ගැහැණු වංචාකාරියන් බව සිතා මරණ දඬුවම දෙන මිනිසුන් දෙදෙනෙක්.

හැම ගැහැණියක්ම වංචාකාරියක් යැයි පටු ලෙස සිතන පිරිමින් වර්ථමානයේ ඉතාම අල්පයි.නමුත් ඉතාම වේදනාකාරී ලෙස කාන්තාවන් නිසා වංචාවට ලක් වූ පිරිමින් දෙදෙනෙකුගේ සහ අසාධාරණ ලෙස ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ තම මිතුරිය වෙනුවෙන් ඝාතකයන්ගෙන් පලි ගැනීමට පෙළඹෙන තවත් තරුණියකගේ කතාව රැගත් Silence ( Nishabdham ) චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ශයේ ඔක්තෝබර් මස 2 වන දිනයි.

වර්ශ 1972 දී එක්තරා යුවලක් විසින් සියැටල් නම් ප්‍රදේශයේ ඔවුන්ට අයත් නිවසක නත්තල් රාත්‍රිය ගත කරමින් සිටිනවා.අනතුරුව ඔවුන්ව නිවසේ පහලම මාලයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්ව සිටියදී සොයා ගැනෙනවා.කිසිවෙකුත් විසින් මිළදි නොගන්නා ඒ නිවස හොල්මන් නිවසක් ලෙස ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්වෙනවා.
මේ අතර බිහිරි සහ ගොලු චිත්‍ර ශිල්පිනියක් වන සාක්ශි විවාහ ගිවිසගෙන සිටින තම පෙම්වතා වූ ප්‍රසිද්ධ චෙලෝ වාදකයෙක් වන ඇන්තනී සමඟ එම නිවසට යන්නේ එහි තිබෙනවා යැයි කියන සිතුවමක් සොයා ගැනීමටයි. ටික වේලාවකට පසුව ලේ ගලන තුවාල සහිතව සාක්ශි නැමති තරුණිය නිවසින් පිටතට දිව එන අතර මාර්ගයේ ධාවනය වන වාහනයක ඇයව ගැටීමෙන් අනතුරුව රෝහල් ගත කෙරෙනවා.පසුව සාක්ශිගේ පෙම්වතා අභිරහස් ලෙස ඝාතනයට ලක්ව සිටියදි ඉහත කී නිවසින් හමුවන අතර ඉන්පසු විමර්ශන කටයුතු ආරම්භ වෙනවා.

එහිදී ජනප්‍රිය චෙලෝ වාදකයෙක් වන ඇන්තනීගේ විවාහක බිරිඳ සිය දිවි හානි කරගෙන කලකට පෙර මියගොස් ඇති බවත් හෙලිවනවා.
දින කීපයකට පෙර සාක්ශිගේ හොඳම මිතුරිය වන සොනාලිද අතුරුදන් ව ඇති අතර ඇන්තනීගේ මරණයත් සොනාලිගේ අතුරුදන් වීමත් ගැන කණස්සල්ලට පත් ව සිටින සාක්ශිගේ සහයට සොනාලිගේ පෙම්වතා වූ ඡායාරූප ශිල්පියෙක් වන විවේක් නැමති මිතුරා පමණක් සිටිනවා.

රිචඩ් නැමති පොලිස් පරික්ශකවරයා සහ මහා නැමති පරික්ශකවරිය මෙම සිදුවීම් පසුපස හඹා යන අතර ඇන්තනීගේ මරණයට, සාක්ශිගේ දැඩි අවධානය බලාපොරොත්තු වී ඇය පසුපසින්ම සිටි අතුරුදන් වූ සොනාලි නම් මිතුරිය කෙරෙහි පොලිසියේ සැක පහල වෙනවා.
ඇන්තනීගෙ මරණයත් ,සොනාලිගේ හදිසි අතුරුදන් වීමත් පිළිබඳව කෙරෙන පරික්ශණ විවිධ පැති ඔස්සේ ගලා යන අතර ප්‍රේක්ෂකයා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ලෙසකින් චිත්‍රපටය අවසන් වෙනවා.

මෙහි ඇන්තනි ලෙස R මාධවන් ද සාක්ශි ලෙස අනුශ්කා ශෙට්ටි ද රංගනයෙන් දායක වන අතර හේමන්ත් මධුකුමාර් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ශනය කර තිබෙනවා.

අභිරහස් මරණ සමඟ හොල්මන් චිත්‍රපටයක් ලෙස ඉඟි කරමින් ආරම්භ වී නොසීතු අවසානයක් කරා ප්‍රේක්ෂකයාගේ කුතුහලය රැගෙන යන මෙම චිත්‍රපටය මිනිත්තු 125 ක් පුරාවට ඊලඟට සිදුවන්නෙ කුමක් දැයි යන නොඉවසිල්ල ප්‍රේක්ෂකයා තුල ඇති කරනවා. සැබැවින්ම මෙම මරණ වලට හේතුව කුමක්ද? ඇන්තනිගේ මරණය සිදු වුයේ කෙසේද ?ඔහුගේ විවාහක බිරිඳ සිය දිවි හානිකර ගත්තේ ඇයි? සොනාලි අතුරුදන් වූයේ කෙසේද යන්න දැනගැනීමට නම් ඔබ මෙම චිත්‍රපටය නැරඹිය යුතුම වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles