෙන් එළියට අරගෙන යනවා. අන්න ඒ වෙලාවේ තමයි අපි අපේ මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය දකින්නේ. එයාගේ නම අසීම්. අසීම් මේ එක්සෑම් හෝල් එකේ වාඩිවෙලා නිකන් උඩබලාගෙන ඉන්නවා. එයා කිසිම ප්‍රශ්නයකට උත්තර ලියන්න මහන්සි වෙන විලෙසක් අපිට පේන්නේ නැහැ.
ඔන්න මේ වෙලාවේ අපිට පේනවා අසීම් මවුස් එක අරගෙන ප්‍රශ්නය කියවන්නේවත් නැතුව හැම ප්‍රශ්නයටම A කියන උත්තරේ මාක් කරගෙන යනවා. ඊළඟට අපිට පෙන්නනවා අසීම් ඊළඟ දවසේ එයාගේ අම්මයි තාත්තයි එක්ක එයාගේ ආච්චිව බලන්න යනවා කියලා. කොහොමහරි මේ ගම පිහිටලා තියෙන්නේ අර ඉස්සෙල්ලම අපිට පෙන්නපු වේල්ල ළඟමයි. කොහොමහරි මේ ගොල්ලෝ යන අතරවාරයේ අපිට ඇහෙනවා රේඩියෝ එකේ කියනවා අර වේල්ල තියෙන පැත්තට ආපු භූමිකම්පාව ගැන. ඒ වගේම රේඩියෝ එකේ කියනවා ඒ භූමිකම්පාවෙන් කිසිම අනතුරක් කාටවත් වුණේ නැහැ කියලා.
කොහොමහරි අතරමඟදී මෙයාලා පාලමක් දකිනවා. පාලමත් පහු කරගෙන මෙයාලා අන්තිමේ ආච්චිගේ ගෙදරට එනවා. රෑ කෑම ගන්න වෙලාවේ ආච්චි එකපාරටම අසීම්ගෙන් අහනවා “පුතාගේ දැන් වයස අවුරුදු 21 නේද?” කියලා. ඒ වෙලාවේ අසීම්ගේ මාමා කිණ්ඩියට වගේ හිනාවෙලා කියනවා “අසීම්ට මේ පාර එන්ට්‍රන්ස් එක්සෑම් එකට හම්බුණෙත් ලකුණු 21 නේද?” කියලා. අසීම්ට ඕකට පොඩ්ඩක් ලැජ්ජ හිතෙනවා. එයා තමන්ගේ ජාමෙ බේරාගන්න වගේ කියනවා “මම ඉගෙනගන්න ආස නැහැ. මට ඕන බිස්නස්මන් කෙනෙක් වෙන්න” කියලා. ඒ වුණාට මාමා දිගටම අසීන්ට විහිළු කරනවා. අන්න ඒ වෙලාවේ මල පනින අසීම් කෑම මේසෙන් නැගිටලා යනවා. එහෙමම එළියට එන එයා තමන්ගේ සිගරට් බොක්ස් එක ඕපන් කරලා බලනවා, හැබැයි සිගරට් බොක්ස් එක හිස් වෙලා තමයි තියෙන්නේ.
අන්න ඒ වෙලාවෙම වල්ගා තරුවක් අහසින් කඩාගෙන වැටෙනවා අපිට පේනවා. එතකොට අසීම්ගේ පොඩි මල්ලි කියනවා “අයියේ අයියේ ඉක්මනට ප්‍රාර්ථනාවක් කරන්න” කියලා.
කොහොමහරි මල්ලි එක්කත් මල පැනලා ඉන්න අසීම් ඊළඟට කරන්නේ සිගරට් ගන්න හිතාගෙන ළඟ තියෙන කඩේකට යන එක. මේ කඩේ කරන ගෑනු කෙනාගේ නම සයිදා. මේ වෙලාවේ සයිදා ඉන්නේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙච්ච අර්ශාඩ් එක්ක මොනවාහරි දෙයක් ගැන කතා කර කර. අසීම් සයිදාගෙන් සිගරට් පැකට් එකක් ඉල්ලුවාම සයිදා කියනවා අයි.ඩී. එක පෙන්නන්න කියලා. ඒ වුණාට මේ වෙලාවේ අසීම් ළඟ එයාගේ අයි.ඩී. එක නැහැ. ඔන්න ඔය වෙලාවේ අර්ශාඩ් අසීම්ට බනිනවා “කඩෙන් පලයන්” කියලා. අසීමුත් වැඩේ අතහරින්නේ නැහැ, බැණගෙන එනවා. ඒ වෙලාවේ මැද්දට පනින සයිදා කියනවා අසීම්ට කඩෙන් යන්න කියලා. කොහොමහරි ඒ වෙලාවේ අසීම් සයිදාගේ පිටිපස්සේ තියෙන රැක් එකක තියෙන පාන් ගෙඩියක් පෙන්නලා අහනවා “මට ඒ පාන් ගෙඩියක් දෙන්න” කියලා. සයිදා පාන් ගෙඩිය ගන්න හැරිච්ච ගමන් අසීම් සිගරට් පැකට් එකක් උස්සලා සල්ලි කවුන්ටර් එකෙන් තියලා කලබලෙන් වගේ කඩෙන් එළියට යන්න හදනවා. හැබැයි එහෙම දුවගෙන යන අසීම් බයිසිකලයකින් ආපු මනුස්සයෙක්ගේ ඇඟේ හැප්පිලා දෙන්නම බිම ඇදගෙන වැටෙනවා.
කොහොමහරි මේ වෙලාවේ මෙතනට එන අර්ශාඩ් සහ එයාගේ සෙට් එක දකිනවා අසීම්ගේ අතේ තිබිච්ච සිගරට් පැකට් එක. ඒ වෙලාවේ අර්ශාඩ් හිතන්නේ අසීම් ඒක හොරකම් කළා කියලා. එහෙම හිතලා අසීම්ට ගහන්න අර්ශාඩ් ට්‍රයි කරද්දී අර්ශාඩ්ගේ මූණට ගහන අසීම් එතැනින් බේරිලා පැනලා දුවනවා.
කොහොමහරි මේ වගේ සිදුවීම් එක්ක අසීම් එයාගේ ආච්චිගේ ගෙදර කාලය ගෙවනවා. ඒත් අසීම්ට ලොකුවටම උවමනයි ආයෙ නගරයට යන්න. එයා ඒක අහන හැම වෙලාවකම එයාගේ මාමා විහිළු කරනවා “ආයෙ යන්නේ මොකටද? ඔයා විභාගෙත් ෆේල් නේ?” කියලා. ඒ නිසා අසීම් ඉන්නේ ටිකක් හිතේ කරදරෙන්.
කොහොමහරි දවසක් අසීම් රෑ නිදාගෙන උදේ ඇහැරෙන්නේ එයාගේ මාමා පොඩි එකෙක් ලවා අසීම්ට ගස්සන කම්මුල් පාරක් හින්දා. ඉතින් ඒ කම්මුල් පාරත් කාගෙන නැගිටින අසීම්ට මාමා විහිළු කරනවා “කම්මැලියා නැගිටිනවා, දවසම නිදාගෙන ඉන්න නේද හදන්නේ?” කියලා. ඒ වෙලාවේ එතනට එන අසීම්ගේ මල්ලි ෆුට්බෝලෙකුත් අතේ තියාගෙන අසීම්ගෙන් අහනවා සෙල්ලම් කරමුද කියලා. ඒ වුණාට අසීම් සෙල්ලම් කරන්න කැමති වෙන්නේ නැහැ. මෙයා නැගිටලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙද්දී දකිනවා තාත්තා මැටි ගොඩක් අනන ගමන් ඒ මැටි බිත්තියට තියලා තද කර කර ඉන්නවා. එයාගේ මාමාත් ඒ වැඩේට උදව් කරන ගමන් ඉන්නේ, හැබැයි මාමාට හරියට ඒ වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ. කොහොමහරි තාත්තා අසීම්ට කියනවා “මේ වැඩේට ඇවිත් උදව් වෙන්න” කියලා. එයා ඒ හින්දා තාත්තගෙන් අහනවා “අපි ආයෙ කවද්ද නගරයට යන්නේ?” කියලා. එතකොට තාත්තා කියනවා “දැන්ම යන්නේ නැහැ, තව ටික දවසක් අපි මෙහෙට වෙලා ඉන්නවා. ඒ නිසා ඔයා මගේ මේ වැඩවලට උදව් වෙන්න, ගවගාලට ගිහිල්ලා ගොම ටිකක් අරගෙන එන්න” කියලා. අසීම් තරහෙන් ගවගාලට යද්දී එයාගේ මල්ලි එතනට වෙලා ඉන්නවා. අසීම් මල්ලිට කියනවා “අපි දෙන්නා ඩීල් එකක් දාමුද? ඔයා මේ ගොම ටික අරගෙන ගියොත් මම හවසට ඔයා එක්ක සෙල්ලම් කරන්නම්” කියලා. මල්ලි මේ වැඩේට කැමති වෙන හින්දා අසීම්ට පුළුවන් වෙනවා පිදුරු ගොඩක් උඩට වෙලා පොඩි ඇලර්ට් එකක් දාන්න. එහෙම ටික වෙලාවක් ඉඳලා එයා ආයෙ ගෙදරට ගියාම ආච්චි ඇවිත් කියනවා “පාන් ගෙඩියක් ගේන්න” කියලා. අසීම් සල්ලිත් අරගෙන කඩේට යද්දී එදා වගේම සයිදත් කඩේ ඉන්නවා. සයිදා අසීම්ව දැක්ක ගමන් කවුන්ටර් එකේ ඉස්සරහා තිබිච්ච සිගරට් පැකට් සෙට් එක එයා ළඟට