Sex toys පාවිච්චි කරලා ඔබේ ලිංගික තෘප්තිය වැඩි කරගන්නෙ මෙහෙමයි

සෙක්ස් ගැන කතා කරනකොට කතානොකරම බැරි දෙයක් තමයි sex toys කියන්නේ. මේ වෙනකොට වෙළඳපොලේ ලොකු පරාසයක විහිදුණු sexs toys ප්‍රමාණයක් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ගැහැණු ළමයෙක්ට පාවිච්චි කරන්න පුළුවන් sex toys ගැන.

Sex toys කියන්නෙ මොනවද ?

ඔයාට පාට්නර් කෙනෙක් වෙනුවට ලැබෙන අප්‍රාණික දෙයක් විදියට අපිට සෙක්ස් ටෝයිස් හඳුන්වන්න පුළුවන්. ඔයාට පාට්නර් කෙනෙක් ඉන්න වෙලාවක වුණත් ඔයාගෙ ලිංගික තෘප්තිය වැඩි කරගන්න ඔයාට sex toys පාවිච්චි කරන්න පුළුවන්.
ගැහැණු අයට වගේම පිරිමි අයටත් භාවිතා කරන්න පුළුවන් විදියට මේවා සකසලා තියෙනවා. වර්තමාන වෙළඳපොලේ ස්වයංක්‍රීයව වැඩ කරන sex toys පවා මිලදී ගන්න පුළුවන්.

කෙල්ලෙක්ට පාවිච්චි කරන්න පුළුවන් Sexy toys වර්ග කීපයක්

Vibrators

කම්පනයක් ඇති කරලා ඔයාට තෘප්තිමත් බවක් ලබා දෙන භාණ්ඩයක් තමයි මේ. විවිධ සරාගී හැඩයන්ගෙන් vibrators තියෙනවා. ක්ලිටොරසය උත්තේජනය කරන්නට වගේ ම පියයුරු තුඩු හෝ ඕනෑම සංවේදී ස්ථානයක් සඳහා මේ vibrators පාවිච්චි කරන්නට පුළුවන්. යෝනිමාර්ගය තුළට ඇතුල්කළ හැකි ලෙසයි මේ vibrators හදලා තියෙන්නේ. කම්පන වේගය අඩු වැඩි කරලා ඔයාට ඕනෙ තෘප්තිමත්බව ලබා ගන්න පුළුවන්.

Dildos

ඩිල්ඩෝ එකක් ඔයාගෙ යෝනිමාර්ගය තුළට ඇතුල් කරන්න පුළුවන් ආකාරයෙන් හදලා තියෙනවා. මේක එක එක ප්‍රමාණයන්ගෙන් එක එක මතුපිටවල්වලින් හදලා තියෙනවා. පුරුෂ ලිංගයක හැඩය ගන්නා විදියටයි ඩිල්ඩෝ හදලා තියෙන්නේ. ඔයාගෙ G spot එක උත්තේජනය කිරීමේ හැකියාව ඩිල්ඩෝවලට තියෙනවා. මේක ඔයාගෙ යෝනිමාර්ගයට ඇතුල් කරලා පුරුෂ ලිංගයක් කියලා හිතාගෙන ඔයාට අවශ්‍ය දේ කරන්නයි තියෙන්නේ.

Rabbit Vibrators

අපි කලින් කතා කරපු වයිබ්‍රේටර් එක වගේ ම ඊට වඩා ටිකක් සංකීර්ණ විදියට මේක හදලා තියෙන්නේ. මේකෙදි ඔයාගෙ g spot එක සහ ක්ලිටොරසය එක වර උත්තේජනය කරනවා. ඒ කියන්නෙ ඔයාගෙ තෘප්තිය ඩබල් කරලා දෙන්න මේ rabbit vibrators වලට පුළුවන්.

Butt Plugs

බට් ප්ලගස් කියන්නෙ තවත් අපූරු sex toy එකක්. මේක ඔයාගෙ ගුද මාර්ගයට ඇතුල් කරන්න පුළුවන් විදියට හදලා තියෙනවා. Vibrate වෙන butt plugs වගේ ම දාගෙන ඉන්න පුළුවන් ඒවාත් තියෙනවා. ගුද මාර්ගයේ සංවේදී ස්ථාන උත්තේජනය කරලා ඔයාට තෘප්තිමත් බවක් ලබා දෙන්න තමයි මේක භාවිතා කරන්නේ. ඔයා පාට්නර් එක්ක vaginal penetrate කරමින් ඉද්දි වුණත් ඔයාට butt plug එක භාවිතා කළ හැකියි.

මේ තමයි ප්‍රධාන වශයෙන් ගැහැණු ළමයෙක්ට පාවිච්චි කරන්න පුළුවන් මූලික සෙක්ස් ටෝයිස් ටික. මේවාට අමතර ව සංකීර්ණ ම සෙක්ස්ටෝයිස් දැන් වෙළඳපොලේ තියෙනවා. ලිංගික ආශ්වාදය ලබන්න ලබන්න ආස හිතෙන දෙයක්. ඉතින් ආශ්වාදනීය ලිංගික අත්දැකීමකට ඔයාටත් මේ සෙක්ස් ටෝයිස් භාවිතා කරන්න පුළුවන්. කොහොම වුණත් භාවිතා කරන හැම වතාවක ම අසුරණයේ සඳහන් ආකාරයටම පිරිසිදු කරලා ඇසුරුම් කරලා තියාගැනීමෙන් ඔයාගෙ සනීපාරක්ෂාව තහවුරු වෙන වගත් මතක තියාගන්න.

Related Articles

Don't Miss


Latest Articles