හැමදාම හදන කුකුල් මස් ව්‍යාංජනය වෙනස් රසකට හදමු.

හැමදාම හදන කුකුල් මස් ව්‍යාංජනය හදනවට වඩා කෑම මේසයට අලුත් රසයක් එකතු කරගන්න ඔබ කැමතිද? එසේ නම් මේ ලිපිය ඔබටයි

පවුලේ අයට කෑම හදනකොට වෙනස් රසයක් දෙන්න අපි හැමදාම උත්සහ කරනවනේ.ඉතින් එහෙම රසයක් හොයන අයට මේ රෙස්ටූරන්ට් එකක හැදුවා වගේ රසට තියන මේ චිකන් ඩෙවල් එක හදලා බලන්න පුලුවන්. එය ඔබේ කෑම මේසයට ලොකු වෙනසක් එකතු කරාවි.

අවශ්‍ය වෙන ද්‍රව්‍ය

  • කටු රහිත කුකුල් මස් 500g
  • බොම්බයි ළූනු ගෙඩි දෙකක්
  • මාලු මිරිස් කරල් දෙකක්
  • තක්කාලි ගෙඩි එකක්
  • කැරට් ගෙඩි එකක්
  • ඉඟුරු
  • සුදුළූනු
  • ලූනු කොල
  • ලුනු
  • ගම්මිරිස්
  • මිරිස් කුඩු
  • කහ
  • දුඹුරු සීනි
  • බැදපු තුනපහ කුඩු
  • සෝයා සෝස්
  • තක්කාලි සෝස්
  • බටර් මේස හැඳි දෙකක්
  • තෙල් මේස හැඳි දෙකක්

හදන්නේ මෙහෙමයි

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]

  • මුලින්ම කුකුල් මස් පොඩි කොටු කපා සෝදා පිරිසිදු කරගෙන , එයට ලුනු ,ගම්මිරිස් ,කහ , මිරිස් කුඩු සහ බැදපු තුනපහ කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර පැයක් පමණ තියෙන්නට හරින්න
  • බොම්බයි ළූනු ,තක්කාලි, කැරට් සහ මාලු මිරිස් ලොකු රවුම් හැඩ වලටද , ලූනු කොල තරමක් දිග අතටද කපාගන්න
  • ඉඟුරු සහ සුදු ළූනු හොඳින් තලාගෙන පේස්ට් එකක් ආකාරයට සකසා ගන්න
  • පෑන් එකක් ලිප තබා එයට තෙල් මේස හැඳි දෙක දමා මද ගින්නේ රත්වෙන්නට හැර එයට බටර් දමාගන්න
  • බටර් දියවුනු පසු එයට කුකුල් මස් ටික දමා තැම්බෙන්නට හරින්න. කුකුල් මස් වල වතුරද හිඳෙනතුරු ,මදක් රන්වන් පැහැ වනතුරු හොඳින් පිසගන්න
  • රන්වන් පැහැවුන කුකුල් මස් වලට සෝයා සෝස් මේස හැන්දක් පමණ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
  • ඉගුරු සුදුළූනු පේස්ට් එක ගෙන කුකුල් මස් උඩින් එකතු කරන්න.මද වෙලාවක් පිසෙන්නට හරින්න
  • හොඳින් පිසුනු කුකුල් මස් වලට බොම්බයි ළූනු , මාලු මිරිස් සහ කැරට් එකතු කර මිශ්‍ර කර විනාඩි දෙකක් පමණ පිසගන්න
  • දැන් මෙයට තක්කාලි සෝස් මේස හැදි දෙකක් හෝ තුනක් ඔබට අවශ්‍ය පමණට එකතු කර, ලුණු අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් ද මිශ්‍ර කරගන්න
  • ඉන්පසුව දුඹුරු සීනි මේස හැදි දෙකක් එකතු කර මිශ්‍ර කර විනාඩියක් පමණ තබා ලිප නිවා ගන්න
  • අවසානයට තක්කාලි සහ ලූනු කොල එකතු කර කලවම් කර ඔබ කැමති ආකාරයට පිලිගන්වන්න

Related Articles

Don't Miss


Latest Articles