හයි වේ එකක් හදන්න පොළොව හාරනකොට එකපාරටම මිනිස් ඇට සැකිල්ලක් හමුවෙනවා.
මුලින්ම හැමෝම හිතන්නෙ මේක පරණ සොහොන් බිමක් වෙන්න ඇති කියලා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ, ඒ තැන කවදාවත් සොහොන් බිමක් තිබිලා නැහැ. ඒ කියන්නෙ මේ අස්ථි කැබලි මෙතනට ආවෙ වෙනම හේතුවක් නිසා කියන එක කට්ටියට තේරෙන්න පටන් ගන්නවා.
පොලිසියට තේරෙනවා මේක සාමාන්‍ය සිද්ධියක් නෙවෙයි කියලා. ගොඩක් කාලෙකට කලින් සිද්ධ වුණු බිහිසුණු ඝාතනයක හෝඩුවාවක් වෙන්න පුළුවන් කියලා. ඒ එක්කම මේ නඩුව භාර වෙන්නෙ SI කෙනෙකුට. එයා හිතන්නෙ මේක එක මිනී මැරුමක් ගැන කරන සාමාන්‍ය investigation එකක් කියලා. හැබැයි ටික ටික හාරගෙන යද්දී එළියට එන්න පටන් ගන්නෙ කවුරුත් නොහිතපු තරම් ලොකු, සංකීර්ණ, අගමුල හොයාගන්න බැරි අභිරහසක්.
ඉතින් මේ අස්ථි කාගෙද?
මේක ඇත්තටම එක මිනී මැරුමක්ද?
නැත්නම් දාම ඝාතකයෙක් ගෙ වැඩක්ද? පොලිසියට එයාව අල්ලගන්න පුළුවන් වෙයිද? ඒ වගේම මේ අභිරහස ඇතුළෙ හැංගිලා තියෙන ඇත්ත මොකක්ද?
අද අපි කතා කරන්න යන්නෙ 2026 අලුතෙන්ම ආපු, බලන්න පටන් ගත්ත ගමන් අන්තිම මිනිත්තුව වෙනකම්ම අතාරින්න බැරි, සුපිරිම serial killer mystery series එකක් ගැන.
මේ series එකේ නම තමයි Vadhandi
කතාව පටන් ගන්නේ පදම්බතූර් කියන ප්‍රදේශයෙන්. රජය එතනින් අලුත් අධිවේගී මාර්ගයක් හදන්න සැලසුම් කරලා තියෙනවා. හැබැයි මේ ව්‍යාපෘතියට විපක්ෂය ඒ තරම් කැමති නැහැ. එක එක චෝදනා, විරෝධතා, ප්‍රශ්න මැද මේ වැඩේ පටන් ගන්න නිසා මාධ්‍යයේ අවධානයත් මේ පැත්තට දැනටමත් ඇවිල්ලා තියෙනවා.
කොහොම නමුත්, රජය ඒවා ගණන් ගන්නේ නැහැ. මහමාර්ග අමාත්‍යවරයා සුබ මොහොතින් ඇවිල්ලා ව්‍යාපෘතියේ වැඩ කටයුතු පටන් ගන්නවා. යන්ත්‍ර සූත්‍ර දාලා පොළොව හාරන්න පටන් ගන්නවා. ඒත් එකපාරටම, කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු දෙයක් වෙලා යනවා.
පොළොව යටින් මිනිස් ඇට සැකිල්ලක් මතු වෙනවා.
මේක දැක්ක ගමන් එතන ඉන්න හැමෝම බය වෙනවා. මේ වගේ තැනකින් මිනිස් ඇට සැකිල්ලක් හමුවුණේ කොහොමද කියලා කිසිම කෙනෙකුට හිතාගන්න බැහැ. ඒත් එක්කම ප්‍රොජෙක්ට් එකේ වැඩ නතර කරනවා. කලින් තිබුණ මාධ්‍ය අවධානය තවත් වැඩි වෙනවා. දැන් මේක හයි වේ ප්‍රොජෙක්ට් එකක් විතරක් නෙවෙයි, අභිරහස් මරණයක් ගැන කතාවක් බවට පත්වෙනවා.
ඊට පස්සේ අපිට අඳුන්නලා දෙන්නේ මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය.
ඒ තමයි SI රාසා. රාසාට මේ වගේ පිටිසර ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලැබිලා තියෙන්නේ එයා කරපු වරදක් නිසා ලැබුණ දඬුවමක් විදියට. එහෙම නැතිව, රාසා කැමැත්තෙන් මේ පැත්තට ආපු කෙනෙක් නෙවෙයි.
රාසා විවාහ වෙලා මේ වෙද්දී අවුරුදු අටක්. රාසාගේ බිරිඳට දැන් තමයි දරුවෙක් ලැබෙන්න ඉන්නේ.
හැබැයි මේ ස්ථාන මාරුව නිසා රාසාට එයාගේ බිරිඳ ළඟින් ඉන්නවත් අවස්ථාවක් නැහැ. ඒ නිසා එයා මේ ප්‍රදේශයෙන් නවතින්න තැනක් හොයන ගමන් ඉන්නේ. තවමත් හරියටම තැනක් හම්බ වෙලා නැති නිසා, SI රාසා තාවකාලිකව නවතින්නේ පොලිස් ස්ථානයේමයි. දවසේ රාජකාරී වැඩ ඉවර වුණාම රෑට කෑම හදාගෙන කාලා, නිදාගන්නෙත් එතනමයි. ඒ කියන්නේ රාසා ඉන්න තත්ත්වේ කොච්චර අමාරුද කියලා දැන් ඔයාලට හිතාගන්න පුළුවන්නෙ.
ඊළඟ දවසේ අපිට පෙන්නන්නේ SP කෙනෙක් පොලිස් ස්ථානයට එනවා. එයාගේ නම රාධිකා. රාධිකා ඇවිල්ලා තියෙන්නේ විශේෂ කාරණාවකට. අර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පටන් ගත්ත තැනින් හම්බ වුණු මිනිස් ඇට සැකිල්ල ගැන විමර්ශනය කරන්න. ඒ ඇට සැකිල්ල කාගේද, ඒක ඝාතනයක්ද, එහෙමත් නැත්නම් ස්වභාවික මරණයක්ද කියලා හොයාගන්න වැඩේ රාධිකා භාර දෙන්නේ SI රාසාට.
හැබැයි රාසා මේ නඩුව භාර ගන්න මුලින්ම කැමති වෙන්නේ නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව, එයා මේ වෙද්දී ඉන්නේ දඬුවම් කාලයක් යටතේ. දෙවැනි හේතුව, මෙතනින් හම්බ වෙලා තියෙන්නේ මළ සිරුරක් නෙවෙයි, මිනිස් ඇට සැකිල්ලක්. ඒ කියන්නේ අස්ථි කොටස් විතරයි. ඒ නිසා මේ සිද්ධියට අදාළ සාක්ෂි හොයාගන්න එක ලේසි වැඩක් වෙන්නේ නැහැ. සමහර විට මේ ඇට සැකිල්ල අවුරුදු ගණනක් පරණ එකක් වෙන්නත් පුළුවන්.
රාසා හිතන්නේ, මේ වගේ අමාරු විමර්ශනයක් භාරගෙන ඒකෙන් අසාර්ථක වුණොත්, එයාගේ තත්ත්වය තවත් බරපතළ වෙනවා කියලා. ඒක එයා රාධිකාටත් කියනවා. හැබැයි රාධිකා කියන්නේ, “බය වෙන්න එපා. මම ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවා. මේක කොහොමහරි අපිට හොයාගන්න පුළුවන්” කියලා. ඒ විතරක් නෙවෙයි, මේ විමර්ශනය හොඳට කරලා ඉවර කළොත් රාසාගේ දඬුවම් කාලය ටිකක් අඩු කරලා දෙන්නත් එයාට පුළුවන් කියලා මතක් කරනවා.
අන්න ඒකත් එක්ක රාසා අන්තිමේදී මේ නඩුව භාර ගන්න කැමති වෙනවා.
ඊට පස්සේ රාසා මේ විමර්ශනයට උදව්වට එයාගේ යාළුවෙක්ට කතා කරනවා. එයාගේ නම රාම්. මේ දෙන්නා මුලින්ම යන්නේ අර ඇට සැකිල්ල හම්බ වුණු තැනට. ඒ වෙද්දී අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය ඒකකයට යවලා තියෙනවා. ඒවා පරීක්ෂා කරලා තිබුණත්, අතක අස්ථි කොටසක් නැති බව තමයි හොයාගෙන තියෙන්නේ. ඒ හැරෙන්න, ඒ ඇට සැකිල්ල පිරිමි කෙනෙක්ගෙද, කාන්තාවකගෙද කියලාවත් තවම හොයාගෙන නැහැ.
අන්න ඒක නිසා රාසා රාම්ට කියන්නේ, “මේක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ.”
මොකද මේ අතේ අස්ථි කොටස නැතිවෙලා තියෙන්නේ හේතු දෙකක් නිසා වෙන්න පුළුවන්. එක්කෝ ඒ අස්ථි කොටස තවමත් එතනම පොළොව යට තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඇත්තටම මේ මනුස්සයා අතක් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මුලින්ම තහවුරු කරගන්න ඕනේ ඒ කාරණය.
ඒත් එක්කම රාසා ඇතුළු කණ්ඩායම යන්නේ අධිකරණ වෛද්‍ය ඒකකයට. හැබැයි කලින් කිව්වා වගේම, ඒ වෙද්දීත් අධිකරණ වෛද්‍ය ඒකකයට වැදගත් දෙයක් හොයාගන්න ලැබිලා නැහැ. මොකද මේ වගේ අස්ථි කොටස් පරීක්ෂා කරන්න දවස් කිහිපයක් යනවා. ඒ වගේම ඒවා ගොඩක් පරණ නිසා ගොඩක් හානි වෙලා තියෙනවා. ඒ නිසා මේක ස්වභාවික මරණයක්ද, එහෙමත් නැත්නම් ඝාතනයක්ද කියලා තවම හරියටම කියන්න බැහැ.
හැබැයි එක වැදගත් දෙයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි අස්ථි කොටස් අතර පරණ මිනිස් මලාපද්‍රව්‍යවල සලකුණු තිබිලා තියෙනවා.
ඒකත් එක්ක රාසා තමන්ගේ කණ්ඩායමත් එක්ක පරීක්ෂා කරනවා මේ ඇට සැකිල්ල හම්බ වුණු ඉඩම කලින් කාගෙද, එතන කලින් තිබුණේ මොනවද කියලා. එතකොට හොයාගන්න ලැබෙන්නේ, ඒ ඉඩමේ කලින් පළතුරු වත්තක් තිබිලා තියෙනවා. ඒ වත්ත ඇතුළේ ලොකු ලිඳකුත් තිබිලා තියෙනවා. පස්සේ කාලෙක ඒ ලිඳ මිනිස් මලාපද්‍රව්‍ය දාන ටැංකියක් විදියට පාවිච්චි කරලා තියෙනවා.
ඇත්තටම මේ ඇට සැකිල්ල හම්බ වෙලා තියෙන්නෙත් ඒ ලිඳ ඇතුළෙන්. ඒ නිසා තමයි අස්ථි කොටස් අතර ඒ වගේ සලකුණු තිබිලා තියෙන්නේ.
රාසා මේ හොයාගත්ත හැම කාරණයක්ම SP රාධිකාට කතා කරලා කියනවා. ඒ වගේම, මේ ඇට සැකිල්ලේ නැතිවෙලා තියෙන අතේ අස්ථිය තවමත් එතනම තියෙනවද, නැත්නම් ඇත්තටම මේ කෙනා අතක් නැති කෙනෙක්ද කියලා හොයාගන්න තවදුරටත් හාරන්න අවසර ඉල්ලනවා.
රාධිකා ඒකට අවසර දෙනවා.
ඊට පස්සේ රාසා තමන්ගේ කණ්ඩායමත් එක්ක ආයෙමත් ඒ ස්ථානය හාරන්න පටන් ගන්නවා.
හැබැයි මෙතනින් පස්සේ කතාව එකපාරටම වෙනම පැත්තකට හැරෙනවා.
අපිට පෙන්නන්නේ මණී කියලා තරුණ පිරිමි ළමයෙක්ගේ අතීත කතාව. මුලින්ම බලද්දී මේ කතාවට මණීට තියෙන සම්බන්ධය මොකක්ද කියලා හිතාගන්නවත් බැහැ. ඒත් ඉස්සරහට යද්දී ඒ දෙක එකට ගැටෙන්නේ කොහොමද කියලා අපිට තේරෙන්න පටන් ගන්නවා.
මණී කියන්නේ ගමේ ගොන් පොර තරඟවලට සහභාගි වෙන, හැමෝම දන්න ජනප්‍රිය තරුණයෙක්. එයා ජීවත් වෙන්නේ අම්මයි නංගියි එක්ක. ඒ වගේම මණීට හොඳ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් ප්‍රභා, අනිත් කෙනා සුදා.
කලින් කිව්වා වගේම මණී ගමේ ජනප්‍රිය කෙනෙක් නිසා, ගමේ ඉන්න නීලා කියන ගැහැණු ළමයට මණී ගැන ආදරයක් ඇතිවෙලා තියෙනවා. නීලා කොහොමහරි මණීගේ දුරකතන අංකය හොයාගෙන රෑට හොරෙන් එයාට කතා කරනවා.
මණී අහනවා, “ඔයා කවුද? ඔයාගේ නම මොකක්ද?” කියලා.
හැබැයි නීලා මුලින්ම තමන් ගැන කිසිම විස්තරයක් කියන්නේ නැහැ. ඒ වෙනුවට එයා කියන්නේ, “මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා” කියලා.
නීලා ජීවත් වෙන්නේ අම්මයි, තාත්තයි, අයියයි, අයියාගේ බිරිඳත් එක්ක. ඉතින් මණී සහ නීලාගේ මේ ආදර කතාව අර මිනිස් ඇට සැකිල්ලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපිට ඉස්සරහට බලාගන්න පුළුවන්.
ඊට පස්සේ කතාව ආයෙමත් වර්තමානයට එනවා.
රාසා ඇතුළු පොලිස් කණ්ඩායම ආයෙත් ඒ ස්ථානය හාරගෙන යද්දී, අර නැතිවෙලා තිබුණු අතේ අස්ථි කොටස අන්තිමේදී හම්බ වෙනවා.
හැබැයි මේ අස්ථිය මේ අයට හම්බ වෙන්නේ නිකන්ම නෙවෙයි.
මේ අස්ථියත් එක්කම රිදී වලල්ලක් හම්බ වෙනවා. ඉතින් මේ රිදී වලල්ලේ “S.S.G” කියලා අකුරු තුනක් ගහලා තියෙනවා. අන්න ඒක නිසා රාසා උත්සාහ කරනවා මේ අකුරු තුනේ තේරුම හොයාගන්න. මොකද මේ අකුරු තුන හරහා මේ මියගිය කෙනාගේ අනන්‍යතාවය හොයාගන්න පුළුවන් වෙයි කියලා රාසාට තේරෙනවා.
ඒක නිසා එස්යි රාසා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම දවස් ගාණක් තිස්සේ බෙදිලා ගිහින් මේ “S.S.G” කියන අකුරු තුනේ තේරුම මොකක්ද කියලා හොයන්න පටන් ගන්නවා. ඔන්න අන්තිමේදී මේක රිදීවලින් ආභරණ හදන කඩේ නමක් කියලා මේ අය හොයාගන්නවා.
අන්න ඒක නිසා එස්යි රාසා ඒ ආභරණ කඩේ අයිතිකාරයාව හම්බ වෙලා මේ රිදී වලල්ල එයාට පෙන්නනවා. ඊට පස්සේ අහනවා, “මේ වගේ රිදී වලල්ලක් හැදුවේ කවුරු වෙනුවෙන්ද? කොච්චර කාලයකට කලින්ද?” කියලා.
ඒ වෙලාවේ ආභරණ කඩේ අයිතිකාරයා කියනවා, මීට අවුරුදු දෙකහමාරකට විතර කලින් අපේ ගමේ පැවැත්වුණු ගොන් පොර තරඟයෙන් ජයග්‍රහණය කරපු තරුණ පිරිමි ළමයින්ට තමන්ගේ ගානේ මේ වගේ රිදී වලලු හදලා දුන්නා කියලා.
ඉතින් ඒ කාලේ ගොන් පොර තරඟයේ වීඩියෝස් තවමත් අන්තර්ජාලයේ තියෙනවා. ඒ නිසා එස්යි රාසා ඒ පරණ වීඩියෝස් පරීක්ෂා කරලා බලනවා. ආභරණ කඩේ අයිතිකාරයා කියපු විස්තර එක්ක වීඩියෝවල තියෙන දේවල් ගැළපෙනවා. මීට අවුරුදු දෙකහමාරකට විතර කලින් පැවැත්වුණු ඒ ගොන් පොර තරඟයෙන් ජයග්‍රහණය කරපු තරුණ පිරිමි ළමයින්ට මේ කඩේ ගානේ රිදී වලලු තෑගි දීලා තියෙනවා.
ඉතින් ඒ කණ්ඩායමේ පිරිමි ළමයි 14 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ 14 දෙනාගෙන් එක්කෙනෙක් තමයි අර මණී.
ඔන්න දැන් අපිට තේරෙනවා, එහෙනම් අර මණීගේ අතීත කතාව කොහෙන් හරි, කොහොම හරි මේ මිනිස් ඇට සැකිල්ලට සම්බන්ධ වෙනවා කියලා. ඒත් ඒ සම්බන්ධය මොකක්ද කියලා තවමත් අපිට හිතාගන්න බැහැ.
කොහොම නමුත් රාසා තමන් මේ වෙනකම් හොයාගත්ත හැම කාරණයක්ම එස්පී රාධිකාට දැනුම් දෙනවා.
ඉතින් රාධිකාත් විවාහකයි. රාධිකාගේ හස්බන්ගේ නම තමයි සුමාරන්. සුමාරන් කියන්නේ ලෝයර් කෙනෙක්. නමුත් මේ වෙද්දී රාධිකා සහ සුමාරන් අතර ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දෙන්නා අතර මත ගැටුමක් තියෙන්නේ.
ඒකට හේතුව තමයි කාලෙකට කලින් රාධිකා සහ සුමාරන් දෙන්නම එකටම පොලිස් විභාගයට මුහුණ දීලා තියෙන එක. නමුත් ඒ විභාගයෙන් සමත් වෙලා තියෙන්නේ රාධිකා විතරයි. ඉතින් දැන් රාධිකා එස්පී කෙනෙක්. අන්න ඒක නිසා සුමාරන්ගේ හිතේ රාධිකා ගැන ඊර්ෂ්‍යාවක් වගේ හැඟීමක් තියෙනවා.
කොහොම නමුත් එස්පී රාධිකා එස්යි රාසාට කියන්නේ ඔය පිරිමි ළමයි 14 දෙනා ගැනම පරීක්ෂා කරලා බලන්න, ඒ අයගේ DNA සාම්පල් එකතු කරගන්න කියලා. මොකද අර හම්බ වුණු මිනිස් ඇට සැකිල්ල මේ පිරිමි ළමයි 14 දෙනාගෙන් එක්කෙනෙක්ගේ වෙන්න පුළුවන්නේ.
අන්න ඒක නිසා රාසා තමන්ගේ කණ්ඩායමත් එක්ක වැඩ පටන් ගන්නවා. ප්‍රාදේශීය අධිකරණ වෛද්‍ය ඒකකයට මේ මිනිස් ඇට සැකිල්ල සම්බන්ධයෙන් වැඩි දෙයක් හොයාගන්න බැරි වුණානේ. ඇත්තටම මෙහේ ඒ තරම් දියුණු තාක්ෂණයක් නැහැ. ඒ නිසා මේක චෙන්නායිවලට යවන්න ඕනේ.
චෙන්නායිවල ඉන්න ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් තමයි ප්‍රකාශ්. ප්‍රකාශ් ඇවිල්ලා මේ ඇට සැකිල්ල පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ එස්යි රාසාටයි එස්පී රාධිකාටයි කියනවා, මේ මිනිස් ඇට සැකිල්ල, හම්බ වුණු අස්ථි කොටස්, අර රිදී වලල්ල මේ හැම දෙයක්ම චෙන්නායිවලට එවන්න. තමන්ගේ කණ්ඩායමත් එක්ක මේ හැම දෙයක්ම පරීක්ෂා කරලා බලලා වාර්තාවක් දෙන්නම් කියලා.
ඉතින් ඒක මේ නඩුවට ලොකු උදව්වක් වෙයි කියලා එස්යි රාසාට තේරෙනවා.
කොහොමත් එස්යි රාසා තමන්ගේ කණ්ඩායමත් එක්ක අර පිරිමි ළමයි 14 දෙනා ගැන වෙනම පරීක්ෂා කරලා බලනවා. ඒ පිරිමි ළමයින්ගේ DNA සාම්පලුත් එකතු කරගන්නවා.
ඉතින් මේ දවස වෙද්දී මේ අය ඒ පිරිමි ළමයි 14 දෙනාගෙන් 12 දෙනෙක් ගැනම විස්තර හොයලා බලලා DNA සාම්පල් එකතු කරගෙන තියෙනවා. ඒත් තවමත් මේ අය මණීගේ ගෙදරට ගිහින් නැහැ.
ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහුවෙනිදා එස්පී රාධිකාගෙන් එස්යි රාසාට කෝල් එකක් එනවා.
මේ වෙද්දී අර හම්බ වුණු මිනිස් ඇට සැකිල්ලයි, අතේ අස්ථි කොටසයි පරීක්ෂා කරලා බලලා තියෙනවා. අධිකරණ වෛද්‍ය ඒකකයෙන් මිනිස් ඇට සැකිල්ලේ සහ අර අතේ අස්ථි කොටසේ DNA සාම්පල් වෙන වෙනම අරගෙන පරීක්ෂා කරලා බලලා තියෙනවා.
නමුත් ඒ DNA සාම්පල් දෙක ගැළපෙන්නේ නැහැ.
ඒ කියන්නේ මේ මිනිස් ඇට සැකිල්ල වෙනම කෙනෙක්ගේ. අර අතේ අස්ථි කොටස වෙනම කෙනෙක්ගේ.
රාසා වගේම මේ කතාව බලාගෙන යන අපිත් හිතාගෙන හිටියේ මෙතනින් හම්බ වුණේ එක්කෙනෙක්ගේ ඇට සැකිල්ලක් කියලා. හැබැයි දැන් ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
එහෙනම් මේ තැනින් ඇත්තටම මිනිස්සු කීදෙනෙක්ගේ අස්ථි හම්බ වෙලා තියෙනවද?
ඉතින් ඔන්න දැන් මේ කතාව තවත් පැටලෙනවා. මෙතනින් හම්බ වෙලා තියෙන්නේ එක්කෙනෙක්ගේ ඇට සැකිල්ලක් විතරයි කියලා අපි හිතාගෙන හිටියට, ඇත්තටම ඒක එහෙම නෙවෙයි කියලා දැන් එලි වෙනවා.
එහෙනම් මේ අස්ථි කොටස් කාගෙද?
මේ දෙන්නා අතර තියෙන සම්බන්ධය මොකක්ද?
ඒ වගේම මේ හැම දෙයක්ම අර මණීගේ අතීත කතාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද?
මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් ඉතින් මේ කතාව ඉස්සරහට බලන්නම වෙනවා.
මොකද මෙතනින් පස්සේ හෙළි වෙන එක දෙයක් එක්ක මේ වෙනකම් අපි හිතාගෙන හිටපු හැමදේම වෙනස් වෙන්න පටන් ගන්න නිසා.










