ඉක්මනින් කෙට්ටු වෙන්න කැමති නම් ඔබේ පිඟානෙන් ඉවත් කළ යුතුම කෑම වර්ග.

ඔබේ ශරීරයේ බර අඩු කරගන්න අවශ්‍ය නම් ඔබේ පිඟානෙන් ඉවත් කළ යුතුම කෑම කීපයක් තිබෙනවා. ඒ මොනවද කියලා අපි මේ ලිපියෙන් විමසා බලමු

ආහාර පාලනය සහ ශරීරයේ බර ගැන හිතන ඔබට අධික මේදය ,තෙල් සහ රසකාරක ඇතුලත් කල ආහාර නුසුදුසු බව ඔබ දැනටමත් දන්නවා.ඉතින් මෙන්න මේ ආහාර ඔබේ ආහාර වේලෙන් ඉවත් නොකලොත් ඔබට බර අඩු කරගන්න එක නම් හීනයක් වේවි

සුදු පාන්

බොහෝ දෙනෙක්ගේ අනිවාර්යය උදෑසන ආහාරය බවට පාන් පත්වෙලා තියනවා.නමුත් බර අඩු කරගන්න උත්සහ කරන ඔබට නම් එය හොඳ ආහාරයක් නෙමෙයි.ඔබට පාන් ආහාරයට ගන්න අවශ්‍යම නම් සම්පූර්ණ ධාන්‍ය පාන් හෝ පැතලි පාන් ආහාරයට ගන්න පුලුවන්.ඒවායේ තන්තු බහුල නිසා ශරීරයට අහිතකර වෙන්නෙ නෑ

ක්ෂණික නූඩ්ල්ස්

තන්තු හෝ පෝෂ්‍ය පදාර්ථ නොමැති පිරිපහදු කළ පිටිවලින් සාදන ලද ක්ශණික නූඩ්ල්ස් ඔබේ ශරීරයට ඉතාමත් අහිතකරයි.මේවා සකසා ගන්න ඔබ එකතු කරන ද්‍රව්‍ය මඟින් ඉතා විශාල කැලරි ප්‍රමාණයක් ඔබේ ශරීරයට එකතු වෙනවා

සැකසූ මස් වර්ග සහ බ්‍රොයිලර් චිකන්

බේකන් ,සොසේජස් ,හැම් ඇතුලු සැකසූ මස් වර්ග සහ බ්‍රොයිලර් චිකන් ඔබට ඉතා අහිතකරයි.එයට හේතුව නම් ඒ මේවා සැකසීමට භාවිතා කරන කුකුළන්ට ඉතා වේගයෙන් බර වැඩිවීමට ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමයි.ඒවා මිනිසුන්ගේ බරත් ඉතා සීඝ්‍රයෙන් වැඩි වීමට හේතුවක් සහ විවිධ ලෙඩ රෝග වලට බලපාන ප්‍රධාන හේතුද වෙනවා

සුදු පැස්ටා

මේ වෙනුවට ඔබට සම්පූර්ණ තිරිඟු පැස්ටා වෙත මාරු වෙන්න පුලුවන්.සම්පූර්ණ තිරිඟු පැස්ටා වල වැඩි තන්තු අන්තර්ගතයක් ඇති අතර අනෙක් පැස්ටා වලට වඩා කැලරි ප්‍රමාණයෙනුත් අඩුයි

කුකීස් / ඩෝනට්ස් / කේක්

මේවායේ ප්‍රධාන අන්තර්ගතය පිරිපහදු කළ පිටි හෝ මයිඩා ( ක්ශණික ආහාර ,පේස්ට්‍රි වර්ග වලට උපයෝගී කරගන්න පිටි වර්ගයක්) වන අතර, එය අතිශයින්ම සෞඛ්‍යයට අහිතකරය. ඉතින් බර අඩු කරගන්න උත්සහ කරන ඔබට මේ ආහාර වලින් නම් වැළකෙන්නම වෙනවා

රසකල යෝගට්

එය හොඳ ප්‍රෝබියොටික් ප්‍රභවයක් ලෙස අප සිතුවත්, රස කළ යෝගට් වල කෘතිම වර්ණය, රසය, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ එකතු කළ සීනි ඉතා අධික ප්‍රමාණයක් අන්තර්ගත බැවින් ශරීරයේ බර ගැන හිතන ඔබට නම් එය සුදුසු ආහාරයක් නෙමෙයි

මෙයොනීස් සෝස්

බොහෝ දෙනා සැන්විච් වර්ග, සලාද වර්ග රසවත් කරන උපක්‍රමයක් විදියට මෙයොනීස් සෝස් භාවිතා කරනවා.එය ඉතා රසවත් උනත් එහි අඩංගු වන තෙල් වර්ග මගින් අධික කැලරි ප්‍රමාණයක් ශරීරයට ඇතුල් වෙනවා.

සැකසූ චීස්

චීස් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ බර ඉක්මනින් වැඩි කරවන නිසා මේ සඳහා විකල්පයක් ලෙස ගෘහ චීස් ( cottage cheese ) භාවිතා කරන්න ඔබට පුලුවන්

ක්ෂණික උදෑසන ආහාර

කාර්‍යබහුල ඔබ ඔබෙ පහසුව සඳහා සීරියල් වර්ග , corn flakes වර්ග කිරි සමඟ ආහාරයට ගන්නවා ඇති.එමගින් ඉතා විශාල කැලරි ප්‍රමාණයක් ශරීරයට ඇතුල් වෙනවා.ඒ වගේම මේවායේ අධික ලෙස සීනි අන්තර්ගත වෙලා තියෙනවා.ඉතින් මේවා වෙනුවට ඔබට ඕට්ස් කැඳ ආහාරයට ගන්න පුලුවන්

ඔබ නොහිතන ආහාර වලින් ඔබේ ශරීරයේ බර වැඩි වෙන්න පුලුවන්.අපි සඳහන් කරපු මේ ආහාර වලට අමතරව ඔබේ බර වැඩිකරන ආහාර තව බොහොමයක් තියනවා. ඉතින් බර ගැන හිතන ඔබ, ඔබේ ආහාර වේලට එකතු කරගන්න ආහාර ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා අපි ඔබට යෝජනා කරනවා

Related Articles

Don't Miss


Latest Articles