විවාහ ජීවිතේ නැවුම් බව හැමදාම රැකගන්න රහස් 9 ක්

විවාහා වී වසර කීපයක් යනකොට ජීවිතය නීරස වෙනවා කියලා ගොඩක් දෙනා කියනවා.එහෙම නොවී ප්‍රීතිමත් සහ සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන්නෙ කොහොමද ? ඒ ගැන අපි අද කතා කරමු.

විවාහය කියන්නෙ ඔබත් ඔහුත් ජීවිත කාලය පුරාවටම එකට ජීවත් වෙන්න ගිවිස ගන්න තැන.ඒ පොරොන්දුව ජීවිත කාලයටම රැකගන්න එක දෙදෙනාගෙම වගකීමක්.විවාහ වෙලා වසර ගණනාවක් ගියාට පස්සෙත් කොහොමද සතුටින් ඉන්නේ ? ඒ ගැන ඔබට මේ ලිපියෙන් දැනගන්න පුලුවන්

තර්ක කරන්න , නමුත් සවන් දෙන්න

සතුටින් ඉන්න යුවළක් අතර තර්ක කිරීම නැත්තේ නෑ. හැම සම්බන්ධතාවයකම එකිනෙකාගේ දෘෂ්ටිකෝණය දැනගන්න තර්ක කරන එක වරදක් නෙමෙයි.හැබැයි ඔබ යම් දෙයක් නැවත පැවසීමට ඔහුට ඉඩ නොදෙමින් සහ ඔහුට ඇහුම්කන් නොදෙමින් තර්ක කරන එක නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි.ඒ නිසා ඔබේ මතයත් කියන ගමන් ඔහුගේ මතයටත් ඇහුම්කන් දෙන්න

ඔබෙ දෙදෙනාගේම දිනයක්

ඔබ දෙදෙනා වෙනුවෙන්ම සතියේ දිනක් හෝ දෙකක් වෙන් කරගන්න.රාත්‍රී ආහාර වේලකට යාමට , චිත්‍රපටයක් නැරඹීමට යාමට හෝ ඇවිදීමට යාමට කාලය යොදවන්න. ඔබ දෙදෙනාගේ අනාගත සැලසුම් ගැන කතා කරන්න , ආදරය කරන්න වගේම දරුවන්ගේ කටයුතු සාකච්ඡා කරන්නත් ඒක හොඳ අවස්ථාවක් වේවි

වටිනාම වචන තුන කියන්න

” මම ඔබට ආදරෙයි ” යන වචන තුන ඔහුට කියන්න ඔබට අමුතුවෙන් කාලය වැය වන්නේ නෑ. ඉතින් දවසට එකපාරක් හරි ඔහුට ආදරය බව කියන්න.එය ඔහුව සතුටට පත් කරන්න වගේම ඔහු වෙහෙස වෙලා ඉන්න වෙලාවක ඔහුව සනසන්නත් හොඳ උපක්‍රමයක්

විශ්වාසය සහ පක්ශපාතීත්වය

මෙය විවාහ ජීවිතයකදි අනිවාර්‍යය දෙයක්. ඔහුගේ ඔබ කෙරෙහි ඇති අවධානය බිඳ වැටෙන මොහොතවල් වලදී ඔහුට වංචා කරන්න ඔබ හිතන්නවත් එපා. ඔබ ඔහුගේ විශ්වාසය රකිනවා නම් , ඔබ ඔහුට පක්ශව ඉන්නවා නම් ඕනෑම ගැටලුවක් විසඳගන්න එක එතරම් ලොකු දෙයක් නෙමෙයි.

ඔබව පාලනය කරගන්න

ඔහු අතින් වන යම් දේවල් වලට ඔබ කෝපයට පත් වෙනවා නම් මුලින්ම ඔබ කරන්න ඕන ඉවසීමයි . මොකද ඔබෙන් පිටවන වචන ආපහු ඔබට ගන්න බෑ.ඔහුගේ හිත රිදෙන වචනයක් කියන්නට කලින් ඔබ ඒ ගැන දෙපාරක් හිතන්න

ඔහුගේ පවුලටත් ආදරය කරන්න

ඔහුගේ පවුලේ අයටත් ඔබ ඔහුට වගේම ආදරය කරන්න ඕන.ඔහු හැමවිටම එය බලාපොරොත්තු වෙනවා.ඒ නිසා ඔහුගේ දෙමව්පියන්ට ,සහෝදරයන්ට වගේම නෑදෑයන්ටත් කාරුණික වගේම ආදරණීය වෙන්න අමතක කරන්න එපා

මුදල් ගැන සාකච්ඡා කරන්න

පවුලේ වගකීම් වලින් බාගයකටත් වඩා ඔහු කරට අරගෙන වැඩ කරන නිසා ඔහුට සහය වෙන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕන.ඒ වගේම අනවශ්‍ය වියදම් කපා හැරලා , මුදල් සම්බන්ධයෙන් අරපිරිමැස්මෙන් කටයුතු කරන්න ඔබ වග බලාගන්න.ඒ වගේම ඒ දේවල් පිලිබඳව ඔහුත් එක්ක සාකාච්ඡා කරන්න

වැරදි පිළිගන්න

ඔබ අතින් වන යම් අඩුවක් හෝ වරදක් ඔහු ඔබට පෙන්වා දෙනවා නම් ඔහුට ස්තූති වන්ත වෙන්න.කිසි විටකත් ඔහු හා තර්ක කරමින් ඔබ නිවැරදි බව කියන්න යන්න එපා.ඔබ නිවැරදි නම් ඒ බව නිහඬව හිතට ගන්න වගේම ඇත්තටම ඔබ අතේ වරදක් තියනවා නම් එය නිවැරදි කරගන්න තරම් ඔබ නිහතමානී වෙන්න

ඔහු හා විනෝද වෙන්න

ඔබ දෙදෙනා විවේකයක් ලද විටක පොඩි හෝ විනෝද ගමනක් යන්න.නැතිනම් පාපැදි පැදීම ,බැඩ්මින්ටන් ගැසීම හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකම් වල ‍යෙදෙන්න.එය ඔබ දෙදෙනාගේම මනස සැහැල්ලු කරගන්න ලොකු උදව්වක් වේවී

ජීවිතය හැමදාම ඒකාකාරී නොවෙනකොට ඔබට තේරෙයි ජීවිතය මොන තරම් සුන්දර එකක්ද කියලා.ඉතින් ඔබේ සහකරු එක්ක සතුටින් ජීවිතය විඳිනකොට ඔබේ විවාහ ජීවිතය ප්‍රීතිමත් සහ සැහැල්ලු එකක් බවට අනිවාර්යයෙන්ම පත් වෙයි.ඒකට අපි ඔබට දුන්න මේ අදහස් ටිකත් ගොඩක් උදව් වෙයි

Related Articles

Don't Miss


Latest Articles