දොඩම් නිතර කන්න බොන්න පුළුවන්නම් මෙන්න ලැබෙන වාසි

රසකරමින්  දොඩම් බොන්න අපි හැමෝම කැමතියි.  ගොඩක් අය ගුණයි කියල කනව. සමහර අය මූණෙ ගාන ක්‍රීම් එකෙත් දොඩම් හොයනව.  ඇත්තටම දොඩම්වලින් මොනවද අපිට ලැබෙන්නෙ?

  1. දෙඩම්වල තිබෙන අධි විටමින් C සංචිතය අහිතකර බැක්ටීරියා සහ වෛරස ඔබේ සිරුරෙන් ඈත් කර තබන අතර ප්‍රතිශක්තිකරණය වර්ධනයකරයි. නිතර දොඩම් භාවිතා කළොත් කන් අමාරු, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝග නිතර හැදෙන එක ඉබේම නතර වෙයි.
  2. විෂ අපද්‍රව්‍ය පෙරා වකුගඩුවල ගල් ඇතිවීම වළක්වා දෙයි.
  3. එහි ඇති Limonin රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කරන්න උපකාරී වෙනවා.
  4. දොඩම් වල අඩංගු කෙඳි සහිත / තන්තුමය (Fiber) ආහාර දිරවීම පහසුකර සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ පද්ධතියක් ලබාදෙනවා වගේම බඩවැළේ පිළිකා සෑදීමේ අවදානම අවම කරයි.
  5. Herperidin රුධිර පීඩනය අවම කරන අතර හදවත් රෝගවලට එරෙහිව සටන් කරයි.
  6. Carotenoids අඩංගු නිසා රාත්‍රී අන්ධතාවය වැනි අක්ෂි රෝග වැළඳීම වළක්වයි.
  7. එහි තිබෙන අම්ලය Alkaline ශරීරයේ ඇති PH අගය පාලනය කිරීමට සහය වෙයි.

ආහාර වේලට වැඩියෙන් දොඩම් එකතු කරගෙන ලස්සන වගේම සෞඛ්‍යයත් වර්ධනය කරගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles