කෙට්ටු වෙන්න කැමති ඔබට රාත්‍රියට ගැළපෙන කාබෝහයිඩ්‍රේට් අඩු කෑම වට්ටෝරු 4 ක්.

කාබෝහයිඩ්‍රේට් අවම මේ ආහාර වට්ටෝරු කිහිපය සෞඛ්‍යමත් රාත්‍රී ආහාර වේලක මිහිර වගේම සැහැල්ලුව ඔබට ගෙනෙනු ඇති.

එළවළු පිරුනු ඔම්ලට් එකක්

කාබෝහයිඩ්‍රේට් වලින් තොර මේ ආහාරය සවස 6-7 අතර කාලයේදී රාත්‍රී ආහාරය ලෙස ගැනීමයි වඩාත් සුදුසු.

අවශ්‍ය දේවල්

  • බිත්තරයක්
  • බෝංචි කරල් ටිකක්
  • ලූණු කොළ කිහිපයක්
  • නිවිති කොළ දෙකක්
  • ලොකු ලූනු අමු මිරිස්
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට
  • පොල් තෙල් හෝ ඔලිව් තෙල්

සාදාගන්නා ආකාරය

ලොකු ලූනු,අමු මිරිස් එළවළු සිහින්ව කපාගන්න.බිත්තරය ෆ්‍රයි පෑන් එකට දමා යාන්තමට රත් වී ගෙන එද්දී ඒ මතට සිහින්ව කපා ගත් ද්‍රව්‍ය දමාගන්න.ලුණු සහ ගම්මිරිස් ඊට පසුව එකතු කරන්න.

චිකන් සැලඩ්

අවශ්‍ය දේවල්

  • කුකුල් මස්,
  • චීස් කැබැල්ලක්
  • සලාද කොළ
  • ගම්මිරිස් සහ ලුනු
  • රවුම් ලෙස කපාගත් ලොකු ලූනු

සාදන ආකාරය
පිරිසුදු කරගත් කුකුල් මස් කුඩා කැබලි වලට කපාගෙන,ෆ්‍රයි පෑන් එකට දමා රත් කරන්න.තෙල් අවශ්‍ය වන්නේ නැහැ.කුකුල් මස් වල ඇති වතුර සහ තෙලෙන් ෆ්‍රයි වන අතර,ලුනු,ගම්ම්රිස්,චීස් දමා හොදින් සීසන් වෙන්නට විනාඩි කිහිපයක් ඉතාමත්ම අවම ගින්දරේ තබන්න.
සලාද කොළ සහ ලොකු ලූනු මතට ම්ශ්‍රණය දමාගෙන ආහාරයට ගන්න.

මික්ස් සැලඩ්

අවශ්‍ය දේවල්

  • තක්කාලි
  • අලිගැට පේර
  • සුදුලූනු
  • බෝංචි
  • පොල් තෙල් හෝ ඔලිව් තෙල්
  • චීස්
  • බිත්තර
  • නිවිති
  • ලුණු
  • ගම්මිරිස් සහ අවශ්‍ය නම් තුනපහ,මිරිස් කුඩු ටිකක්

සාදන ආකාරය

සියලුම දෑ කුඩා කොටස් ලෙස කපා ගන්න.බිත්තර සහ තෙල්,ලුනු,ස්වභාවික රසකාරක මිශ්‍රකර බේක් වීමට තබන්න.සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයේ විනාඩි තිහක් පමණ බේක් කරගන්න.

ෆිශ් ටෝස්ට්

අවශ්‍ය දේවල්

  • කුරක්කන් පාන්
  • තම්බා පොඩි කරගත් මාලු
  • නිවිති,කැරට්
  • ලූනු
  • කෑලි මිරිස්,ලුනු,ගම්මිරිස්
  • තෙල්

සාදාගන්නා ආකාරය
එළවලු,ලූනු සිහින්ව ලියාගන්න.තෙල් රත් වන්නට තබා පොඩි කරගත් මාලු සහ අනෙකුත් දෑ මිශ්‍ර කර තෙම්පරාදු කරගන්න.පේස්ට් එක පාන් වල තවරා ටෝස්ට් කරගන්න.

Related Articles

Don't Miss


Latest Articles