අවශ්‍ය දේවල්:
- තෙල් මේස හැදි 1
- කුඩාවට කපාගත් ළූණු ගෙඩි 1
- ගාගත් ඉගුරු මේස හැදි 2
- කපාගත් සුදු ළූණු බික් 2
- සාදික්කා කුඩු මේස හැදි 1/2
- එළවළු ස්ටොක් මිලි ලීටර් 850 (එළවළු වර්ග කිහිපයක් තැම්බූ වතුර)
- කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 500
- බෝංචි ග්‍රෑම් 400
- කපාගත් ආමන්ඩ් මේස හැදි 4
සාදාගන්නා අකාරය:
- භාජනයක් ගෙන තෙල් දමා රත්කර ගන්න.
- ඉඟුරු, සුදු ළූණු සහ ළූණු දමා විනාඩි 5ක් බැදගන්න.
- සාදික්කා කුඩු ද එක් කරන්න.
කලින් සැකසූ එළවළු ස්ටොක් එක භාජනයට එකතු කරන්න.
- කපාගත් කැරට් සහ බෝංචි එයටම එකතු කරන්න.
- භාජනය වසා මිනිත්තු 20-25ක් පමණ තැම්බෙන්න හරින්න .
- මෘදු ලෙස තැම්බුණු කැරට් හා බෝංචි මිශ්‍රණය බ්ලෙන්ඩ් කර ගන්න.
- නැවත එළවළු ස්ටොක් එක ඇති භාජනයට දමා තම්බන්න.
- තැම්බුණු පසු සාදික්කා කුඩු සහ ආමන්ඩ් එකතු කරන්න.