ලස්සන වයිෆ්ල ඉන්න පිරිමි වෙන කෙල්ලන්ගෙන් හොයන ඒ “අමුතු” දේ මොකක්ද?

සමහර පිරිමින්ට ඉන්නවානෙ මාර ලස්සන ගෑනු.

 ඇත්තටම බැලුවොත් තමන්ගේ වයිෆ්ගේ ලස්සන ගැන ආඩම්බර වෙන්න පුළුවන් ලෙවල් එකේ ගැනු. දෙන්නා එකට ඉන්නවා දැක්කත් හිතෙනවා මේ දෙන්නා මාර ලස්සනයිනෙ, මාර මැචින් නෙ කියලා. හැබැයි ඔය පිරිමියම ටික්ටොක් එකේ, ෆේස්බුක් එකේ දකින දකින ලස්සන කෙල්ලන්ට හායි ගගා මැසේජ් දානවා. සමහර වෙලාවට ඒ කෙල්ලොත් එක්ක ෆ්ලර්ට් කරනවා. ඒ කෙල්ලෙක්ගෙන් පොඩි අවධානයක් ලැබුණත් ඇති ඊළඟ දවසෙත් මැසේජ් එකක් දානවා.

ඔයාලා කවදහරි හිතලා තියෙනවද ඇයි එහෙම වෙන්නෙ කියලා?

ගොඩක් වෙලාවට අපි ඕකට තනි වචනෙන් දෙන උත්තරේනෙ “අසහනේ” කියන එක. තවත් සමහරු කියනවා ගෑනු කොච්චර ලස්සන වුණත් ඔය වගේ පිරිමින්ට කවදාවත් සෑහීමකට පත්වෙන්න බැහැ කියලා. ඒ කතාවෙත් යම් ඇත්තක් තියෙන්න පුළුවන්. හැබැයි මේ හැසිරීම තේරුම්ගන්න “අසහනේ” කියන එක වචනෙ විතරක් ඇති කියලා කියන්න බෑ. මොකද සමහර වෙලාවට මේ පිටිපස්සෙ තියෙන්නෙ ලිංගික ආසාවටත් වඩා සංකීර්ණ දෙයක් වෙන්න පුළුවන්.

අන්න ඒ හන්දා තමයි මං හිතුවෙ අද ඔය ගැන පොඩ්ඩක් කතා කරන්නෝන කියලා.

මුලින්ම එක දෙයක් තේරුම්ගන්න ඕන. තමන්ගේ වයිෆ් ලස්සනයි කියලා, තමන්ට හොඳ පවුල් ජීවිතයක් තියෙනවා කියලා පිරිමියෙක්ට වෙන ගෑනියෙක් ගැන ආකර්ෂණයක් ඇති වෙන්නෙ නැහැ කියලා කියන්න බෑ. අනේ මේ ගෑනු වෙච්ච අපිටත් ඔය ශාරුක් ඛාන්ලා, පාරෙ යද්දි දකින ලස්සන කොල්ලො දැක්කම “අනේ මෙයා නම් හරි ලස්සනයිනෙ” කියලා හිතෙන එකේ පිරිමින්ටත් ඉතින් එහෙම හිතෙන්න පුළුවන් නෙ නේද? වෙනස ඉතින් අපි ඔය ඉන්බොක්ස් අස්සෙ උන්ට හායි බායි ස්වීටි, කියුටි, යූ ආ ගිරිගෝරිස් කියන්න යන්නෙ නැති එක විතරයි.

 මිනිස්සු විදිහට අපිට වෙන කෙනෙක් ගැන ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. ඒක එක දෙයක්. ඒ ආකර්ෂණය නිසා ඒ කෙනාට මැසේජ් දාන්න, ෆ්ලර්ට් කරන්න, එයාගෙන් අවධානය බලාපොරොත්තු වෙන්න, තමන් කසාද බැඳලා කියන එකත් පැත්තකට දාලා සම්බන්ධතාවයක් ගොඩනඟන්න උත්සාහ කරන එක තවත් දෙයක්. මෙතනදි තමයි අපිට පිරිමියෙක්ගේ මානසිකත්වය ගැන ටිකක් ගැඹුරට හිතන්න වෙන්නෙ.

සමහර පිරිමි වෙන ගෑනුන්ගෙන් හොයන්නෙ තමන්ගේ වයිෆ්ට වඩා ලස්සන කෙනෙක් නෙවෙයි. පොඩි කාලෙකට හරි තමන්ට පොඩි importance එකක් දෙන කෙනෙක්.

උදාහරණයක් විදිහට හිතන්න කසාද බැඳලා අවුරුදු දහයක් විතර ගෙවිච්ච පිරිමියෙක් ගැන. ගෙදරදි එයා හස්බන්ඩ් කෙනෙක්. සමහරවිට තාත්තෙක්. රස්සාවෙදි එයා සේවකයෙක්, මැනේජර් කෙනෙක් එහෙමත් නැත්නම් වගකීම් ගොඩක් දරන මනුස්සයෙක්. හැමෝම එයාගෙන් මොනවාහරි බලාපොරොත්තු වෙනවා. ඒත් ෆේස්බුක් එකේ ඉන්න කෙල්ලෙක් එයාට හායි කියලා රිප්ලයි කරලා, එයාගේ ෆොටෝ එකට හාට් එකක් දාලා, එයා එක්ක කතා කරන්න කැමැත්තක් පෙන්නුවොත්? අන්න එහෙම තැනකදි එයාට පොඩ්ඩක් පොඩි importance එකක් හිතෙන්න පුළුවන් නේද?

“තාම කෙල්ලො මට කැමතියි”

“තාම මට හොඳ පෙනුමක් තියෙනවා”

“ආය අපිටද නංගිලව දාගන්න බැරි” වගේ ෆීලින් එකක් “ඔය අයියට” එන්න පුළුවන්.

එක්කො එයා මේ දේවල් හිතලා හිතාමතාම කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ඒ Attention එකෙන් මොන තරම් සන්තෝසයක් ලැබෙනවද කියන එක එයාටම හරියට තේරෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.

Psychology වලින් මේ වගේ දෙයක් තේරුම්ගන්න පුළුවන් එක පැත්තක් තමයි validation seeking කියන්නෙ. ඒ කියන්නෙ තමන් ගැන තමන්ට දැනෙන වටිනාකම තහවුරු කරගන්න වෙනත් කෙනෙක්ගෙන් පිළිගැනීම, අවධානය සහ කැමැත්ත බලාපොරොත්තු වෙන එක.

හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ වයිෆ් තමන්ට ආදරෙයි. තමන් ලස්සනයි කියලා හිතනවා. තමන් ගැන සැලකිලිමත් වෙනවා. එහෙම තියෙද්දිත් තවත් ගෑනියෙක්ගෙන් ඒ දේම පිරිමියෙක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි? අනික හැම පිරිමියම එහෙම නැත්තෙත් ඇයි?

මොකද තමන්ට ආදරය කරන කෙනෙක්ගෙන් ලැබෙන ආදරයයි, අලුතෙන් තමන් ගැන උනන්දු වෙන කෙනෙක්ගෙන් ලැබෙන අවධානයයි සමහර මිනිස්සුන්ට දැනෙන්නෙ දෙවිදිහකට.වයිෆ් තමන්ට ආදරය කරනවා කියන එක එයා දන්නවා. ඒක එයාගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් වෙලා. ඒත් අලුත් කෙල්ලෙක් තමන්ට කැමති වෙනවා කියන එකෙන් එයාට අලුත් hype එකක් දැනෙන්න පුළුවන්. ඒ කෙල්ල තමන්ට රිප්ලයි කරයිද, තමන්ගේ මැසේජ් එකට මොනවා කියයිද, තමන්ට කැමති වෙයිද කියලා තියෙන අර sure නැති curiosity එක ඒ උද්යෝගයට එකතු වෙන්න පුළුවන්. හිතන්නකො අවූරුදු ගාණක් ඇන්ද ඇඳුම කොච්චර comfortableුනත් අපි උනත් ආසයිනෙ අලුතෙන් ඇඳුමක් ලැබෙනවට කොහෙ හරි ඇඳගෙන යන්න.

ඒ නිසා සමහර වෙලාවට එයා හොයන්නෙ ඇත්තටම තව ආදරයක්ම නෙවෙයි. තමන්ට තාම අලුත් කෙනෙක්ගේ attention එක දිනාගන්න පුළුවන්ද කියන හැඟීම. ඒ දෙක අතර වෙනස තේරුම්ගන්න එක වැදගත් වෙන්නෙ අන්න ඒ හන්දා.

මොකද කෙනෙක්ට ඔයා ගැන Interest එකක් ඇති වෙන්න පුළුවන්. ඔයා එක්ක කතා කරන්න ආස වෙන්න පුළුවන්. ඔයාගේ Attention එක එයාට වටින්නත් පුළුවන්. ඒත් ඒ හැම දෙයක්ම එයාට ඔයා එක්ක ඇත්තටම Relationship එකක් ගොඩනඟන්න ඕන කියන එකට සාක්කියක් නෙවෙයි.

සමහරවිට එයාට ඕන ඔයාගෙන් ලැබෙන ඒ Feeling එක විතරයි.

ඒ නිසා ගෑනු ළමයින්ට මං කියන්නෙ, විශේෂයෙන්ම මේ වගේ විවාහක පිරිමියෙක් ඔයාට ඉන්බොක්ස් එකට ඇවිත් හායි කියලා, ඔයාගේ ලස්සන ගැන කියලා, උදේට ගුඩ් මෝනිං කියලා, රෑට ගුඩ් නයිට් කියලා මැසේජ් දාන්න පටන් ගත්තොත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. 

මොකද සමහරවිට ඔයා හිතනවා ඇති, “අනේ මේ මනුස්සයා මට මාර කැමතියි වගේ. මෙච්චර ලස්සන වයිෆ් කෙනෙක් ඉද්දිත් මාව හොයාගෙන ඇවිත්නෙ. මාව වටින නිසානෙ මේ මට ගෑනිට හොරෙන් මැසේජ් දාන්නෙ” කියලා.

හැබැයි නංගි ඔයා හිතන තරං නම් එයාට ඔයා important නැතුව ඇති. එයාට තමන් තාමත් විශේෂ කෙනෙක් කියලා දැනගන්න ඕන වෙලා තියෙන වෙලාවක ඔයා එයාට හම්බවුණු කෙනා විතරක් වෙන්නත් පුළුවන්. 

ඒ නිසා එයාගේ වයිෆ් ඔයාට වඩා ලස්සනද, ඔයා එයාට වඩා ලස්සනද, ඔයාට වඩා එයාගේ වයිෆ්ට වටිනාකමක් තියෙනවද කියලා මනින්න යන්න එපා. මේක ලස්සන පිළිබඳ තරගයක් නෙවෙයි. සමහර මිනිස්සුන්ට තමන්ට දැනටමත් තියෙන දේවල්වල වටිනාකමට වඩා, අලුතෙන් තමන්ට ලැබෙන අවධානය වටින්න පුළුවන්.

ඒ වගේම මතක තියාගන්න, ඔයාට මැසේජ් කරන හැම කසාද බැන්ද පිරිමියෙක්ම තමන්ගේ විවාහ ජීවිතේ අසතුටින් ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඔයාට ලස්සනයි කිව්ව හැම පිරිමියෙක්ම ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙකුත් නෙවෙයි. 

කෙනෙක් ඔයාට කැමති වීමයි, කෙනෙක් ඔයාව තෝරාගැනීමයි, කෙනෙක් ඔයාට වගකීමක් සහිතව ආදරය කිරීමයි කියන්නෙ කාරණා තුනක්. ඒ තුන එකක් කියලා හිතාගෙන තමන්ගේ හිතත්, කාලයත් නිකරුණේ නාස්ති කරගන්න එපා.

තමන් ළඟ තියෙන දේවල් අගය කරන්න නොදන්න මනුස්සයෙක්ට ඔයාගේ වටිනාකම තේරුම් කරලා දෙන්න ගිහින් ඔයාගේ වටිනාකම අමතක කරගන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles