සුවබර දිවියකට ඉඟුරු

හවසට ඉඟුරු දාපු තේකක් තරම් දෙයක් නැහැ නේද? දවසේම විඩාව නිවන්න පුළුවන් ඉඟුරු ගැන මෙන්න මේ දේවල් දැනගත්තොත් ඔබ නිතරම ඉඟුරු භාවිතයට ගනීවි.

  1. LDL lipoproteins (නරක cholesterol) ප්‍රමාණය අඩුකර හදවත් රෝග ඇතිවීම අවමකරයි.
  2. පරිවහන පද්ධතීන් නිසි පරිදි ක්‍රියාත්මක කරවයි.
  3. ඉරුවාරදය සමනය කරයි.
  4. රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. දිනකට ඉඟුරු powder ග්රෑම් 2ක් රුධිරයේ සීනි මට්ටම 12%කින් පමණ අඩුවන බව පර්යේෂකයන් සොයාගෙන ඇත.
  5. සෙම්ප්‍රතිෂ්‍යාව හා උණ ආදී රෝග වැළඳීම වළකයි.
  6. බඩවැළ ආශ්‍රිත පිළිකා ඇතිවීම වළකයි.
  7. ඛේට ග්‍රන්ථි ප්‍රාණවත් කරවන අතර ආහාර ජීර්ණ එන්සයිම වඩවයි.
  8. ඔසප් වේදනා අවම කරයි. වේදනා නාශකයක් ලෙස ක්‍රියාත්මකවීමට ඉඟුරුවලට කදිම හැකියාවක් ඇත.
  9. උදෑසන ඔක්කාරය අඩුකිරීමට කදිමයි.
  10. මස්පිඬු වේදනාව සහ ඉදිමුම් සුවකරයි. හදිසි ඔසුවක් ලෙස ක්‍රියාත්මක නොවූවත් දිනපතා ගැනීම නිති පතා ව්‍යායාම කරන ඔබට පහසුවක් ගෙනදේවි.

Zingiberaceae ශාඛ කුලයට අයත් ඉඟුරු දිව ඔසුවක්. හැකිකම් නිවසේම වගාකරගෙන නිතරම ආහාරයට එක්කරගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles