මේ ධාන්‍ය වර්ග වැඩිපුර කෑවොත් ඉක්මනින් සිරුරේ බර අඩු කර ගන්නත් පුලුවන්.

සාමාන්‍යයෙන් අපි අතර තියන ප්‍රචලිත මතයක් ධාන්‍ය වර්ග ආහාරයට ගත්විට බර වැඩි වෙනවා කියන එක. ඒ වගේම සමහර අය හිතනව ඕනෑම ධාන්‍ය වර්ගයකින් සිරුරේ බර අඩු වෙනව කියලත්. නමුත් එම මත දෙකම සමහර ධාන්‍ය වර්ග සම්බන්ධයෙන් හැමවිටම සත්‍ය නෙවෙයි .සමහර ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් ඔබේ බර අඩු කර ගන්න ඔබට පුලුවන්.

බර අඩු කර ගන්න හිතනවා නම් අපි තෝරා ගන්න ඕනෑ ස්වභාවික ධාන්‍ය වර්ග, ඒවායේ තන්තු බහුල වීම, අඩු ග්ලයිසමික් දර්ශකයක පැවතීම අත්‍යවශ්‍යයි.ස්වභාවික ධාන්‍ය වර්ග වල විටමින් සහ ඛණිජ ලවණ බහුල නිසා එය හොඳ පෝෂණයක් ද ලබා දෙන්නට සමත්.

අපි බලමු ඔබේ බර අඩු කරන්න සමත් ධාන්‍ය වර්ග මොනවද කියලා.

ස්වභාවික ඕට්ස්

ඕට්ස් වල ඇති ප්‍රතිඔක්සිකාරක නිසා හදවත් රෝගවලින් ඔබ වළකනවා.එහි බීටා ග්ලූකන් තන්තු ද අඩංගුයි. ඕට්ස් ආහාරයට ගත් විට ඔබට උදරය හොඳින් පිරුණු බවක් දැනෙනවා නේද? ජලය අවශෝෂණය කර ගැනීමත් ඉහළ නිසා බර අඩු කර ගන්න කැමති අය ගත යුතුම ආහාරයක් කියලා ඕට්ස් හඳුන්වන්න පුලුවන්

දුඹුරු සහල්

නිවුඩු සහිත රතු බත්, කළු හීනටි වැනි ආහාර ඔබට බර අඩු කරගන්නට ඉතා හොඳින් ගැලපෙනවා.තන්තු ඉහළ මේද අවම ගුණ නිසා ඒවාගේ ඝනත්වය හරිම අඩුයි.ඉතා සුළු ප්‍රමාණයක් අනුභව කරද්දී ඔබේ බඩගින්න අවසන් වෙනවා.

බාර්ලි

බාර්ලි වලට සිරුරේ බර අඩු කර ගන්න පුලුවන් වගේම එහි සිරුරේ කොලොස්ටරෝල් මට්ටම අඩු කිරීමට ද හැකියාවක් පවතිනවා. හැබැයි ඔබ විවිධ සකසන ලද බාර්ලි තෝරා නොගෙන සම්පූර්ණ බාර්ලි ධාන්‍ය නිෂ්පාදනයක් තෝරා ගන්න ප්‍රවේසම් වෙන්න.

බක්වීට් තිරිඟු

එළවළු පමණක් ආහාරයට ගන්නා කෙනෙක්ට ප්‍රෝටීන් ලබා ගන්න බක්වීට් තිරිඟු වලින් හොඳ පිටුවහලක් ලැබෙනවා.ඒවායේ අධික මැග්නීසියම් ප්‍රමාණයක් අඩංගු නිසා රුධිර පීඩනය ද පාලනය වෙන අතර තන්තු ගතිය අධික නිසා සිරුරේ බර අඩු කරගැනීම පහසුයි.

බඩ ඉරිඟු

බඩ ඉරිඟුවල B කාණ්ඩයේ විටමින් සහ මැග්නීසියම්,පොස්පරස් වැනි පෝෂක ද්‍රව්‍ය පවතිනවා.බඩ ඉරිඟු වල කැලරි මට්ටම අඩු නිසා බර අඩු කරන්නට එයත් හොඳ ආහාරයක්.

මයිසූර් පරිප්පු

මයිසූර් පරිප්පු වල මේදය ඇත්තේම නැති තරම්.ප්‍රෝටින් සහ තන්තු ද අධිකව පවතිනවා.විටමින්, සින්ක්,යකඩ,පොටෑසියම් ආදිය අඩංගු මයිසූර් පරිප්පු වල කාබෝහයිඩ්‍රේට් ඉතා අවම ලෙස මන්දගාමීව ජීර්ණය වීම එය බර අඩු කරන ධාන්‍යයක් වන්නට හේතුවක්.

ඔබ මේ ධාන්‍ය ආහාරයට ගැනීම වැඩි කළ යුතු වෙනවා වගේම බර අඩු කරගන්නට කැමැත්තෙන් ඉන්නවා නම් පිරිපහදු කළ ධාන්‍ය භාවිතයෙන් වැලකීමත් වැදගත්.සුදු බත්,තිරිඟු,කුස් කුස් වැනි ධාන්‍ය වර්ග හැකි තරම් ඔබේ ආහාරයෙන් ඉවත් කරන්න. මොකද ඒ ධ්‍යාන්‍ය වර්ග වලින් ඔබේ සිරුරේ බර වැඩි වීමේ ඉඩක් තියනව .

ඔබට සෞඛ්‍යමත් ලෙස බර අඩු කළ හැක්කේ කෑම පාලනය සහ ගැලපෙන ආහාර තෝරාගැනීමෙන්.නිරාහාරව සිටීමෙන් වැළකී මෙවැනි පෝෂණය ඇති නමුත් කැලරි අඩු ආහාර තෝරා ගන්නට සැලකිලිමත් වෙන්න.

Related Articles

Don't Miss


Latest Articles