මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය ලෙස හැඳින්වෙන අවුන් සාන් සුකී හෙවත් ” සුකී අම්මා”

0
145

වර්ශ 1945 ජූනි මස 19 වන දින මියන්මාරයේ රැන්ගුන් ප්‍රදේශයේ ( වර්තමානයේ එය යැන්හැන් ලෙස හඳුන්වයි ) හම්වේ සයුන්ස් නම් කුඩා ගම්මානයේ අවුන් සාන් සුකී උපත ලබා ඇත. සහෝදරයන් දෙදෙනෙකු සහිත පවුලේ එකම දියණිය වූ ඇයට උපතින්ම දේශපාලන පසුබිමක් උරුම වූවාය. ඇගේ පියා වූ අවුන් සාන් නූතන බුරුම හමුදාව නිර්මාණය කර බුරුමයේ නිදහස වෙනුවෙන් 1947 වසරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුන අයෙකි.නමුත් එම වසරේදීම ඔහුව ඝාතනයට ලක්වී ඇත.එම නිසා ඔවුන්ගේ පවුල ඉතා අසරණ තත්වයකට පත්ව ඇත.බාල සොහොයුරා මිදුලේ පොකුනක ගිලී මියයද්දි , වැඩිමහල් සොහොයුරා ඇමරිකාවේ පුරවැසිභාවය ගෙන සංක්‍රමණය වී ඇත.
ඉන්පසු ඇගේ මව වන කියින් කී දේශපාලන පසුබිමක් ගොඩනගා ගෙන ඉන්දියාව සහ නේපාලය යන රට වල බුරුම තානාපති වශයෙන් පත්වී සුකී සමග පිටව යයි. එම නිසා නව දිල්ලියේ පාසල් වලින් අධ්‍යාපනය ලද සුකී ඇගේ උපාධිය Lady Sri Ram College හීදි සම්පූර්ණ කරගනියි. එමෙන්ම බුරුම , ඉංග්‍රීසි ,ජපන් හා ප්‍රංශ භාශාද චතුර ලෙස ප්‍රගුණ කල ඇය St. huge’s college oxford හීදි ශාස්ත්‍රවේදී උපාධියද සම්පූර්ණ කර ඇත.

වර්ශ 1972 ජනවාරි පලවන දින අවුන් සාන් සුකී , ආචාර්ය මයිකල් ඇරිස් සමඟ භූතානයේදි විවාහ වන අතර ඔවුන්ට දාව පුතුන් දෙදෙනෙක්ද සිටී.

වර්ශ 1988 දී යලි මව්බිමට පා තබන සුකී දේශපාලනයට පිවිසෙන්නෙ ඉන් අනතුරුවය. එම වසරේ ඔක්තෝබර් මස ෂූඩගන් පැගෝඩා හීදි මිලියන භාගයකට අධික පිරිසකට ඇය ආමන්ත්‍රණය කලාය.

අවිහිංසාව තම දර්ශනය කරගත් ඇය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් හඬ නගන ලදි.ඒ අනුව මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදය හා බුදුන්ගේ සංකල්පය පෙරදැරිව ඇය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා යොමු විය. 1988 දෙසැම්බර් මස 27 වන දින ඇය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය පිහිටවනු ලැබීය. එහෙත් 1989 වසරේදී ඇයව අත් අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා ඇය රට හැර යන්නෙ නම් පමණක් නිදහස ලබා දෙන බව පාලකයන් පවසන ලදි. නමුත් රට හැර ගොස් ලබන නිදහස ඇය එකහෙලාම ප්‍රතික්ෂේප කර ඇත.ඇගේ දේශපාලන ආගමනය නතර කිරීමට එවකට බුරුමයේ සිටි ඒකාධිපති පාලකයන් කල හැකි සියලු අකටයුතුකම් කර ඇත. රටේ සාමයට සහ සංහිඳියාවයට ඇය තර්ජනයක් සේ සලකා 1989 සිට රජය විසින් ඇයව වරින් වර නිවාස අඩස්සියට පත් කරනු ලබන අතර සුකීගේ ස්වාමියාට රටට ඇතුල්වීමද වලක්වන ලදි. 1995 නත්තල් සමයේ බුරුමයට පැමිනි ඔහුට වීසා ලබා දෙනු වෙනුවට සුකීට රටින් පිටවන ලෙස රජය බලපෑම් කර ඇත. නමුත් සුකී විසින් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන් නැවත තමන්ට රටට ඇතුල්වීමට ඉඩ නොදෙනු ඇතැයි සැක කල නිසාය.1999 වසරේ මාර්තු මස දී සුකීගේ ස්වාමියා පිලිකාවක් හේතුවෙන් මිය යන තෙක්ම පාප් වහන්සේ විසින් ඔහුගේ වීසා ඉල්ලුම් කිරීම සිදු කර ඇත්තේ කොෆී අනන් ඇතුලු කිසිම පුද්ගලයෙකුට වත් කිසිම ආයතනයකට වත් ඇහුම්කන් නොදෙමිනි.

කියවන්න :  බිස්නස් එකකට අලුත් පොයින්ට් එකක්

බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ පුතුන්ගෙන්ද වෙන්ව නිවාස අඩස්සියේ පසුවූ සුකීට 2008 මැයි දෙවන දින බුරුමය කැළඹූ නාගීස් නම් චන්ඩ මාරුතයෙන් වහලය අහිමිව අබලන් වූ නිවසේ සිරකාරියක වන්නට විය.
ඒ කාලයේදී බුදු දහම ගැන ඉගෙන ගත් ඇය භාවනාවට යොමු විය. දර්ශනය ,දේශපාලනය සහ චරිත කතා ගැන කියවීමට ඈ ඒ කාලය යොදාගත්තාය.
2009 මැයි මස තුන්වන දින ජෝන් යෝටෝ නමින් හඳුනාගත් ඇමරිකන් ජාතිකයා අනාරාධිතව ඉන්‍යා ලේක් විල හරහා සුකීගේ නිවසට පිහිනා ගොස් ආපසු එන ගමනේදි අත් අඩංගුවට පත් විය.නඩු විභාගයේදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇයට මුහුණ දීමට සිදුවන ත්‍රස්තවාදී ඝාතනයක් ගැන ඇයට දැනුම් දීමට කිසියක් දිව්‍යමය දැක්මක් මගින් පෙළඹවූ බවයි.පසුව මැයි 13 වනද සුකී නැවත අත් අඩංගුවට පත්වන්නෙ නිවාස අඩස්සි කොන්දේසි කැඩීමේ වරදටය.

1990 වසරේ පැවති මැතිවරණයේදී සුකී විසින් නායකත්වය දුන් පක්ශය ආසන 392 ක් දිනා ගෙන ඇත.සුකීට අගමැතිකම ලබා දිය යුතු බව ඇතැමුන් ප්‍රකාශ කරන ලදි.එහෙත් ඇයව දිගින් දිගටම නිවාස අඩස්සියේම තැබීමට රජය කටයුතු කර ඇත.මැතිවරණයට පෙර සිටම ඇය කෙරෙහි ජනතාව කලකිරවීමටත් ,ඇය ජයග්‍රහණය කිරීම වැලැක්වීමටත් ඔවුන් කටයුතු කර ඇති අතර ඇය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් හා විවාහ වීමද විවේචනය කර ඇත.
1991 දී ඇය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගයමින් නොබෙල් සාම ත්‍යාගය හිමි වුවද එය ලබා ගැනීමට යාමට පාලකයන් ඉඩ දී නැත.ඇය වෙනුවෙන් එය ලබාගෙන ඇත්තෙ වැඩිමහල් පුතු විසින් ය.
ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ සතුටට හේතු වෙමින් වසර 15 ක් තිස්සෙ වරින් වර සිරගතවී සිටි සුකී 2010 නොවැම්බර් 13 වෙනිදා නිදහස් වුයේ එකදිගට සිරගතවී වසර හතකට පසුවය.
ඉන්පසු 2011 වසරේදි සුකී සහ බුරුම රජය අතර සාකාච්චා සිදුවන අතර එහිදී ,බුරුමයේ දහවන දේශපාලන සිරකරුව නිදහස් වීම ,වෘත්තීය සමිති නීත්‍යානුකූල කිරීම ,තායි අගමැති මුණගැසීම ගැසීම ආදි දේවල් රැසක් සිදුවිය.
2012 වසරේදි පාර්ලිමේන්තුවට විපක්ශ නායක වරිය ලෙස පත්වූ සුකී නීති සම්පාදක වරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසියාය.
2015 වසරේදි තමාට ජනාධිපති පදවිය හිමි විය යුතු බවට 2012 ජූලි 6 වන දින සුකී ලෝක ආර්ථික සංගමයේ නිල වෙබ් අඩවියට නිවේදනයක් නිකුත් කරන ලදි.
2016 වසරේදි ඇය විදේශ කටයුතු ,ජනාධිපති කාර්‍යාල ,අධ්‍යාපන හා විදුලි බල ඇමති බවට පත්විය. ජනාධිපති ක්වාව් ඇයට රාජ්‍ය උපදේශක තනතුරක්ද ලබා දෙන ලදි. ඉන් අනතුරුව ඇය විදෙස් රටවල් සමග සබදතා ඇති කරගත්තාය.

කියවන්න :  ඒඩ්ස් සමඟ සටන් කරමින් ජීවිතය ගෙවන ඔවුන් ගැන හිතන්න හොඳම දවස අදයි.

වර්තමානය වන විට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකාවක වන 75 හැවිරිදි සුකීව, එරට හමුදාව විසින් 2021 පෙබරවාරි මස පලමුවැනිදා යළි අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයට අමතරව පක්ෂයේ නියෝජනය කරන දේශපාලඥයින් පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පාර්ලිමේන්තුව යලිත් කැඳවීම කල් දමන ලෙස ජාතික ලීගයට හමුදාව විසින් දිගින් දිගටම දැනුම් දී තිබුනත් පාර්ලිමේන්තුව යලි කැඳවීමට සූදානම් වීම මෙම අත් අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
AFP ප්‍රවෘත්ති සේවය නිවේදනය කර සිටියේ මියන්මාරයේ වසරක පාලනය තම අතට භාර ගත් බව එරට හමුදාව මාධ්‍ය මගින් සිය රට වැසියන්ට දැනුම් දුන් බවයි.
පසුගිය වසරේ පැවති මැතිවරණය වංචනික එකක් බව පවසමින් හමුදාව විසින් දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කර ඇති අතර ඉන්පසු වත්මන් සිවිල් පරිපාලනය සහ හමුදාව අතර ඉතා උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. දශක පහකට ආසන්න කාලයක් මියන්මාරය පාලනය කරනු ලැබු හමුදාව යලිත් රටේ පාලනය ඔවුන් අතට ගෙන තිබීම යම් අයුරකින් හමුදා කුමන්ත්‍රණයක් ලෙසද දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ.

අවුන් සාන් සුකී යනූ දේශපාලනය නිසා ජීවිතයේ හොඳම කාලය සහ පවුල් ජිවිතය අහිමි වූ කාන්තාවකි . කෙසේ වුවත් ඇය තුල වූ අප්‍රමාණ ධෛර්යය, කැපවීම සහ තම අරමුණ වෙනුවෙන් නොනවත්වා සටන් කිරීම අගය නොකරම බැරිය.

නාට්‍ය පිටපත් රචිකාවක ලෙස රේඩියෝ නාලිකාවක සේවය කර ඇත.ටෙලිනාට්‍යය කිහිපයකට තේමා ගීත රචනයෙන් දායක වී ඇත.වෘත්තියෙන් ගී පද රචිකාවක් ලෙස කටයුතු කරයි.
0 0 vote
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments