සිරුරේ අනවශ්‍ය මහත නිසා පෙම්වතුන් ප්‍රතික්ෂේප කර අත් හැරිය ක්‍රිස්ටීන්ගේ කතාව.

Kristen McLaughlin: Lost 133 Lbs

සිනා සී තර වෙන්න කියලා ජනප්‍රිය කියමනක් තිබ්බට ආදරය නිසා තර වෙන්න කියලා ඔබ අහලා නෑ නේද? ක්‍රිස්ටීන් තමන්ගේ බර ආදරය නිසා වැඩි කරගත්තු කෙනෙක්.

ඒ කොහොමද? ආදරේට කොහොමද බර වැඩි වෙන්නේ..

ඒක වුණේ මෙහෙමයි. ක්‍රිස්ටීන් උසස් පාසලේ ඉගෙන ගන්න කාලයේ ආදරයෙන් බැඳෙන්නේ ෆුඩ් ලවර් කෙනෙක් එක්ක.ඊට පස්සේ හැම හමු වීමක් ම සහ කොලේජ් එකේ ගත වෙන බොහෝ වෙලාවන්වලදී මේ දෙන්නා කරන්නේ කන එක. පීසා, චිප්ස්, බර්ගර් වගේ නානාප්‍රකාර ජන්ක් ෆුඩ්ස් ඇඟට වැටෙනකොට ක්‍රිස්ටීන් අසාමාන්‍ය විදියට මහත් වෙන්න පටන් ගන්නවා.රාත්තල් 270ක් වෙනතුරු බර වැඩි වීම ගැන කණස්සල්ලට පත් වෙලා ඉන්න ක්‍රිස්ටීන්ට තවත් ප්‍රශ්නයක් මතු වෙනවා.

ඒ පෙම්වතා ඇයව හැර යාම.

බ්‍රේකප් එකකට මුහුණ දෙන ලෝකයේ බහුතර ගෑනු ළමයින්ට අත් විඳින්න වෙන පොදු තත්ත්වයක් ඊළඟට ක්‍රිස්ටීන්ව ගොදුරු කරගන්නවා.ඒ විශාදය. ක්‍රිස්ටීන් විශාදය නිසා තවත් කෑමට ඇබ්බැහි වෙනවා. වයසට නොගැලපෙන තරමට මහත වැඩිවෙන ක්‍රිස්ටීන්ට අලුත් පෙම්වතෙක් මුණ ගැහෙනවා.

ඔහු ඇයව ආහාර පාලනය සහ ව්‍යායාම වෙනුවෙන් මෙහෙයවනවා. ඒත් කෑමට දැඩිව ඇබ්බැහි වූ ක්‍රිස්ටීන්ට ආහාරවලින් මිදෙන්න බෑ. ඩයට් ඩේස් වලට වඩා චීටින් ඩේස් වැඩි වෙනවා. එක්සයිස් කිරීම සහ ජිම් එකට යාම අතෑරල ඇය හොඳට නිදා ගන්නවා. කැලරි බහුල ආහාර මහත් සේ ගිල දමා නින්දට වැටීම ඇගේ සිරුරේ බර සීඝ්‍රයෙන් වැඩි කරනවා.මේ මහත කෙල්ලට වඩා රූමත් සරාගී පෙනුමැති යුවතියකට ඇගේ දෙවැනි පෙම්වතා ආදරය කරන්න ගන්නේ ඒ නිසා. රූපය ආදරයට බාධාවක් නෙවෙයි. ඒත් ඇගේ ජීවිතයට ආ පිරිමින් දෙදෙනාම රූපය ආදරයට සාධකයක් බව පවසමින් ඇගෙන් දුරස් වෙනවා.

“මට ඇත්ත වැටහෙන්න ගත්තා. සරාගී ස්විමින් කිට් එකක් ඇඳගෙන මුහුදු වෙරළේ නිදහසේ ඇවිදින දවසක් ගැන මම සිහින මවන්න ගත්තා..”

ඇරඹෙන්නේ දුෂ්කර කාලයක්.තමන්ට තමන් අවංක විය යුතු බව ඇය හිතනවා.ඇය ඇගේ ආහාර සකසා ගන්නවා. ඒවා සහමුලින්ම සෞඛ්‍යමත් ආහාර. තවදුරටත් ඇය චීස් පැස්ටා, පීසා, චිප්ස් වර්ග, බර්ගර්ස් හොයන්නේ නෑ. ඇයට ඒවාට වඩා ජයග්‍රහණය වටින බවත් නොනවත්වා සටන් කළ යුතු බවත් ඇය හිතනවා.

“මගේ අරමුණ වුණේ රාත්තල් සීයකින් බර අඩු කර ගැනීම..”

ව්‍යායාම කරමින් සහ සෞඛ්‍යමත් ජීවන රටාවකට අනුගත වෙමින් ඇය බොහෝ වෙහෙසෙනවා. මහන්සිය සහ එපා වීම් නිසා සියල්ල අතහැර දමා රසවත් බර්ගර් එකක් කමින් ඇඳේ වැටිලා දවසම නිදා ගන්න ඇයට නොහිතෙනවා නෙවෙයි. එහෙත් වංචාකාරී පෙම්වතුන් දෙදෙනෙක් රූපයට කළ නිග්‍රහ ඇයට අමතක වන්නේ නෑ.ඒ නිසා හඬමින් වෙහෙසෙමින් ඇය සටන් කරනවා.

දැන් ඇය බර රාත්තල් 133 (කිලෝ හැටක්) කින් අඩු කර ගත් ගැහැනියක්. අලුත් පෙම්වතෙකු සමඟ ඇය සතුටින් ජීවිතය ගෙවනවා. සරාගී නාන ඇඳුම් සහ අලුත් විලාසිතා තවදුරටත් සිහිනයක් නෙවෙයි.

“අවුරුදු තිහකට පස්සේ ආයේ ඉපදිලා කියලා මට හිතෙන්නෙ”

ක්‍රිස්ටීන් එහෙම කියනවා. පෙම්වතුන් අතින් ප්‍රතික්ෂේප වෙද්දී සිටියාට වඩා හරියටම අඩකින් ඇය බර අඩු කරගෙන.

“ආහාර පාලනය තමයි සාර්ථකම වුණේ. ජන්ක් ෆුඩ්ස් වලට ඇබ්බැහි වෙලා හිටිය මට මේක ලොකු සටනක් වුණා..”

සුන්දර සිරුර ඒ සටන ඇයට ලබා දුන් ජයග්‍රහණය යි.ඉතින් ඔබටත් ජයග්‍රහණය දුර බව ඔබ හිතනවා ද?

Related Articles

Don't Miss


Latest Articles