කුඩා කලදීම මාමා විසින් බලෙන් නිල් චිත්‍රපට බැලීමට යොමු කර අපයෝජනය කළ දැරියක්

නිල් චිත්‍රපටි බැලීම ගැන ඔබේ ආකල්පය මොන වගේ එකක් ද? සමහර වෙලාවට ඔබ ඒ ගැන අප්‍රසන්න ආකල්පයක් දරන අතර ඇතැම් විට ඒ සාමාන්‍ය මිනිසෙකුගේ උවමනා එපාකම් කියලා හිතනවා වෙන්නත් පුලුවන්.ඒත් මේවාගේ අතුරු ප්‍රතිඵල නැතුවාම නොවේ.

ඒ වගේම ඔබ අපචාර වලින් දරුවන් රැක ගන්න මහත් වෙහෙසක් ගන්න අම්මලා කියලා අපි දන්නවා.නමුත් ඔබ ලිංගික හිංසනයෙන් දරුවන් රැක ගත්තට දරුවන්ගේ මනස දූෂණය වෙන තැන්ද ඕනෑ තරම් තියෙනවා.

ශානිකා පහළොස් හැවිරිදි රූමත් දැරියක්.ඇය ගැන අම්මා බොහොම ඇහැ ගහගෙන හිටියත් ඇය අපේ කතා බොහොමයක කියැවුණු දැරියන් වගේම පාසල් කාලයේදීම නොගැළපෙන කෙනෙක් සමඟ ප්‍රේමයක් ආරම්භ කරනවා.ඊටත් පසු එය ගෙදරින් සඟවා ගන්න මහත් වෙහෙසක් ගන්නවා.

අම්මා,ලාලිනිට පාසලට යන්නට සිදු වෙන්නේ ශානිකාගේ පන්තිභාර ගුරුතුමියගේ දැනුම් දීම මත.ඇයගේ ප්‍රේමය පාසලට හසු වන්නේ කේලම්කාරයන්ගේ ආරංචි හෝ ගුරුවරුන්ගේ ඇසින් දුටු සාක්ෂි නිසා නොවෙයි.

අන්තර්ජාල සාක්ෂි නිසා.

ඔව්, ඇගේ නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරනවා.

ගුරුතුමිය ඉතා බුද්ධිමත්ව ක්‍රියා කරමින් තමන්ගේ සිසුවියගේ අධ්‍යාපනයට බාධා නොවී ගැටලුව විසඳන්නට ක්‍රියා කරනවා.ඉන්පසු ඉගෙනීමට යොමු කිරීමට පෙර ශානිකාට මනෝ උපදේශනය අවශ්‍ය බවත් සොයා ගන්නවා.

රත්නා පුෂ්පකුමාරි මහත්මිය පවසන පරිදි ශානිකා හොඳ පවුල් පසුබිමක් ඇතිව සිටියදී පවා ඉතා ළාබාළ කාලයේදී ලිංගික ආශාවන් ඇති කරගන්නේ මව නොදැන ඇයට සිදු වූ අපහරණයක් නිසා.ඇගේ සිරුරට කිසිම හානියක් නොවුණත් මනසට හානි වී අවසන්.

“මං තුන වසරෙදි අපේ මාමා මට බ්ලූ ෆිල්ම් එකක් පෙන්නුවා.මට බය හිතිලා එතනින් ගියාට ඒවට ආස හිතුණා.ඒකයි මම රංග එක්ක ඉක්මනින් සෙක්ස් වලට ඇබ්බැහි වුණේ..”

මනෝ උපදේශනය සහ ගුරුවරියකගේ සොයා බැලීම සහ නුවණැති වැඩ පිළිවෙල නිසා ශානිකා දැන් විශ්ව විද්‍යාල සිසුවියක්

ඔබේ දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා ගැන සෙවිල්ලෙන් සිටිය යුතු කාලයක් උදා වී තිබෙනවා. අත ඇති ජංගම දුරකථනය නිසා ඔවුන් ඔබ නැතිව එළියට නොගියත් සයිබර් අපරාධ ගොදුරු වීමේ ඉඩ වැඩියි.

ඔබ ඔබේ දියණිය හෝ පුතා ඉතා ආදරයෙන් රකින බව අපි දන්නවා.නමුත් ඔවුන් කා සමඟවත් තනි නොකළ යුත්තේ මේ නිසා.ඉතා සමීප ඥාතියෙක් කාටුන් එකක් පෙන්වන බව කියා දරුවාට අසභ්‍ය යමක් පෙන්වන්නට ඉඩ නැද්ද?

ඒනිසා ප්‍රවේසම් වෙමු.

Related Articles

Don't Miss


Latest Articles