අඩු කාලයකින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරන කාඩියෝ එක්සයිස් 3 ක්.

නිවසේ සිට හරියට ව්‍යායාම කරන්න දැන් බොහෝ දෙනෙකුගේ කැමැත්තක් තියෙනවා.ලෝකයේ පවතින වසංගත තත්වය එක්ක එළියට බහින්න තියන අකමැත්ත ජිම් එකට යන්නත් තිබීම නිසා ගෙදරදී එක්සයිස් කළාට මේ කරන දේවල් පිළිවෙලකට වෙනවා නම් තමයි ඔබේ සිරුරට නියම ප්‍රතිඵල ලැබෙන්නේ.

Cardio Exercises කියන්නෙත් එහෙම බොහොම වගකීමකින් සහ දැනුමක් ඇතිව කළ යුතු ව්‍යායාම වර්ගයක්. ගෙදරදී ව්‍යායාම කරන ඔබට හරියට හෘද ව්‍යායාම කරන්න තමයි අපි අද කියලා දෙන්නේ.

Burpee exercises

මේ ව්‍යායාමයට මුළු සිරුරම භාවිතා වෙනවා.අත්වල මාංශ පේශීන්,පපුවේ මාංශ පේශී, ඉන, කකුල් , උදරය සහ අස්ථි සියල්ලටම මෙය වැදගත් වෙනවා.ඒ වගේම හොඳම ආරංචිය තමයි මෙය නිවැරදි කළොත් මිනිත්තු දහයකින් ඔබේ සිරුරේ කැලරි 100 පමණ දහණය කරන්න පුලුවන්.

කරන්නේ මෙහෙමයි

  • ඔබේ අත් දෙක ඔබ ඉදිරියෙන් බිම තබන්න.
  • දෑත් සහ පාදයේ ඇඟිලි පමණක් බිම ස්පර්ශ කර ශරීරය උඩට ඔසවන්න.
  • දෑත් සහ සිරුර යොදා ගනිමින් ස්කොට් කරන්න.
  • උඩ පනිමින් දෑත් හැකිතරම් උඩට ඔසවන්න.

මෙය බොහෝ ඉක්මනින් කළ හැකි ව්‍යායාමයක්.

Kick boxing

මෙයට තව පාට්‍නර් කෙනෙක් අවශ්‍ය නෑ.ඔබට තනිව කළ හැකි අපූරු ව්‍යායාමයක්.ඔබ මේ ව්‍යායාමයේ පැයක් නිරත වුණොත් කැලරි 450ක් පමණ දහනය කිරීමේ හැකියාවක් ඔබට තිබෙනවා.සිරුරේ බර අඩු කර, හදවතේ සෞඛ්‍යමත් බව ආරක්ෂා කරමින් සිරුරේ ශක්තිය වැඩි කරන්න මේ ව්‍යායාමයට හැකියාව පවතිනවා.

ව්‍යායාමය කරන්නේ මෙහෙමයි

  • ඔබේ දෙපා උරහිස් මට්ටමට තබා ගන්න.
  • ඔබේ ඔබේ පපුව අසලට ගන්න.
  • ඔබේ දකුණු කකුලෙන් අඩක් ඉදිරියට ගෙන දකුණු වැලමිටෙන් පැත්තට පහර දෙන්න.
  • ඔබේ දෑත් බිමට සමාන්තරව තබාගෙන ආරම්භක ස්ථානයට ආපසු යන්න.
  • ඔබේ වම් අත සහ වම් කකුල මඟින් පැත්තට පහර දෙන්න. ඔබේ දණහිස පාලනය කර කෙළින් තබා ගන්න.
  • එක් එක් කකුල සඳහා වාර 2 ක් කරන්න.
  • තත්පර 45 කට පසු තත්පර 15 ක් හොඳින් හුස්මක් ගන්න.

දණහිස් ව්‍යායාමය

මේ ව්‍යායාමය මඳක් වෙහෙසකරයි තමයි. ඒත් ඔබට මෙයින් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

  • ඔබේ දෑත් ඉහළට ඔසවන්න.
  • ඔබේ වම් දණහිස ඔසවමින් ඔබේ දෑත් පහළට ගන්න.
  • දණහිස ඔබේ පපුව වෙත ගන්න
  • වැලමිට දෙසට දෑත් නමා ඒවා පහළට ගන්න.
  • ආරම්භක ස්ථානයට ආපසු යන්න.
  • සෑම පැත්තකටම විනාඩියකට එක් වාරයක් ව්‍යායාමය සිදු කරන්න.
  • ව්‍යායාමයේ වේගය ක්‍රමයෙන් වැඩි කිරීමට උත්සාහ කරන්න.

සැලකිලිමත් විය යුතු දේවල්

  • ව්‍යායාම ආරම්භයේ දී සිරුර උණුසුම් කරන warm up එක්සයිස් එකක් කිරීම වඩාත් ප්‍රතිඵල දායකයි.
  • ඔබ නීරෝගීමත් පුද්ගලයෙක් නම් මේ ව්‍යායාම ක්‍රමානුකූලව කිරීමෙන් වැඩි කැලරි ප්‍රමාණයක් සිරුරෙන් දහනය කරගන්න පුලුවන් නමුත් පහත සඳහන් සුවිශේෂී තත්වයක ඔබ පෙලෙනවා නම් මේ කරුණු ගැනත් සැලකිලිමත් වන්න.
  • ඔබ ස්වසන ආබාධ හෝ හෘද රෝග තත්වයකින් පෙලෙනවා නම් අනිවාර්යයෙන් මේ ව්‍යායාම කිරීමට පෙර වෘත්තීමය පුහුණු කරුවෙකුගෙන් උපදෙස් ගන්න. මොකද මෙවැනි අධික වෙහෙසක් දැනෙන ව්‍යායාම ඔබේ සෞඛ්‍ය තත්වයට හානිදායක විය හැකියි.
  • ඒ වගේම ඔබ සන්ධි ආබාධ වලින් පෙලෙනවා නම් මේ ව්‍යායාම එකවර වැඩි වාර ගණනක් කිරීම ඔබට සුදුසු නොවන්නටත් පුලුවන්.ඒ නිසා සරලව ආරම්භ කර ක්‍රමානුකූලව මේ ව්‍යායාම නිවැරදි මාර්ගෝපදේශකයකු සමග කිරීම වඩාත් සුදුසුයි.

මේ ව්‍යායාම ඔබට පහසුවෙන් ගෙදරදී කරන්න පුලුවන් බව ඇත්ත.ඒත් නැවතත් අපි ඔබට මතක් කරන්නෙ මේ ව්‍යායාම කරන අතරතුර සිරුරට යම් අසාමාන්‍ය අපහසු තාවයක් දැනෙනවා නම් professional කෙනෙක්ගෙන් උදව් ගැනීම ඇත්තටම ප්‍රතිඵලදායකයි, සුදුසුයි.

ඒ නිසා, පුලුවන් නම් Instructor කෙනෙක්ගේ උදව්වත් ගන්න.
හැඩට වැඩට නිරෝගීව ඉන්න අපෙන් සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles