දහඩිය දැම්මත් Makeup එක දියවෙන්නේ නැතිව දවසම ලස්සනට ඉන්න පුළුවන්!

දහඩිය නිසා Makeup එක දියවෙලා, පැල්ලම් වෙලා අවුල් වෙන එක ඔයාටත් ප්‍රශ්නයක්ද?


එහෙනම් Makeup කරන එක අතහැරලා දාන්න ඕනේ නෑ. ටිකක් smart විදිහට products layer කරගත්තොත්, මොන තරම් රස්නයක් තිබුණත් Makeup එක දිගටම fresh විදිහට තියාගන්න පුළුවන්.

ඉතින් අද බලමු Sweat-Proof Makeup Routine එකක් හදාගන්නෙ කොහොමද කියලා. 

Skin Prep එකෙන් පටන් ගන්න

Makeup එක දිගටම හොඳින් තියෙන්න නම්, මුලින්ම හොඳ skin prep එකක් කරන්න ඕනේ.

ඒකට oil-free, lightweight moisturizer එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ lips වියළෙන්න නොදී lip balm එකක් දාගෙන, අනිවාර්යයෙන්ම sunscreen එකත් apply කරන්න.

හොඳ skin prep එකක් කියන්නේ Makeup එකට ලස්සන base එකක් හදාගන්න එක විතරක් නෙවෙයි, දවස පුරා Makeup එක comfortable විදිහට තියාගන්නත් උදව් වෙන පියවරක්.

Makeup පටන් ගන්න කලින්ම Set කරන්න

මේක ටිකක් වෙනස් trick එකක්. Makeup පටන් ගන්න කලින්ම Setting Spray එකක් මුහුණට spray කරලා, සම්පූර්ණයෙන්ම වියළෙන්න දෙන්න.

මේක Makeup එක පටන් ගන්න කලින් skin එකට extra grip එකක් ලබාදෙන්න උදව් වෙනවා.

Gripping Primer එක අමතක කරන්න එපා

ඊළඟට Gripping Primer එකක් පාවිච්චි කරන්න.

විශේෂයෙන් දහඩිය වැඩිපුර දාන කෙනෙක් නම්, Makeup එක සම මත හොඳින් රැඳී තියෙන්න primer එක වැදගත්. හැබැයි වැඩිපුර product දානවාට වඩා, අවශ්‍ය තැන්වලට thin layer එකක් විදිහට apply කරන එක හොඳයි.

මේ Powder Trick එක try කරලා බලන්න

දැන් එන්නේ මේ routine එකේ interestingම trick එක. 

Foundation එක දාන්න කලින්, Translucent Powder ටිකක් අරගෙන දහඩිය වැඩිපුර දාන තැන්වලට හෙමින් press කරන්න.

මේකෙන් skin එකේ excess oil එක control කරගන්න උදව් වෙන නිසා, පස්සේ දාන base එක වැඩි වෙලාවක් රැඳී තියෙන්න පුළුවන්.

Heavy Base එකක් වෙනුවට Lightweight Base එකක්

රස්නෙ දවසක heavy foundation layers ගොඩක් දාගත්තොත්, දහඩියත් එක්ක Makeup එක තවත් ඉක්මනින් uncomfortable වෙන්න පුළුවන්.

ඒ නිසා lightweight foundation සහ concealer එකක් තෝරගන්න. අවශ්‍ය coverage එක විතරක් ලබාගන්න, product වැඩිපුර layer නොකරන එක තමයි මෙතන වැදගත්.

Double Setting එකෙන් Makeup එක Lock කරන්න

දැන් මුළු මුහුණම Setting Powder එකකින් හොඳින් set කරගන්න.

ඊට පස්සේ damp Beauty Sponge එකක් අරගෙන powder එක skin එකට හොඳින් press කරන්න. මේ step එකෙන් Makeup එක තවත් හොඳින් set කරගන්න පුළුවන්.

අවසාන Seal එකත් අමතක කරන්න එපා

අවසානයේ ආයෙත් Setting Spray එකක් spray කරලා Makeup එක seal කරගන්න.

ඒ කියන්නේ අපේ routine එකේ Setting Spray එක දෙවරක් පාවිච්චි කරනවා. Makeup එකට කලින් සහ Makeup එකෙන් පස්සේ. 

මේකත් මතක තියාගන්න

Sweat-Proof Makeup කරනකොට products ගොඩක් layer කරන එකම solution එක නෙවෙයි.

මේ routine එකේදී Eyeshadow හෝ Eyeliner පාවිච්චි නොකරන්නේත් ඒ නිසයි. දහඩිය දානකොට වැඩිපුරම Makeup එක crease වෙන්න, smudge වෙන්න හෝ දියවෙලා පේන්න පුළුවන් ප්‍රදේශයක් තමයි ඇස් වටේ.

ඒ නිසා රස්නෙ දවසක eyes වලට products ගොඩක් layer කරනවා වෙනුවට, simple, fresh සහ lightweight look එකක් තියාගන්න එක වඩා practical.

ඉතින් ඊළඟ පාර රස්නෙ දවසක් කියලා Makeup එක අතහරින්න එපා. 


හරි products ටික, හරි විදිහට layer කරගත්තොත් දහඩිය දැම්මත් Makeup එක fresh look එකකින් තියාගන්න පුළුවන්!

Related Articles

Don't Miss


Latest Articles