ගන්නවා. ඒ වෙලාවේ අසීම් කියනවා “මට අද ඕන පාන් ගෙඩියක්” කියලා. සයිදා පාන් දුන්නට පස්සේ සල්ලි දෙන අසීම් කියනවා “හරි, ඉතුරු සල්ලි ටිකත් තියාගන්න” කියලා. එතකොට සයිදා කියනවා “අද සිකුරාදා, අද පාන් දෙන්නේ නිකන්” කියලා. පාන් ගෙඩිය අරගෙන කඩෙන් එළියට බහින අසීම්ගේ මූණට සෙට් වෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි අර්ශාඩ්. අර්ශාඩ් අහනවා “ආහ්, ඊයේ මගේ මූණට ගහලා ගිය චණ්ඩියා අද ආයෙ ආවද?” කියලා. ඒ වුණාට අසීම් හැසිරෙන්නේ එයා අර්ශාඩ්ව දන්නේවත් නැහැ වගේ. එයා අහනවා “ඔයා කවුද? ඔයා වෙන කෙනෙක් කියලා හිතලා රැවටිලා” කියලා. අර්ශාඩ් ඒකට උත්තර දෙන්න කලින් එතනට එනවා මේ ගමේ පාලකයා වගේ ඉන්න කෙනා. එයා ඇවිත් අර්ශාඩ්ට කියනවා “අද ලොකු නිලධාරීන් සෙට් එකක් වේල්ල බලන්න එනවා. එයාලා කියනවා වේල්ලේ මොකක් හරි අවුලක් තියෙනවා” කියලා. එහෙම කියල අසීම් දිහා බලන ඒ පාලකයා අහනවා “මේ කවුද?” කියලා. එතකොට අසීම් තමන් කවුද කියලා හඳුන්වලා දෙනවා. අසීම් කියන කතාවට හිනාවෙන පාලකයා අහනවා “ආහ්, ඔයා නේද අර ලකුණු 21ක් ගත්ත කෙනා” කියලා. පාලකයා එහෙම අහද්දී අසීම්ට මාර ලැජ්ජ හිතෙනවා. එයා තරහෙනුයි ලැජ්ජාවෙනුයි ගෙදර එද්දී මෙන්න එයාගේ තාත්තයි අම්මයි නගරෙට යන්න රෙඩි වෙලා, තාත්තාගේ ඔෆිස් එකෙන් හදිසියේ කතා කරපු හින්දා. කොහොමහරි මේක දකින අසීම් මාර සන්තෝස වෙලා කියනවා “ඉන්න තාත්තේ, මම ඉක්මනට රෙඩි වෙලා එන්නම්, පරක්කු වෙන්න බැහැ” කියලා. එතකොට තාත්තා කියනවා “අම්මයි මමයි විතරයි යන්නේ. ඔයා යන්නේ නැහැ. ඔයා මෙහෙට වෙලා ඉන්න” කියලා. මේකට තරහ යන අසීම් ටක්ගාලා වාහනෙට නැගලා දොර වහගන්නවා. තාත්තා එයාට හොඳටම බැණලා තමයි වාහනෙන් එළියට ඇදලා ගන්නේ. එහෙම කරලා තාත්තයි අම්මයි යන්න යනවා. මේකට හිත රිද්දගත්ත අසීම් නිදාගන්නවා.
එහෙම නින්ද යන අසීම්ට ආපහු ඇහැරෙන්නේ පස්සෙන්දා උදේ.
මෙන්න මෙතැනදී පොඩ්ඩක් අමුතු දෙයක් වෙනවා.
අසීම් රෑ නිදාගෙන උදේ ඇහැරෙන්නේ එයාගේ මාමා පොඩි එකෙක් ලවා අසීම්ට ගස්සන කම්මුල් පාරක් හින්දා. ඉතින් ඒ කම්මුල් පාරත් කාගෙන නැගිටින අසීම්ට මාමා විහිළු කරනවා “කම්මැලියා නැගිටිනවා, දවසම නිදාගෙන ඉන්න නේද හදන්නේ?” කියලා. ඒ වෙලාවේ එතනට එන අසීම්ගේ මල්ලි ෆුට්බෝලෙකුත් අතේ තියාගෙන අසීම්ගෙන් අහනවා සෙල්ලම් කරමුද කියලා. ඒ වුණාට අසීම් සෙල්ලම් කරන්න කැමති වෙන්නේ නැහැ.
මෙන්න මේ වෙලාවේ අසීම් දකිනවා එයාගේ තාත්තාගේ කාර් එක තාම වත්තේ නවත්තලා තියෙනවා.
ඒත් එහෙම වෙන්න විදියක් නැහැනේ, තාත්තාලා ඊයේ ගියානේ කියලා අසීම්ට මතක් වෙනවා.
කොහොමහරි ඊයේ වුණා කියලා හොඳටම මතක දේවල් ආයෙ වෙන්න පටන් ගන්නවා. “මෙයා නැගිටලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙද්දී දකිනවා තාත්තා මැටි ගොඩක් අනන ගමන් ඒ මැටි බිත්තියට තියලා තද කර කර ඉන්නවා. එයාගේ මාමාත් ඒ වැඩේට උදව් කරන ගමන් ඉන්නේ, හැබැයි මාමාට හරියට ඒ වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ. කොහොමහරි තාත්තා අසීම්ට කියනවා “මේ වැඩේට ඇවිත් උදව් වෙන්න” කියලා. එයා ඒ හින්දා තාත්තගෙන් අහනවා “අපි ආයෙ කවද්ද නගරයට යන්නේ?” කියලා. එතකොට තාත්තා කියනවා “දැන්ම යන්නේ නැහැ, තව ටික දවසක් අපි මෙහෙට වෙලා ඉන්නවා. ඒ නිසා ඔයා මගේ මේ වැඩවලට උදව් වෙන්න, ගවගාලට ගිහිල්ලා ගොම ටිකක් අරගෙන එන්න” කියලා. අසීම් තරහෙන් ගවගාලට යද්දී එයාගේ මල්ලි එතනට වෙලා ඉන්නවා. අසීම් මල්ලිට කියනවා “අපි දෙන්නා ඩීල් එකක් දාමුද? ඔයා මේ ගොම ටික අරගෙන ගියොත් මම හවසට ඔයා එක්ක සෙල්ලම් කරන්නම්” කියලා. මල්ලි මේ වැඩේට කැමති වෙන හින්දා අසීම්ට පුළුවන් වෙනවා පිදුරු ගොඩක් උඩට වෙලා පොඩි ඇලර්ට් එකක් දාන්න. එහෙම ටික වෙලාවක් ඉඳලා එයා ආයෙ ගෙදරට ගියාම ආච්චි ඇවිත් කියනවා “පාන් ගෙඩියක් ගේන්න” කියලා.”
මෙන්න මේ විදියට තමයි අසීම්ට තේරෙන්නේ මොකක් හරි අවුලක් මෙතන තියෙනවා කියලා.
ඉතින් ඇත්තටම මෙතන වෙන්නේ මොකක්ද කියලාද ඔයාලා හිතන්නේ? අසීම් කියන්නේ කාල තරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්ද? එහෙමනම් එයාගේ මේ කාල තරණය කිරීමේ හැකියාවේ අරමුණ මොකක්ද?
අන්න ඒ විස්තරේ දැනගන්න නම් ඔයාලා මේ අපූරු චිත්‍රපටය බලන්නම ඕන.
මේ චිත්‍රපටයේ නම Qaitadan (Restart).
ගොඩක් වෙලාවට time-loop ෆිල්ම්වල තියෙන්නේ අභිරහසක් විසඳන්න හදන එක නැත්නම් කොහොමහරි ඒ හිරවෙලා ඉන්න චක්‍රයෙන් බේරිලා දුවන්න හදන එකනේ. ඒත් ‘කයිතඩන්’ (Qaitadan) – නැත්නම් ඉන්ටර්නැෂනලි ‘Restart’ කියන ෆිල්ම් එක ඒකට ගන්නේ වෙනස්ම ඇප්රෝච් එකක්.
ඒකේ disaster film එකක තියෙන සුපිරි ත්‍රිල් එකයි, ඒ එක්කම මාරම හැඟීම්බර කෙනෙක්ගේ ජීවිතේ පරිණත වෙන කතාවකුයි එකට එකතු කරනවා. කරලා අපෙන් මාර සරල, හැබැයි බරපතල ප්‍රශ්නයක් අහනවා:”ඔයාට එකම දවස ආයෙ ආයෙ ජීවත් වෙන්න වුණොත්, ඔයා අන්තිමේදීවත් ඔයා වටේ ඉන්න මිනිස්සු ගැන ඇත්තටම හිතන්න, එයාලට කෙයාර් කරන්න පටන් ගනීද?”
ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න නම් මේ චිත්‍රපටය ඔයාලා බලන්නම ඕන!










