අපි තේ කෝප්පයකට හෝ කෝපි කෝප්පයකට එකතු කරන සීනි ප්‍රමාණයත් එක්කම අපි ගන්න ආහාර වලිනුත් අපි නොදැනම ශරීරයට සීනි එකතු වෙනවා.මේ ලිපියෙන් ඔබට කියන්නේ සීනි ගැන ඔබ නොදන්න දේවල් ගැනයි
සමහර වෙලාවට ඔබ හිතනවා ඇති අපි හැන්දකින් ආහාර වලට එකතු කරන සීනි ටික විතරයි අපේ ශරීරයට එකතු වෙන්නෙ කියලා. ඒක වැරදි මතයක්.අපි ගන්න ගොඩක් ආහාර පාන වල සීනි සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වෙලා තියනවා.
අප ගන්නා ආහාර මගින් වර්ග දෙකක සීනි ශරීරයට ලැබෙනවා. එනම්,
ස්වාභාවිකව ආහාර වල අඩංගු වන සීනි
අපි පිලියෙල කරල පරිභෝජනයට ගන්න ආහාර සදහා එකතු කරන සීනි
සීනි ඔබේ සිරුරට අවශ්‍ය ඇයි?
සීනි මගින් ශරීරයට ශක්තිය ලැබෙනවා වගේම මිනිස් සිරුරේ ප්‍රධානතම ශක්ති ප්‍රභවය ග්ලූකෝස් නැමැති සීනි වර්ගයයි. ඉතින් හොදින් ක්‍රියාශීලි බවක් ලබා ගැනීමේදී සිරුර වැය කරන්නෙ මේ ග්ලූකෝස් . ඒ අනුව සිරුරේ ක්‍රියාකාරීත්වයට සීනි අවශ්‍ය වෙන බව පැහැදිලියි . එහෙනම් කොයි විදිහටද සීනි සිරුරට අහිතකර වෙන්නෙ? ඉදිරියට මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ ගැනයි..
ගැටලුව කොතැනද?
සීනි වල ඇති විශේෂිතම ගුණාංගයක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය මගින් වේගයෙන් අවශෝෂණය කරගැනීම. ඒ අනුව අපි පරිභෝජනයට ගන්න සෑම ආහාරයකම අඩංගු සීනි ප්‍රමාණය සිරුරට ඉක්මනින් අවශෝෂණය කර ගන්නවා. ගැටලුවක් වන්නේ , අපි ආහාරයට ගන්න කෘතිම කෑම වල වගේම ස්භාවික ආහාර වලත් ඇති සීනි ප්‍රමාණය ඇගට අවශෝෂණය කර ගන්න නිසා දවස අවසානයේ අපි සිරුරේ ක්‍රියාත්මක වීම් සදහා අවශ්‍ය සීනි ප්‍රමාණයට වඩා සීනි ප්‍රමාණය ලබා ගෙන තිබීමයි.
2008 දී ඇමරිකාවේ එකතු කරන ලද දත්ත වලට අනුව, සාමාන්‍ය පුද්ගලයෙකු වසරකට කැටි කළ සීනි කිලෝග්‍රෑම් 28 කට වඩා පරිභෝජනය කරනවා.
දෛනිකව අපේ සිරුරට අවශ්‍ය සීනි ප්‍රමාණය
ඇමරිකානු හෘද සංගමය (AHA) නිර්දේශ කරන ආකාරයට කාන්තාවන් දිනකට පරිභෝජනය කලයුතු සීනි ප්‍රමාණය තේ හැඳි 6 කට (ග්‍රෑම් 25) සීමා කළ යුතු අතර පිරිමින් පරිභෝජනය කලයුතු සීනි ප්‍රමාණය තේ හැඳි 9 (ග්‍රෑම් 37.5) දක්වා සීමා කළ යුතුය.
සුදු සීනි නරකයි දුඹුරු සීනි හොඳයි?
ඒ වගේම අප පරිභෝජනය කරන සීනි වර්ග පිළිබඳව යම් මත පවතිනවා.සුදු සීනි වලට වඩා දුඹුරු සීනි හොඳ බව ඇතැමුන් පැවසුවත් සායනික පෝෂණවේදී වෛද්‍ය රූපාලි දත්තා ට අනුව කැලරි වශයෙන් සහ පෝෂණමය වශයෙන් බැලූ විට සුදු සහ දුඹුරු සීනි යන දෙක අතිශයින්ම සමාන බවක් දක්වනවා. එකම වෙනස තිබෙන්නේ ඒවායේ වර්ණයෙහි, රසයෙහි සහ ඒවා යටත් වන රසායනික ක්‍රියාවලිය අනුව පමණයි.
අධිකව සීනි පරිභෝජනයට ගත්තොත් මොකද වෙන්නේ?
- ස්ථූලභාවයට පත් වීම
- දියවැඩියාව
- දියවැඩියාව නිසා ඇස් , ස්නායු, වකුගඩු වලට හානි වීම
- රුධිර නාල වලට හානි සිදු වීමෙන් බොහෝ විට හෘදයාබාධ හෝ ආඝාතය වැනි තත්ව ඇතිවීම
- දත් කුහර ඇති වීම
- විදුරුමස් දිරායාම
දරුවන්ට දියවැඩියාව වැළඳෙන්න පුලුවන්ද?
වයස අවුරුදු 5ට අඩු දරුවන් තුළ දියවැඩියාව වැළඳෙන එක දුර්ලභයි. නමුත් කුඩා දරුවන්ට දියවැඩියාව වැළඳෙනවා නම් එය ඉතාම බරපතල තත්ත්වයක් බව වෛද්‍ය මතයයි.
කුඩා දරුවන් තුළ දියවැඩියාවේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සති කිහිපයකින් ඉක්මණින් වර්ධනය වෙනවා
දරුවන් තුල ඇතිවෙන දියවැඩියා ලක්ෂන මොනවද?
- දැඩි පිපාසයක් දැනීම
- දැඩිව බඩගිනි දැනීම
- වැඩිපුර මුත්‍රා කිරීම
- නිතර මහන්සි දැනීම
- දුර්වල බව
- ඉක්මනින් බර අඩුවීම
- පෙනීම පිළිබඳව ගැටලු
- ඊස්ට් ආසාදන
- නොසන්සුන් බව
අපි ගන්න ආහාර වල සීනි කොච්චර තියනවද?
- කෝලා බීම වීදුරු 1 – සීනි තේ හැඳි 5
- චොකලට් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 14
- වැනිලා අයිස්ක්‍රීම් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 4.5
- චොකලට් මූස් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 3.75
- වැනිලා පුඩින් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 4.25
- ඩෝනට් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 6.5
- පළතුරු කේක් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 6.75
- යෝගට් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 1.25
- දොඩම් යුශ වීදුරුවක් – සීනි 22g
- බිස්කට් ග්‍රෑම් 100 ක් – සීනි 20.1g
පලතුරු වලින් සිරුරට අවශ්‍ය සීනි ස්වභාවිකව ලබා ගන්න පුලුවන්
පලතුරු වල ස්වාභාවික සීනි ග්‍රෑම් 100 ක් පමණ තිබෙනවා.පලතුරු ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්න සහ සමබර ආහාර වේලක කොටසක් බවත් පලතුරු වල ඇති සීනි සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්නෙ නැති බවත් අන්තර්ජාලයේ සඳහන් වනවා.
- අඹ – සීනි තේ හැඳි 2.77
- කෙසෙල් – සීනි තේ හැඳි 2.48
- ඇපල් – සීනි තේ හැඳි 2.11
- අන්නාසි – සීනි තේ හැඳි 2 යි
- මිදි – සීනි තේ හැඳි 3.14
- ලෙමන් – සීනි තේ හැඳි 0.5 යි
- කිවි – සීනි තේ හැඳි 1.82
දිනකට කොයි තරම් සීනි ප්‍රමාණයක් අප පරිභෝජනය කලත් එය යම් සීමාවක් දක්වා තබා ගත යුතු බව දැන් ඔබට වැටහෙනවා ඇති.අනවශ්‍ය ලෙස සීනි අධික ආහාර ලබා ගැනීම ලෙඩ රෝග වලට අත වැනීමක් නිසා එයින් වැළකීමට වගේම ඔබේ දරුවන් වත් එයින් මුදවා ගැනීමට සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්