ජීවිතයේ නිසල රිද්මයට Zen gardens

එන්නම අපේ ජීවිත තරගකාරීයි. අධිවේගී ජීවිත ගතකරන අපට ආතතිය දැනෙනඑක වළක්වන්න බැහැ. ජීවිතයේ නිසල, සංසුන් විවේකීබවක් අත්වඳින්නට අවසරයත් නැහැ. ජපානයේ මේ සඳහා අලංකාර භාවනා කලහැකි සෙන් උද්‍යාන පනවා තිබෙනවා. සෙන උද්‍යාන සෙන් බුදු දහම හා සබැඳුණු විශේෂ සංකල්පයක්. කාර්යාලයෙන් හෝ නිවසින් පිටත කාලය ගතකරන්නට අපහසු අය සඳහාවන කුඩා, මේසය මත තැබිය හැකි සෙන් උයන් දැන් ඉතාමත් ජනප්‍රියයි. මුදලක් වැය නොකර පහත දක්වා ඇති අයුරින් ඔබටම නිර්මාණය කරගන්න පුළුවන්.

Succulent සෙන් උද්‍යානය

unnamed

Succulent කියන්නේ විසතුරු මාංසල පැළයක්. වතුර අවශ්‍යවන්නේ අවම ප්‍රමාණයක් නිසා කල්පවත්වා ගැනීම ඉතාමත්ම පහසුයි. අලංකාර කොළ පැහැය ඇසට සුවබර දසුනක්.  Dwell Beautiful තේමාව යටතේ නිර්මාණය වී ඇති මෙය සුදු කොළ සුසංයෝගය තුළින් minimalistic උයනක සිරිය ගෙනෙයි.

ශෛලමය සෙන් උයන

Crystals සහ ගල් එකතු කර සකසාගන්නා මෙම වර්ගයේ උද්‍යානයක් ඔබේ පරිකල්පනය අනුව පහසුවෙන්ම නිර්මානය කරගත හැකියි. විශේෂයෙන්ම ඔබව සන්සුන් කරවන ගල් වර්ග සහ පැහැයන් යොදාගන්න.

මාළු ටැංකියකට වඩා පහසුවෙන් මෙය භාවිතා කළහැකි අතර හිතවතෙකුට තිළිණකළ හැකි හෘදයාංගම ත්‍යාගයක්ද වනවා. කලබලකාරී දිවියෙන් මොහොතක ඉසුඹුවක් ලබා ජීවිතයේ සාසකාමී රිද්මය හා මොහොතකට එක්වන්නට සෙන් උයනක් අත්හදා බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles