බිත්තර රොටි ලේසි ක්‍රමයකට හදමු

රාත්‍රී ආහාරයට අඩු කාල වේලාවක් ඇතුළත ලේසියෙන්ම හදාගන්න පුළුවන් බිත්තර රොටි රෙසිපි එකක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ.

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

පාන් පිටි කෝප්ප 1

සිහින්ව ලියා ගත් බීළූණු ගෙඩි 1/2

සිහින්ව කපා ගත් ලූණු කොළ මේස හැඳි 2

සිහින්ව කපා ගත් තක්කාලි මේස හැඳි 2

කුඩා කොටු කපාගත් කැරට් මේස හැඳි 2

කුඩාවට කපාගත් සුදුළූණු බික් 2

කුඩාවට කපාගත් අමු මිරිස් කරල් 2

කෑලි මිරිස් තේ හැඳි 1

ලුණු තේ හැඳි 1

ගම්මිරිස් තේ හැඳි 1/2

වතුර ස්වල්පයක් 

බිත්තර 2 

හදන්නේ මෙහෙමයි 

තරමක භාජනයක් ගෙන එයට පාන්පිටි කෝප්පය එකතු කරන්න 

ඉන් පසුව එයට බීළූණු ,සුදුළූණු ,කැරට්,ලූණු කොළ,තක්කාලි,අමු මිරිස්,කෑලි මිරිස්,ගම්බිරිස් සහ රස අනුව ලුණු එකතු කර මිශ්‍ර කරන්න

අනතුරුව එයට වතුර එකතු කරමින් තරමක් දියාරු මිශ්‍රණයක් ලැබෙන තුරු හොඳින් මිශ්‍ර කරන්න

එම මිශ්‍රණයට බිත්තර දෙක එකතු කර කැටි නොහිටින සේ නැවත මිශ්‍ර කරන්න 

දැන් පෑන් එකක් ලිප තබා එයට ඔලිව් තෙල් හෝ පොල්තෙල් ගා ගන්න

කලින් සකස් කරගත් රොටී මිශ්‍රණයෙන් කුඩා කොටසක් ගෙන පෑන් එකට එකතු කර හැන්දකින් එය ඒකාකාරී ලෙස තුනී කර ගන්න 

ඉතා අඩු ගින්දරේ විනාඩි දෙකක් පමණ රොටියේ එක් පැත්තක් පිස ගන්න 

රොටිය අනෙක් පස හරවා නැවත මතුපිටට තෙල් ස්වල්පයක් ගාගන්න 

නැවත රොටිය දෙපැත්ත හරවමින් හොඳින් පිස ගන්න 

මෙම රොටිය උණුවෙන්ම පිළිගැන්විය හැකි අතර ඔබට කිසිදු ව්‍යාංජනයක් නොමැතිව වුවද ආහාරයට ගත හැකිය.

Related Articles

Don't Miss


Latest Articles