නීරෝගී කීකරු වරලසකට තල තෙල්, පිච්ච මල් සාරය, රතු ළූණු සාරය සහ පොල් තෙල් හි බල මහිමයේ සත්කාරය.

කාන්තා පිරිමි බේදයකින් තොරව අප සියලු දෙනාගේම බාහිර පෙනුම වෙත කොණ්ඩයකට කළ හැකි බලපෑම ඉමහත් ය.  කාන්තා කෙස් කළඹ ඇගේ පෞර්ෂය විදහා දක්වන සාධකයක් ලෙස ද දැක්විය හැකිය. කොණ්ඩය කාන්තාවන්ගේ හිස පැළඳි ආභරණයක් ලෙසින් සළකන්නේ එබැවිනි. ඕනෑම කාන්තාවක් තමන්ගේ රුව පිළිබදව සැළකිලිමත් වනවා හා සමානව තම හිස කෙස්වල රැකවරණය සැලසීම සදහා ද කටයුතු කළ යුතු ය.  බොහෝ කාන්තාවන් කඩා හැලෙන දිගු කොණ්ඩයක් ලබා ගැනීමට උත්සාහ කළත්, වඩාත් වැදගත් වන්නේ තම කොණ්ඩය ශක්තිමත්, නිරෝගී, පිරිපුන් කොණ්ඩයක් බවට පත් කර ගැනීමට උත්සාහ කිරීමයි. 

ස්වභාවික ශාකසාර මගින් හිස කෙස් සත්කාර සිදු කිරීම අතීතයේ පටන්  අද දක්වාම අපේ රටේ ජනයා අනුගමනය කරන්නකි. පරපම්පරා ගණනාවක් පුරාවට අඛණ්ඩව මෙලෙස හිස කෙස් සත්කාර සඳහා දේශීය ස්වහාවික අමු ද්‍රව්‍ය භාවිතා කරන්නේ ඒවායේ ඇති ඖෂධීය වටිනාකම සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ නිසාවෙනි. මෙසේ භාවිතා කරන ස්වභාවික දේශීය අමු ද්‍රව්‍ය අතරින් තල තෙල්, රතු ළූණු සාරය, පිච්ච මල් සාරය සහ පොල් තෙල් යන ස්වභාවික අමු ද්‍රව්‍ය මගින්  හිස කෙස් හා හිස් කබලට ලබා දෙන පෝෂණය මිල කළ නොහැකි තරම් ය.

ඖෂධීය වටිනාකමින් යුත් තල තෙල් භාවිතයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි.  ඖෂධීය තෙල් වර්ග නිෂ්පාදනයේ දී මෙයට ප්‍රධාන තැනක් ලැබේ. හිස කෙස් නිරෝගීව පවත්වා ගැනීම සඳහා තල තෙල්වලින් ලැබෙන සහය ඉතා විශාලය.  අතීතයේ පටන් අද දක්වාම තල තෙල්, කෝමාරිකා, පොල් තෙල්, උළු හාල්, කරපිංචා, අලිගැටපේර යනාදිය සමගින් මිශ්‍ර කර හිසෙහි ගැල්වීම සිදු කරයි. 

තල තෙල්, විටමින් ඊ ඇතුළු පෝෂණීය ගුණයෙන් සපිරි තෙල් වර්ගයක්  ලෙස ආයුර්වේදයේ දැක්වේ. තල තෙල් හිසෙහි ගල්වා මසාජ් කිරීමෙන් හිසේ තෙතමනය පවත්වා ගැනීමටත්, වියලි කෙස් සුමුදු කිරීමටත් හැකියාව ලැබේ.   දිනපතා මෙසේ කිරීමෙන් දීප්තිමත් කෙස් කළඹක් ලබා දෙයි. නිතර තල තෙල් ආලේප කිරීමෙන් හිසට ලැබෙන පෝෂණය නිසා හිසරදය, හිසකෙස් පැසීම හා හිසකෙස් වැටීම වැනි තත්වයන් පාලනය කිරීමට උපකාර වෙනවා මෙන් ම හිසකෙස් වර්ධනය ද ක්‍රමවත්ව සිදු වේ.  හිසට සිසිලසක් ලබා දෙන තල තෙල් සූර්ය කිරණින් හිසකෙස්වලට වන හානිය අවම කරයි.  හිස මත සමේ වියළි ස්වභාවයත්, කැසීමත් අවම කරන  තල තෙල්  හිසරදය සමනය කිරීම සදහා ද  පුරාණයේ සිට භාවිතා කරන ලදි.

රතු ළූණු සිහින්ව අඹරා ලබා ගන්නා යුෂ හිස් කබලේ ආලේප කිරීම නිසා හිස කෙස්වලට ලැබෙන පෝෂණය කෙතරම් ද යන්න පිළිබදව ජනයා අතීතයේ පටන් දැනුවත්ව සිට ඇත. වර්තමානයේ පවා කාන්තාවන් මෙසේ රතු ළූණු සාරය ගෙන හිස මත සමේ ආලේප කරන්නේ ඉන් කේෂ මූලයන් පෝෂණය කරමින් හිස කෙස් වර්ධනය සදහා අවශ්‍ය පෝෂණය ලබා දෙමින් රුධිර සංසරණය ද ක්‍රමවත් කරන නිසාවෙනි. වියළි සහ ඩැමේජ් වූ හිස කෙස් සුවපත් කිරීමට හා හිස කෙස් අග පැලීම  අවම කිරීමට උපකාර කරන රතු ළූණු සාරය නිතර භාවිතයෙන් කොණ්ඩයට දීප්තිමත් බවක් ද ලැබේ.

මානසික ආතතිය, විශාදය වැනි මනස හා බැදි ‍රෝග සමනය කිරීමේ සුගන්ධවත් ඖෂධයක් ලෙසින් සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කරන ජැස්මින් හෙවත් පිච්ච මල් සාරය දේශීය ආයුර්වේදයේ මෙන් ම, ගෝලීය වශයෙන් ද පිළිගත් ඖෂධීය වටිනාකමින් ‍යුත් අමු ද්‍රව්‍යයක් ලෙසින් පිළි ගැනෙයි. පිච්ච මල් සාරයේ අඩංගු  සංඝටක හිස කෙස් කැඩී යාම අවම කරයි.  ස්වභාවික මොයිස්චරයිසරයක් ලෙස කටයුතු කරන පිච්ච මල් සාරය හිස් කබලේ වියළි බව වළකා හිස්සොරි ඇති වීම අවම කිරීමට සහය වේ. පිච්ච මල් සාරය සතු සුවිශේෂී සුගන්ධය සාමකාමී මනසක් පවත්වා ගැනීමට සහය දෙන ආකාරය සැබැවින්ම විශ්මයජනකය.

ශ්‍රී ලාංකික කාන්තාවන් සිය හිස කෙස් වර්ධනය වෙනුවෙන් කරන සත්කාරයන් අතර ප්‍රධන තැනක් ගන්නේ හෙයාර් ඔයිල් භාවිතයයි. හෙයාර් ඔයිල් සමඟින් ස්වභාවික ශාක සාර, ස්වභාවික අමු ද්‍රව්‍ය එක් කර නිවසේ දීම තෙල් මිශ්‍රනයන් සකසා හිසෙහි ගැල්වීමට බොහෝ කාන්තාවන් පුරුදුව සිටියි. මේ වෙනුවෙන් භාවිතා කරන බොහෝ අමු ද්‍රව්‍ය ශ්‍රී ලාංකික ආයුර්වේද උරුමයන් සේ සැළකෙන දේශීය ස්වභාවික අමු ද්‍රව්‍ය වේ.   පොල් තෙල් සමගින් පිච්ච  මල් සාරය සහ තල තෙල් මිශ්‍ර කර හිස මත සමේ ගැල්වීම මෙයට නිදසුනක් සේ දැක්විය හැකිය. එහෙත් සෑම හෙයා ඔයිල් වර්ගයක්ම මෙසේ එක හා සමානව භාවිතා කළ නොහැකි නිසා කාර්යබහුල කාන්තාවන්ටත්, පිරිමි පාර්ශවයටත් මේවා ස්වභාවිකව තිබෙන අයුරින්ම භාවිතයේ දී ගැටලුකාරී වේ. එසේම ඒවායේ පවතින සුවඳත්, ඇලෙන සුළු ස්වභාවයත් නිසා ප්‍රසන්න බවක් ඇති නොකරයි. මේ නිසා රැකියාවක නිරත කාන්තා – පිරිමි දෙපාර්ශවයටම  කාර්යබහුල බවත් සමගින්  නිවසේ දී සකසා ගන්නා හෙයාර් ඔයිල් වර්ග භාවිතය තරමක අපහසුතාවන් ඇති කරයි. 

හඳුන්වා දෙන කුමාරිකා නරිෂින්ග් හෙයාර් ඔයිල් – හෙයාර් තිනින්ග් කොන්ට්‍රෝල්  සාම්ප්‍රදායික හෙයාර් ඔයිල්වලින් වෙනස් ව හිස කෙස්වලට අවශ්‍ය පෝෂණීය බව ලබා දෙමින්, නිරෝගී දිදුලන කොණ්ඩයක් ලබා දීම වෙනුවෙන් කටයුතු කරන්නේ, හිස කෙස් තුනී වීමේ ගැටලුවට විසදුමක් ද සපයමිනි. නිවසේ දීම හිසකෙස් සත්කාර කරන කාන්තා – පිරිමි ඔබට, කුමාරිකා හෙයාර් තිනින්ග් කොන්ට්‍රෝල්  මගින් දෙන නැවුම් සුවඳත්, පෝෂණයත් නිසා නම්‍යශීලී, හැඩකාර කොණ්ඩයක් ලබා ගත හැකිය. රැකියාවක නිරත වන ඔබට, වෘත්තීය පරිසරය තුළ වූව ද, සැකයකින් තොරව භාවිතා කිරීමට හැකි අයුරින් මෙය නිෂ්පාදනය කර තිබීම ඉතා ප්‍රයෝජනවත් වේ.   සියවස් ගණනාවක සිට මෙරට ජනයා භාවිතා කළ ඖෂධීය වටිනාකමින් යුතු ස්වභාවික ශාක සාර හා අමු ද්‍රව්‍ය වන තල තෙල්, පිච්ච මල්  සාරය, රතු ළූණු  සාරය සහ පොල් තෙල් යන  සංඝටක 04  ප්‍රධාන කොට ගනිමින් නවීන විද්‍යානුකූල  භාවිතයන් ඔස්සේ  නිෂ්පාදනය කරන ලද  කුමාරිකා හෙයාර් තිනින්ග් කොන්ට්‍රෝල් කොණ්ඩයේ අවුල් ස්වභාවය ලෙහා දමමින් දිදුලන, කීකරු වරලසක් ලබා ගැනීමට ඔබට  උපකාර කරන්නේ  හිස කෙස් තුළටත්, හිස මත සමටත් පෝෂණය ලබා දෙමිනි.

කාර්යබහුල ඔබේ ජීවන රටාවට ගැලපෙන ලෙසින් පහසුවෙන් හා අඩු කාලයකින් භාවිතා කළ හැකි අයුරින් මෙම කුමාරිකා නරිෂින්ග් හෙයාර් ඔයිල් – හෙයාර් තිනින්ග් කොන්ට්‍රෝල් නිෂ්පාදනය කර ඇත. කුමාරිකා නරිෂින්ග් හෙයාර් ඔයිල් – හෙයාර් තිනින්ග් කොන්ට්‍රෝල් සමගින් නිරෝගී දිදුලන කීකරු වරලසක හිමිකාරිණියක් වන්නට ඔබට හැකි වනු ඇත. මින්  ලැබෙන ප්‍රසන්න සුවඳින් දවස පුරා ඔබව නැවුම්වත්, ප්‍රබෝධමත්වත් තබනු ඇත.

Related Articles

Don't Miss


Latest Articles