අලුත් අවුරුද්දේ තේ මේසයට ආස්මී හදමු.

අලුත් අවුරුද්දේ ඔබේ කැවිලි මේසය වඩාත් හැඩ කරන්න සහ රසවත් කරන්න සමත් රස කැවිල්ලක් තමයි ආස්මී. ආස්මී හදන්න අලුත් කෙල්ලො වැඩිය නොදන්නවා වුණත් හදලා ගෙදර අය පුදුම කරන්න පුලුවන් නම් ඔබ හපනියක්. මෙන්න එහෙනම් රෙසිපි එක.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කැකුළු හාල්
  • දවුල් කුරුඳු හෝ බණ්ඩක්කා 150g
  • උකු පොල් කිරි 100ml
  • ලුණු
  • තෙල්
  • පැණි මිශ්‍රණය සාදා ගැනීමට සීනි
  • කිතුල් පැණි (සීනි අවශ්‍ය නැත)

ආස්මී හදන්න හාල් පොඟවන්න අවශ්‍ය නැහැ. හාල් සෝදා වතුර බේරන්න තබා ගන්න. සහල් හොඳින් කොටා පිටි සකස් කර ගන්න. (පවුඩර් මට්ටමට)

නානු සැදීම:

  • බණ්ඩක්කා ග්‍රේට් කර වතුර දමා පැය බාගයක් පමණ තබන්න.අතින් හොඳට පොඩි කරමින් නානු සාදාගෙන පෙරා ගන්න.
  • දවුල් කුරුඳු යොදා ගන්නවා නම් දළු හෝ මෝරපු කොළ ගන්නට එපා. සාමාන්‍ය මට්ටමේ කොළ රැගෙන පොල් සහ වතුර දමා අතින් පොඩි කරමින් නානු සාදා ගන්න.
  • පිටි ටිකට පොල් කිරි සහ ලුණු එක්කර ඉඳි ආප්ප පදමට මිශ්‍රණය හදාගෙන නානු එක්කර ඝන දියරයක් හදාගන්න. ඇඟිලි තුඩින් එක දිගටම වැක්කෙරෙන පදමට ආ යුතුයි.
  • තෙල් තාච්චිය රත් වූ පසු තෙල් හැන්දකින් රවුම් කරමින් ඉදිආප්ප වක්කරන ලෙස තෙලට දමා හොඳින් බැදෙන්නට කලින් දෙකට නවා ගන්න.
  • සාමාන්‍ය ප්‍රමාණයට බැද දවස් පහක් හයක් තෙල් බේරී පෙඟෙන්නට තබන්න.
  • දෙවෙනි වර බැදීමේදී යන්තම් තෙලට දමා ගන්න. එවිට හොද සුදු පැහැයක් ලැබේවි.
  • කිතුල් පැනි හෝ සීනි සිරප් වලට උවමනා නම් කලරින් එක්කර ආස්මී වලට උඩින් වක්කර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles