රසවත් බිස්කට් පුඩින් එකක් හදමුද?

හැමදාම එකම විදියට හදන බිස්කට් පුඩින් එක හදන්න වෙනස් විදියක් හොයපු අයට මේ ලිපිය වැදගත් වෙයි.සාමාන්‍යයෙන් අපි බිස්කට් පුඩින් හදන්නේ චොකලට් අයිසින් එකක් භාවිතා කරලා. ඉතින් මේ කියන්න හදන්නේ ඊට වඩා වෙනස් රසවත් විදියකට බිස්කට් පුඩින් එකක් හදාගන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාරි බිස්කට් ඔබ කැමති ප්‍රමාණයක්
  • කිරි කෝප්ප තුනක්
  • කොකෝවා පව්ඩර් මේස හැඳි දෙකක්
  • චොකලට් රසකාරක තේ හැඳි දෙකක්
  • ( මේ වෙනුවට කැමති මිල්ක් චොකලට් එකක් වුවත් භාවිතා කල හැකියි )
  • කෝන් පිටි කෝප්ප භාගයක්
  • කුඩාවට කපාගත් අන්නාසි කෝප්ප දෙකක්
  • කුඩාවට කපාගත් කජු
  • චොකලට් චිප්ස් ස්වල්පයක්

සකසා ගන්නා ආකාරය

  • මුලින්ම භාජනයක් ගෙන එයට කිරි ,කොකෝවා පව්ඩර් සහ චොකලට් රසකාරක එකතු කර හොඳින් කලවම් කරන්න
  • දැන් භාජනයක් ලිප තබා එම කිරි මිශ්‍රණය එකතු කර අඩු ගින්දරේ රත්වෙන්නට තබන්න
  • කෝන් පිටි කෝප්ප භාගයට වතුර ස්වල්පයක් එක් කර කැටි නොහිටින සේ හොඳින් දිය කරගන්න
  • දිය කරගත් කෝන් පිටි, රත්වූ කිරි මිශ්‍රණයට එක් කරන්න
  • විස්ක් එකක් ආධාරයෙන් කිරි මිශ්‍රණය දිගින් දිගටම කලවම් කරන්න
  • ගින්දර අඩු මට්ටමේ තබා ගැනීමටත් ,කිරි කැටි නොගැසීමටත් වග බලාගන්න
  • කිරි මිශ්‍රණය තරමක් ඝන වනවිට ලිපෙන් ඉවතට ගෙන විනාඩි කීපයක් නිවෙන්නට හරින්න
  • පසුව නැවතත් විස්ක් එකකින් කලවම් කරන්න.ක්‍රීම් එකක් ආකාරයෙන් මෙය දක්නට ලැබෙනු ඇත
  • පුඩින් එක සෑදිමට බලාපොරොත්තු වන බෝල් එකට මෙම චොකලට් ක්‍රීම් මිශ්‍රණයෙන් ස්වල්පයක් දමන්න
  • ඉන්පසු කිරිවල පොඟවා ගත් මාරි බිස්කට්,චොකලට් ක්‍රීම් මිශ්‍රණය මත ඔබ කැමති ආකාරයට අතුරාගන්න
  • බිස්කට් අතුරා ගත් පසු එයට උඩින් කුඩාවට කපාගත් අන්නාසි කැබලි තට්ටුවක් අතුරා ගන්න
  • ඉන්පසු නැවත චොකලට් ක්‍රීම් මිශ්‍රණය ,බිස්කට් සහ අන්නාසි තට්ටු වශයෙන් අතුරා අවසානයට චොකලට් ක්‍රීම් මිශ්‍රණය එන සේ පුඩින් එක සකසා ගන්න
  • අවසානයට කුඩාවට කපාගත් කජු සහ චොකලට් චිප්ස් වලින් සරසා ගන්න
  • ශීතකරණයේ පැය කීපයක් තබා හොඳින් සිසිල් වූ පසු පිළිගන්වන්න

Related Articles

Don't Miss


Latest Articles